ඉන්දියාවේ පළමු ප්‍රහාරක ගුවන් නියමුවරියන් තිදෙනා

ඉන්දියාව කියන්නේ කාන්තාවට ඉතා අඩු අයිතිවාසිකම් තියෙන රටක් විට ප්‍රසිද්ධියට පත්ව තියෙනවා. කොහොම වෙතත් ඉන්දියාවේ පළමු ප්‍රහාරක ගුවන් නියමුවන් තිදෙනා පිළිබඳ මේ වන විට ඉන්දියානු මාධ්‍ය කලඹවමින් සිටිනවා. 2020 ජනවාරි මස මුල් සතියේ මෙම ගුවන් නියමුවරිය ඉන්දියාවේ පළමු ප්‍රහාරක ගුවන් නියමුවරියන් ලෙස සිය පත්වීම් භාර ගනු ලැබුවා. ඔවුන් තුන්දෙනා වන්නේ අවානි චාතුර්වේදී, භවානි කාන්ත් හා මෝහානා සෙත්. පත්වීම් ලද පසු සිය මංගල ප්‍රහාරක ගුවන් චාරිකාව ලෙස මේ තිදෙනා පසුගිය 21 දා MiG-21Bison වර්ගයේ ප්‍රහාරක යානාවක නැගී ප්‍රදර්ශන ගුවන් ගමනක් යෙදුණා. මෙම මංගල ගුවන් චාරිකාව සමඟ මොවුන් තිදෙනා ඉන්දීය ඉතිහාසයේ නව පරිච්ඡේදයක් ආරම්භ කළා.
24 හැවිරිදි අවානි චතුර්වේදී හයිද්‍රාබාත් ගුවන් හමුදා ඇකඩමියෙන් සිය ගුවන් පුහුණුව අවසන් කළ අතර ඇය බනස්තාලි විශ්වවිද්‍යාලයේ තාක්ෂණ උපාධිධාරිණියක්. 2014 වසරේදී ඉන්දියානු ගුවන් හමුදාවට බඳවා ගැනීමේ පරීක්ෂණයෙන් සමත් වූ ඇය එම වසරේ සිට ගුවන් හමුදාවෙහි සේවය කරනවා. 2016 වසරේ ප්‍රහාරක ගුවන් යානා පුහුණුව ලැබීම සඳහා ඇය සමග එක් වී සිටි තරුණියන් ගණන හයක්. ආවානිගේ පියා ජලසම්පාදන මණ්ඩලයේ ශ්‍රේෂ්ඨ ඉංජිනේරුවරයෙක්.
ඉන්දියානු ඛනිජ තෙල් සමාගමේ විදුලි ඉංජිනේරුවරයකු වූ නාරායන් ඛාන්ගේ දියණිය වන විසිපස් හැවිරිදි භවානා කාන්ත් ජාතික ආරක්ෂක ඇකඩමිය වෙත අයැදුම්පතක් යොමු කර තිබුණත් ඇයට ඊට ඇතුළු වීමට නොහැකි වූයේ ඒ වන විට ජාතික ආරක්ෂක ඇකඩමියට කාන්තාවන් බදවා ගැනීම සඳහා නීති සකස් කර නොතිබූ නිසා. ඉන්පසු ඇය BMS ඉංජිනේරු විද්‍යාලයෙන් ඉංජිනේරු උපාධිය හදාරා ඉන්දීය ගුවන් හමුදාවට එක්වුණා. ඇය 2010 වසරේ ප්‍රහාරක ගුවන් හමුදා පුහුණුවක් ලැබූ පළමු කාන්තාවන් හය දෙනා අතරට ඇතුළත් වෙනවා.
දකුණු ඉන්දියාවේ අඩු ආදායම්ලාභී පවුලක තරුණියක් වන මෝහනා සෙත් ඉංජිනේරු උපාධිය සමත්වූ පසු තමන්ගේ අධ්‍යාපන මට්ටමට සුදුසු රැකියාවක් ලැබෙනතුරු ගුවන් හමුදාවේ සේවය කිරීම සඳහා අයදුම් කළා. ඉන්පසු ඇගේ අධ්‍යාපන සුදුසුකම් සලකා බැලීමෙන් පසුව ඇයටත් 2016 වසරේ ප්‍රහාරක ගුවන් යානා පුහුණු අවස්ථාව උදා වුණා. ඇය හමුදාවට එක්වූ බව දැනගත් අසල්වැසියන් ඇගේ දෙමව්පියන්ට අපහාස කරමින් බැණ වැදුණු අවස්ථා තිබුණ බව මෝහනා මාධ්‍යයට පවසා සිටියා.
මෙම තරුණ ගුවන් නියමුවරියන් තිදෙනාගේ පත්වීමෙන් ලැබීමෙන් පසු මංගල ප්‍රහාරක ගුවන් ගමන පැය එකහමාරකට සීමා වූ අතර එය උපරිම පැයට කිලෝමීටර 340 ක වේගයක් ලෙස වාර්තාවී තිබුණා. ඉන්දියානු ගුවන් හමුදා පවසන්නේ එය මෙම ආධුනික නියමුවරියන් සඳහා ඉතා හොඳ වේග සීමාවක් බවයි. ඉන්දියා ටුඩේ නම් ඉන්දියාවේ වෙබ් අඩවිය වාර්තා කර තිබෙන්නේ දෑවැදි නොමැතිව විවාහයට මඟ බලාගෙන සිටින ඉන්දියානු තරුණියන් හට මේ තිදෙනා මහඟු ආදර්ශයක් සපයන ඇති බවත් මෙතැන් පටන් ඉන්දියානු තරුණියන් ගුවන් හමුදා සේවයට වැඩි වැඩියෙන් ඇතැයි කියලා.
by Dilki Shamani
Photo Source: Internet
617 Views
Comments