උදම් රළින් ලංකාවට විදුලිය
For Sri Lankan's Overseas
Latest_News
calendar
NOV
17

උදම් රළින් ලංකාවට විදුලිය

උදම් රළින් ලංකාවට විදුලිය

ශ්‍රී ලංකාව ඇතුළු ලෝකයේ සංවර්ධය පඬමින් පවතින සෑම රාජ්‍යයක් ම සිය බලශක්ති අවශ්‍යතාව සපුරාගැනීම සඳහා තම රටවල් සතු බලශක්ති උත්පාදන හැකියාව ඉහළ නැංවීමට ඇති හැකියාව පිළිබඳ සැලකිල්ලක් දැක්වීමට ඒ ඒ රජයන්ට සිදුව ඇත. ඒනුව පුනර්ජනනීය බලශක්ති ප්‍රභව කෙරෙහි සිය අවධානය යොමු කිරීමට සිදුව ඇත. පුනර්ජනනීය බලශක්ති ප්‍රභව අතුරින් සමුද්‍රීය බලශක්තියට හිමි වන ස්ථානය පිළිබඳ මෙහි දී සිහිපත් කිරීම ඉතා වැදගත් ය. සිවුදෙසින්ම සමුදුරන් වට වූ දිවයිනක් වන ශ්‍රීලංකාව සඳහා බලශක්තිය උත්පාදනය කිරීමට සාගරය උපයෝගී කරගත හැකි බව මෙහි දී අප අමතක කළ යුතු නැත.


වර්තමානයේ දී ශ්‍රී ලංකාව තුළ සුළං හා සූර්‍ය බලශක්ති ප්‍රභවවලින් සැලකිය යුතු භාවිතයක් කරන බව සත්‍යකි. නමුත් මෙරට සමුදීය බලශක්ති උත්පාදන ක්‍රියාවලිය තවමත් පවතින්නේ පූර්ව වාණිජ අවධියේ ය. මේ නිසා සාගරය පදනම්ව සිදුකරන බලශක්ති ජනන කටයුතු තවදුරටත් සංවර්ධනය කළ යුතු බව අප වටහාගත යුතු ය.


පොසිල ඉන්ධන පදනම් වු ආර්ථිකය ස්වයං පුනර්ජනනීය බලශක්තිය මත පදනම් වූ ආර්ථීකයක් වෙත පිය නැගීම ඕනෑම රටකට විශාල අභියෝගයක් වනු ඇත. එහෙත් රටක වැසියන්ගේ ජීවන තත්ත්වය ඉහළ යෑමත් සමග එහි ප්‍රතිලාභ ඔවුන්ට ලබාදිය හැකි ය. එවෑනි තත්වයක් හමුවේ වැඩිවන විදුලිබල ඉල්ලුම් සපුරාලීම් සඳහා වෙනත් ප්‍රභව වල බලාගාර ස්ථාපිත කිරීමක්ද රජයන්ට සිදු වනු ඇත. කෙසේ වෙතත් ශ්‍රී ලංකාව දැනටමක් ඒ අභියෝගය බාරගැනීමට සූඳානමින් සිටී. මොරොක්කෝවේ මරකම්හි දී පැවැති එක්සත් ජාතීන්ගේ සංවිධානයේ දේශගුණ විපර්යාස පිළිබඳ සමුළුවේ 22 වැනි සැසි වාරයේ දී 2050 වසර එළඹෙන විට පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් ගෙන් පමණක් විදුලිය ජනනය කිරීම කෙරෙහි වූ එකඟත්වයකට ශ්‍රීලංකාව අත්සන් තබා ඇත. 2050 වන විට ලංකාව සුනිත්‍ය බලශක්ති ප්‍රභවයන්ට භාවිතයට පමණක් සිදුකිරීමට දැනටමත් සැලසුම් කර තිබේ නම් ඒ පිළිබඳ මූලික අවශ්‍යතාවයන් නිසි ලෙස සැලසුම් කිරීම අත්‍යාවශ්‍ය කාරණයක් වී තිබේ.

 


ආර්ථික මටිටමකට හිමිකම් කියන රකට අති විශාල අභියෝගයක් වනු ඇත. එහත් රටක වැසියන්ගේ ජීවන තත්වය ඉහළ යෑමත් සමඟ රටෙහි බලශක්ති ඉල්ලුම ශීඝ්‍රයෙන් ඉහළ යෑම නොවැළැක්විය හැකි ය. එවැනි තත්වයක් හමුවේ වැඩි වන බලශක්ති ඉල්ලුම සපුරාලීම සඳහා අතිරේක බලාගාර ස්ථාපිත කිරීමට රජයන්ට සිදු වනු ඇත. කෙසේ වෙතත් ශ්‍රී ලංකාව දැනටමත් ඒ අභියෝගය බාරගැනීමට සූදානමින් සිටී. 2050 වසර වන විට ශ්‍රී ලංකාව තුළ ජනනය කළ යුතු සමස්ත විදුලිය ප්‍රමාණය සම්බන්ධයෙන් ආසියා සංවර්ධන බැංකුව වාරිතාවක් සම්පාදනය කොට ඇත. එකී වාර්තාවට අනුව 2025 වසර වන විට ශ්‍රී ලංකාවේ සමස්ත බලශක්ති අවශ්‍යතාව ගිගා වොට් 3.7 80 34 දක්වා ඉහළ යනු ඇත. ඒ පරිමාණය දක්වා විදුලි ජනනය ඉහළ නැංවීමට ඇමෙරිකානු ඩොලර් බිලියන 34න් 6ත් අතරමුදල් ප්‍රමාණයක් ආයෝජනය කිරීමට සිදු වනු ඇති බව ඒ වාර්තාව හරහා අනුමාන කෙරේ. මීට අමතර ව 2050 වසර වන විට මෙරට බලශක්ති අවශ්‍යතාව සපුරාලීම සඳහා දායක කරගැනෙන බලශක්ති ප්‍රභව පිළිබඳව ද උක්ත වාර්තාවේ සඳහන් ය. ඒ අනුව 2050 වසර වන විට සුළං බලාගාර භාවිතයෙන් හිගා වොට් 15ක් ද සූර්ය පැනල භාවිතයෙන් ගිගා වොට් 16ක් ද උෂ්පාදනය කිරීමට ශ්‍රී ලංකාවට සිදු වනු ඇති අතර ඉතිරි ගිගා වොට් 3ක බලශක්ති ප්‍රමාණය ජනනය කරගත යුතු වන්නේ ජල විදුලි බලාගාර ඇතුළු අනෙකුත් පුනර්ජනනීය බලශක්ති ප්‍රභව යොදාගනිමිනි.

 

 

 

 

 

 

 

by Dilki Shamani

Photo source : Internet

views

660 Views

Comments

arrow-up