කාන්තාව හා අවුරුදු සිරිත් විරිත්

උදාවෙන නියමිත වෙලා තියෙන සිංහල හින්දු අලුත් අවුරුද්ද හැමෝටම සුභ ආරංචි මැද සමරන්න හැකි හැකිවේවායි ප්‍රාර්ථනා කරනවා. කාන්තාව හා බැඳුණු අවුරුදු සිරිත් විරිත් බොහොමයක් පවතින බව අපි දන්නවා. විශේෂයෙන් අවුරුද්ද සමඟ බැඳුණු නැකතට වැඩ කිරීම කියන කාරණයට අපේ සම්ප්‍රදාය තුල හිමිවන්නේ සුවිශේෂී ස්ථානයක්. එම කාරණයේදී කාන්තාව සතු වගකීම ද සුළුපටු වෙන්නේ නෑ. සාමාන්‍යයෙන් නැකතට කටයුතු ආරම්භ කිරීම තුළ සුබඵල උදාවේ යැයි යන මතය අපේ සමාජයේ අනාදිමත් කාලයක පටන් මුල්බැස ගෙන තියෙන අදහසක්. වර්තමානයේ බොහෝ දෙනෙක් නැකැත් චාරිත්‍ර සිය ජීවිතය හා බද්ධ කර ගනිමින් කටයුතු කරන්නේ නැකැත් චාරිත්‍ර වාරිත්‍ර වල විශේෂ වූ වටිනාකමක් අපේ සම්ප්‍රදාය තුළ තවමත් හිමිව තියෙන නිසයි. ඒ අනුව නැකතට කිරි ඉතිරවීම ගිනි මෙලවීම හිසතෙල් ගෑම ආදී කටයුතු නිසා නිවසට සෞභාග්‍යය නිවැසියන්ගේ ලෙඩදුක් මිදී යහපත් ජීවිතයක් උදා වනු ඇතැයි අපේක්ෂා කරනවා. ඒ අපේක්ෂාව මත හිඳිමින් නැකතට ආහාර අනුභව කළා හා සමානවම මුළු වසර පුරාම ආහාරයෙන් සුඛිතමුදිත වනු ඇතැයිද අපි බලාපොරොත්තු වෙනවා.
අද වනවිට ඒ චාරිත්‍ර වාරිත්‍ර වත්මන් සමාජය නොගැලපේ යැයි කෙනෙකුට හිතෙන්න පුළුවන්. නමුත් එදා සමාජයට වඩා ඒ සිරිත් විරිත් ගැලපෙන්නෙ වර්තමාන සමාජයට. එහෙත් ඒ පිළිබඳව බොහෝ දෙනෙක් තුළ ඇත්තේ අල්ප වූ විශ්වාසයක්. එදා සමාජය තුළ පවුලේ සාමාජිකයන් අතර මෙන්ම අසල්වැසියන් අතර දකින්න ලැබුණේ ලෙන්ගතු බැඳීමක්. ඒ බැදීමේ පදනම අතිශය ශක්තිමත්ව තිබූ අන්දම අතීත සාක්ෂි දරනවා.
නමුත් අද පවුලේ අය සමඟින් හෝ එවන් ලෙන්ගතු බැදීමක් දකින්න ලැබෙන්නේ කලාතුරකින්.ඒ අනුව අවට සමාජය සමග පවතින සබදතා ගිලිහී ගොස් තියෙන්නේ බොහෝ කල්. ඒ විදියට පවුල හා අවට සමාජය සමගින් පවතින සම්බන්ධතා බිඳ වැටීමට බලපාන මූලික හේතුව ලෙස කාර්යබහුලත්වය ගෙනහැර දැක්වීමට අද බොහෝ දෙනෙක් උත්සාහ කරන නමුත් කාර්යබහුලත්වයට එහා ගිය වෙනත් වෙනත් හේතු එසේ පුද්ගලයින් සම්බන්ධ කිරීමට බලපාන බව පැහැදිලි වෙනවා.
ඇත්තටම අද කළ යුතු වන්නේ අන්න ඒ තත්ත්වයෙන් මුදවාගෙන නැවතත් අතීතයේ තිබුණු අන්‍යෝන්‍ය බැඳීමෙන් යුක්තව සමාජ ක්‍රමය විද්‍යාමාන කිරීමයි. මනෝවිද්‍යාත්මකව පවා පෙන්වා දෙන්නේ පවුලේ අය එකට එකතුවී ආහාර අනුභව කරන ලෙසයි. ඒ අන්දමට එක් කෑම වේලක් හෝ එක්ව ගත හැකිනම් එමගින් පවුල තුල මනා සන්නිවේදනයක් ගොඩනැගීම සිදුවෙනවා. එය අද වන විට අපට අමතක වෙමින් තිබුනද අලුත් අවුරුද්දත් සමඟ අලුත් වන සිතුවිලි සමඟ ඒ තත්ත්වය නිරායාසයෙන්ම උදා වෙනවා. එහි මූලික වගකීම පැවරී ඇත්තේ කාන්තාවටයි. ඇය දැනුවත් නම් අද වන විට ගිලීමෙන් පවතින පවුලේ ආදරේ අන්‍යෝන්‍ය බැඳීම සහ ආරක්ෂාව කියන හැඟීම නැවත ඉස්මතු කරගන්න කොහොමටවත් අමාරු වෙන්නේ නෑ.
විශේෂයෙන්ම කාන්තාවක් තුළ පවතින සක්‍රීයභාවය නිවසට අලුත් අවුරුද්දේ තිබෙන සතුට රැගෙන එන එන්න සමත් වෙනවා. එතැනදී මවකට සහෝදරියකට දියණියකට පැමිණ වගකීම විවිධාකාරයි. ඒ වගකීම එකිනෙකා අතර බෙදී ගියත් තම තමන්ගේ පවුල වෙනුවෙන් යම් යුතුකමක් ඉටු කිරීමට ඇති බව මේ අලුත් අවුරුද්දේ මතක් කරදෙනවා.
by Dilki Shamani
Photo Source: Internet
1153 Views
Comments