රස ගුණ සපිරි එළකිරි

කුඩා කාලයේදී ළදරුවාට සුදුසුම ආහාරය මව්කිරි බව අමුතුවෙන් කිව යුතු නොවේ. මව්කිරිවල දරුවාට අවශ්‍ය වන සියලු පෝෂය පදාර්ථ නියම ප්‍රමාණවලින් අඩංගු වේ. මව්කිරි වෙනුවට එළකිරි හෝ පිටිකිරි හෝ දීම මගින් දරුවාට මව්කිරි වලින් ලැබෙන පෝෂණය තරම් හොඳ නියම පෝෂණයක් නොලැබේ. මක්නිසාද හරකාගේ කිරි සංයුතිය තැනී තිබෙන්නේ මිනිස් පැටියාට සුදුසු වන පරිදි නොව හරක් පැටියාට සුදුසු වන පරිදි නිසාය. කෙසේ වෙතත් මිනිසා විසින් එළකිරි හෝ එළුකිරි හෝ පානය කිරීමේදී මව්කිරි වල සංයුතිය ගැලපෙන පරිදි එය නැවත සකසා ගත යුතුවේ. දොවාගත් එළකිරි වීදුරුවකට සමාන ප්‍රමාණයක් ජලය දමා සීනි මේස හැන්දක් එය තුළ දියකර ගත් විට එය මිනිසාගේ පානය සඳහා සුදුසු වේ. පොදුවේ ගත් කල කිරි වල ජලය, ලැක්ටෝස් සීනි, protein, මේදය, විටමින්, කැල්සියම් සහ පොස්පරස් වර්ග ද අඩංගුයි.
එළකිරි වල විවිධ ප්‍රෝටින් වර්ග ඇත. එහි ඇති සමහර ප්‍රෝටීන් මගින් මිනිසාට අහිතකර ආසාත්මික හෙවත් ඇලජික් තත්ත්වයන් ඇතිකළ හැකියි. සමෙහි පලු සහ කරප්පන් මතුවීම, දද ඇතිවීම සිදුවේ. සෙම් රෝග ඇදුම සහ පීනස ලෙස සාමාන්‍ය ජනයා හඳුන්වන්නේ මෙම ආසාත්මිකතා වන්ය. එයට ප්‍රධාන හේතුව වන්නේ ද එළකිරිවල අඩංගු වන බීටා ලැක්ටෝ ග්ලොබියුලින් නැමැති ප්‍රෝටීනය. එළකිරි ගුණදායි පානයකි. එහෙත් එළකිරි බොන විට ඉහත කී ආසාත්මිකතාවක් ඇති වෙනවා නම් එළකිරි පානය නතර කරන්නට සිදුවේ. සමහර අයට එළකිරි වැඩිපුර පානය කළ විට බඩ බුරුල් වේ. පාචනය ඇති වේ. එයට හේතුව අපගේ සිරුර තුළ කිරි වල ඇති ලැක්ටෝස් නැමැති සීනි වර්ගය ජීර්ණය කිරීම සඳහා ලැක්ටෝස් නමැති එන්සයිම ප්‍රමාණවත්ව නොතිබීමයි. එවැනි අය කිරි පානය අඩු කළ යුතුයි. එළකිරි නිසා ආසාත්මිකතා ඇතිවන අයට එළු කිරි බොන්නට පුළුවනි. එළු කිරි වල ආසාත්මිකතාව ඇති කළ ප්‍රෝටීනය නොමැති නම් රෝග ලක්ෂණ මතු නොවනු ඇත.
මුදවපු කිරි, යෝගට් සහ කිරි මෝරු කිරි මගින් සාදනු ලබන අතුරු ආහාරයන් ද මෙහිදී තෝරාගත් බැක්ටීරියාවන් කිරි මත ක්‍රියා කොට කිරි කැටි ගැසීම සිදු කරයි. මුදවපු කිරි සහ යෝගට් වල අඩංගු බැක්ටීරියා අප සිරුරට හිතකර බැක්ටීරියාවන් ය. මෙම බැක්ටීරියාවන් මගින් විටමින් වර්ගද සාදනු ලබයි. එළකිරි නිසා හටගන්නා සමහර අසාත්මිකතාවන් මුදවපු කිරි නිසා ඇතිවන්නේ නැත. විෂබීජ නිසා ඇතිවන කැස්ස උණ පාචනය මුත්‍රා දැවිල්ල වැනි ආසාදිත අවස්ථාවන් සඳහා ප්‍රතිජීවක ඖෂධ භාවිතා කරනු ලැබේ. එවිට බඩවැලේ ඇති හිතකර බැක්ටීරියාවන් විනාශ වී යයි. යෝගට් හෝ මුදවපු කිරි ආහාරයට ගැනීම මගින් නැවත බඩවැල තුළට අපට හිතකර බැක්ටීරියාවන් ඇතුළු කළ හැකියි. එවිට ප්‍රතිජීවක භාවිතය නිසා හටගන්නා බඩ බුරුලට යාම හෝ පාචනය හෝ මඟහරවා ගත හැකියි. මෙවැනි රසවත් සහ ගුණදායක එළකිරි සතියකට වරක් හෝ පානය කිරීම සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් ගත කිරීම සඳහා යෝග්‍ය වනු ඇත.
by Sachini Sooriyaarachchi
Photo Source: Internet
1611 Views
Comments