ඉරානයේ මෝෂෙන් මක්මක්බාෆ් ගේ මාග්‍රේ ඇන්ඩ් හර් මදර්

1957 වසරේදී වසරේ දී උපත ලද මෝෂෙන් මක්මක්බාෆ් 17 හැවිරිදි වියේදී ඉරානයේ ෂා පාලනයට එරෙහිව පොලිස් නිලධාරියකු මරා දැමීම නිසා මරණය නියම වූ පුද්ගලයෙක්. ඉරාන විප්ලවය සමග ඔහුට නිදහස ලැබුනා. පසුව ඔහු සිනමාවට පිවිසෙන්නේ තිර නාටක රචකයකු හැටියට. ඔහුගේ මුල්ම චිත්‍රපටය 1983 වසරේ අධ්‍යක්ෂණය කරනු ලැබූ අතර එය මරණ දණ්ඩනය ලැබූ තරුණයකු පිළිබඳ අත්දැකීමක්. එය ඔහුගේම පැරණි අත්දැකීම අනුව තැනූ සිනමා නිර්මාණයක්. එහි ප්‍රධාන චරිතය රඟපෑවේ පසුකල ඉරාන සිනමාවේ විශිෂ්ට විශිෂ්ටයෙකු වූ මජිඩි මජිඩි. මක්මක්බාෆ් ලොව පුරා ප්‍රචලිත වන්නට පටන් ගත්තේ 1987 වසරේ වසරේදී අධ්‍යක්ෂණය කරන ලද සයික්ලිස්ට් චිත්‍රපටය සමඟයි. ගැබා, කාන්දාර්, සලාම් සිනෙමා ඔහු තැනූ සෙසු චිත්‍රපට වෙනවා. වර්තමානයේ මක්මක්බාෆ්ගේ පවුලේ සියල්ලෝම සිනමාකරුවො. ඔහුගේ භාර්යාව මාරිෂේ චිත්‍රපට අධ්‍යක්ෂ හා කැමරා අධ්‍යක්ෂකවරියක්. ඔහුගේ දියණියන් දෙදෙනාම සිනමාකාරිනියන් ලෙස ප්‍රකටයි.
මක්මක්බාෆ් නිර්මාණය කළ නවතම සිනමා කෘතිය පාදක කරගෙන තියෙන්නෙ ඉතාලිය. එය මාග්‍රේ ඇන්ඩ් හර් මදර් ලෙස නම් ලෙස නම් කර තියෙනවා. එහි සම තිර නාටකය මෝෂෙන් සමඟ රචනා කරනු ලැබූවේ භාර්යාව වන මරීෂේ වන අතර කැමරා අධ්‍යක්ෂණය සහ සංස්කරණය නිෂ්පාදනයද පුත්‍රයා වූ මේෂම්ගේ. ඉරානයේ ජනජීවිතයට ලෝකයට ගෙන ගිය මක්මක්බාෆ්ට පසුගිය කාලයේ සිදු වූයේ වෙනත් රටවල සිට සිනමා නිර්මාණකරනයේ දෙන්නට.
මාග්‍රේ ඇන්ඩ් හර් මදර් පරම්පරා තුනක් නියෝජනය කරන චිත්‍රපටක්. ප්‍රධාන චරිතය මාග්‍රේ සහ ඇගේ මව වන ක්ලෝඩියා වටා ගෙතුනද එයට පරිබාහිරව ගොඩනැගෙන වැඩිමහල් චරිතය මේ පරම්පරා තුනේ අක්මුල් සපයනවා.
ක්ලෝඩියා 22 වියේ පසුවන තරුණියක්. බැලූ බැල්මට දුරක් ආපසු හැරී බලන්නට තරම් ලස්සන ක්ලෝඩියා ඇගේ සය හැවිරිදි දියණිය මාග්‍රේ සමග කුඩා නිවහනක ජීවත්වෙනවා. යොවුන් වියට එළඹෙත්ම ක්ලෝඩියා වෙනත් යොවුන් තරුණියන් මෙන් දහසක් දී සිහින දකිනවා. සිනමා කෘතිය ආරම්භ වන්නේ ඇගේ අලුත් පෙම්වතා සමඟ ඇතිවු ප්‍රේම සම්බන්ධතාව බිඳ වැටීමත් සමඟයි. මේ ගුස්පේ මාග්‍රේගේ පියා නොවුවද දැරියට බෙහෙවින් ඇලුම් කරන බව පෙනී යන කාරණයක්. වෙළෙඳසලක සේවය කරමින් වුවද රියැලිටි ෂෝ වලට සහභාගි වෙමින් කීයක් හෝ උපයාගන්නට වෙරදරන ක්ලෝඩියා හෝ සිය මිතුරිය සමග චිත්‍රපටයක රඟපෑමේ අවස්ථාව ලබාගන්නවා. ඔවුන්ට හමුවන තරුණයන් දෙදෙනාම මුලින් පෙනෙන ධනවතුන් ලෙස වුවත් පසුව ඔවුන්ද මේ තරුණියන් දෙදෙනාගේම එනම් රැකියා විරහිත පන්තිය බැව් පසක් වෙනවා. ඒත් මේ හමුවීම ජීවිතයේ අලුත් පෙදෙසකට ඇයව ගෙන යනවා.
ක්ලෝඩියා පවට බය ස්ත්‍රියක්. එහෙත් ඇගේ මිතුරිය එතරම් ආගමික නැඹුරුවක් නැහැ. ඇය පල්ලියේ ඉහල ඇති ඝාණ්ටාරය වෙත ගමන් කරනවා. මුළුමහත් ඝාණ්ටාරය මලානික ආලෝකයෙන් වී ඇත්තේ අතීත අනාගතයේ එකසේ මිශ්‍ර වූ ආකාරයටයි.
සිනමාකරු විටෙක ජීවිතය දෝලනය කරන්නේ ත්‍රාස්‍ය හා ආදරයට. අවිනිශ්චිත අනාගතයට විටෙක ඉතාලියේ නවරැල්ල විටෙක ප්‍රංශ සිනමාවේ නවරැල්ල මෙහි නිරූපනය කරන බව සිහිපත් කරනවා. ඔහු සිය සුපුරුදු ශෛලියෙන්ම සිනමා සංගීතය භාවිතා කරන්නේ අල්ප වශයෙන්. පැරණි රෝම ගෘහ නිර්මාණ සිහිගන්වන පටු මාවතේ නූතන පැරණි ගෘහ නිර්මාණ එකතු එකිනෙක බද්ධ කරමින් කැමරාව මිනිස් ඉරණම පිළිබඳ කතාවක් කියනවා. ඉඩලද අවස්ථාව ඔබත් මේ නිර්මාණය රස විඳින්න.
by Dilki Shamani
Photo Source: Internet
613 Views
Comments