යතුරු පුවරුවක් නිවැරදිව භාවිතා කරන්නේ මෙහෙමයි

වදන් සැකසීමේ මෘදුකාංග යොදාගෙන ලේඛන නිර්මාණය කිරීම සඳහා යතුරුපුවරුව භාවිතය අත්‍යවශ්‍යයි. නිවැරදිව යතුරු පුවරුව භාවිතයට හුරු වීමෙන් ලේඛන කටයුතු ඉතා පහසුවෙන් සහ කාර්යක්ෂමව ඉටු කර ගත හැකිය. යතුරු පුවරුවේ ඇති යතුරු ඒවා භාවිතා කරන කාර්යය අනුව කොටස් කිහිපයකට බෙදිය හැකිය. මෙහෙයුම් යතුරු, කාර්යය යතුරු, අනුලක්ෂණ යතුරු, සංචලන යතුරු සහ සංඛ්‍යා යතුරු යනාදිය එම කොටස් කිහිපයයි. සාමාන්‍ය යතුරු පුවරුවක අක්ෂර යතුරු පිහිටා ඇති ආකාරය සලකමින් එය QWERTY යතුරු පුවරුව ලෙසද හඳුන්වයි. සමහර අවස්ථාවලදී මීට යම් තරමක වෙනස්කම් සහිත යතුරු පුවරු ද දැකගත හැකිය. අපට එදිනෙදා ජීවිතයේදී වඩාත් වැදගත් වන යතුරු පුවරුව නිවැරදිව භාවිතා කරන අකාරය පිළිබඳව පහතින් දැනුවත් වෙමු.
නිවැරදි ඉරියව් සහිතව යතුරු පුවරුව ඉදිරියේ හිඳ ගැනීමෙන් යතුරු ලියනය කිරීම වඩාත් සාර්ථකව සිදුකර ගත හැකිය. වැරදි ආකාරයෙන් ඉද ගැනීම මගින් දෑත් ,බෙල්ල, කොඳු ප්‍රදේශය සහ අනෙකුත් සන්ධි පීඩාවට පත්වීමට පුළුවනි. තවද යතුරු ලියනය කිරීම සඳහා හිඳගත් විට යතුරු පුවරුවේ ස්පේස් බාර් සිරුරට හරි මැදින් තිබීම අවශ්‍ය වේ. එමගින් යතුරු පුවරුවේ සියලු යතුරු පහසුවෙන් හැසිරවීමේ හැකියාව ලැබේ. තවද යතුරු ලියනය කරන සෑම විටම දෙඅත් යතුරු පුවරුවේ යතුරු වලට ඉහලින් එනම් යතුරු පුවරුවේ හෝ මේසය මත ස්පර්ශ නො වී තිබිය යුතුය. එමගින් ඇඟිලිවල ඇදීම් ඇතිවීම වැළකේ. නිතරම අත්ල හෝ වැලමිට මේසය මත තබාගෙන යතුරුලියනය කිරීම නිසා ඇඟිලි වල දීර්ඝකාලීන ආබාධ පවා ඇති වීමට ද පුළුවනි. සාමාන්‍යයෙන් යම් අකුරක්, ඉලක්කමක් හෝ සංකේතයක් යතුරුලියනය කර ගැනීම සඳහා අදාල යතුර මෘදුව එබීම ප්‍රමාණවත්ය. ඒ සඳහා දැඩි පීඩනයක් යතුර මත ඇති කිරීම අනවශ්‍ය ක්‍රියාවකි. එසේ කිරීම මගින් ඇඟිලිවල අපහසුතා ඇතිවීම මෙන්ම යතුරු පුවරුවේ යතුරු ඉක්මනින් ගෙවී යාම ද සිදු විය හැකියි. පරිගණකයක් සමඟ කටයුතු කිරීමේදී යතුරුලියනය නොකරන අවස්ථාවල දෑතට විවේකයක් ලබාදීම වැදගත්ය. මේ සඳහා දෑත නිදහස්ව මේසය මත හො උකුල මත තබාගෙන සිටිය හැකිය. වර්තමානයේ දී ස්පර්ශ යතුරුකරණය බහුලව භාවිතා වේ. ස්පර්ශ යතුරුකරණය නිවැරදිව පුහුණු වීම මගින් බොහෝ වාසි ලබාගත හැකිය. මේ සඳහා භාවිතා කළ හැකි වඩාත්ම සුදුසු සහ පහසු ක්‍රමය ලෙස යතුරු පුවරු පුහුණු මෘදුකාංග භාවිතය දැක්විය හැකිය. මේ සඳහා ඔබට අන්තර්ජාලය භාවිතයෙන් විවිධ මෘදුකාංග සොයා ගත හැකිය.
by Sachini Sooriyaarachchi
Photo Source: Internet
2013 Views
Comments