ලොව පුරා රටවල් ගැන ඔබ නොදත් කරුණු. - 01
For Sri Lankan's Overseas
Latest_News
calendar
MAR
04

ලොව පුරා රටවල් ගැන ඔබ නොදත් කරුණු. - 01

ලොව පුරා රටවල් ගැන ඔබ නොදත් කරුණු. - 01

ලෝකයේ අද වන විට නිල, ස්වෛරී රාජ්‍යයන් එහෙම නැතිනම් ස්වාධීන රටවල් 195ක් තිබෙනවා. කලින් කලට සිදුවන සිදුවීම්, ස්වාභාවික පිහිටීම්, සංචාරක ආකර්ශන ස්ථාන, දේශපාලන සිද්ධීන්, ක්‍රීඩා, සිනමාපට ආදී එකී නොකී දේවල් නිසා එක් එක් රටවල් ජනප්‍රියත්වයට පත් වී තිබෙනවා. ලොව පුරා රටවල් ගැන ඔබ නොඇසූ කරුණු එකතු කරමින් ලිපි පෙලක් ගෙන ඒමට බලාපොරොත්තු වෙනවා. මේ එම ලිපි පෙලේ ආරම්භක ලිපියයි.

 

 

01. ඇෆ්ගනිස්තානය

 

ඕනෑම රටකට ඒ රටට ආවේකින වුණු රටේ අභිමානය කියාපාන ජාතික කොඩියක් තිබෙනවා. ඇෆ්ගනිස්තානයේ ජාතික කොඩිය 20 වන ශතවර්ෂයේදී 18 වතාවකුත් ඊට පසුව නැවත සිව් වතාවකුත් වෙනස් කර තිබෙනවා. 2013 වසරේදී වෙනස් කරන ලද ජාතික කොඩිය තමයි ඇෆ්ගන් ජාතියකයන් විසින් දැන් භාවිතා කරන්නේ.

 

02.අල්බේනියාව

 

අල්බේනියාවේ කොන්ක්‍රීට් බන්කර 173,000ක් පමණ තිබෙනවා යැයි ඇසුවොත් ඔබ පුදුම වේවි. සාමාන්‍යයෙන් එය වර්ග සැතපුමකට බන්කර 15ක් ලෙසයි සදහන් වන්නේ.

 

03. ඇන්ඩෝරාවා

 

 

ගුවන් තොටුපලක් නොමැති ලෝකයේ විශාලතම රට ලෙස ඇන්ඩෝරාව හදුන්වන්න පුලුවන්.

 

04. ඇන්ගෝලියාව

 

ඇන්ගෝලියාවේ අගනුවර වන ලුවන්ඩාව, විදේශිකයන්හට වැඩිම වියදමක් දැරීමට සිදුවන ලොව මිලඅධිකම නගරයයි.

 

05. ආර්ජන්ටිනාව

 

2001 වසරේ අග භාගයේදී ආර්ජන්ටිනාවට දැඩි අර්බුදකාරී තත්වයකට මුහණ දෙන්න සිදුවුණා. එම කාලයේදී සති දෙකක් වැනි කුඩා කාලයක් තුළදී ආර්ජන්ටිනාව තුළ ජනාධිපතිවරුන් පස් දෙනෙකු පත් වී තිබෙනවා.

 

06. ආර්මේනියාව

 

ආර්මේනියාවේ ප්‍රාථමික අධ්‍යාපනය තුළට චෙස් ක්‍රීඩාව අනිවාර්ය අංගයක් ලෙස ඇතුළත් කර තිබෙනවා.

 

07. ඕස්ට්‍රේලියාව

 

මෙතෙක් රටක් තුළ වැඩිම ජතික උද්‍යාන සහිත රට ලෙස ඕස්ට්‍රේලියාව හදුන්වන්න පුලුවන්. එරට තිබෙන ජාතික උද්‍යාන සංඛ්‍යාව 685ක්. වැඩිම ජාතික උද්‍යාන සහිත රටවල් ලැයිස්තුවේ දෙවෙනියට සිටින තායිවානයේ තිබෙන්නේ උද්‍යාන 147ක් පමණයි.

 

08. අසර්බයිජාන්

 

 

KFC අවන්හල් ජාලය ලොව පුරා කා අතරත් ඉතාමත් ප්‍රසිද්ධයි. ඒ අතරින් ලෝකයේ විශාලතම KFC අවන්හල පිහිටා තිබෙන්නේ අසර්බයිජාන්හී බකූ නම් නගරයේ. එය වර්ග මීටර් 1600කින් යුතු වෙනවා.

 

09. බහරේන්

 

ලොව දීර්ඝතම කාලයක් අගමැතිවරයකු සේවය කල රට ලෙස බහරේන් හදුන්වන්න පුළුවන්. ගිය වසරේ නොවැම්බර් මාසයේදී මෙලොවින් සමුගත් කලීෆා බින් සල්මාන් අල් කලීෆා 1970 වසරේ සිට මිය යන තුරුම එටර අගමැති ලෙස කටයුතු කර තිබෙනවා.

 

10. බංග්ලාදේශය

 

බංග්ලාදේශය ලොව විශාලතම මිනිස් දම්වැලට අයත් ගිනස් වාර්තාවට හිමිකම් කියනවා. 2004 වසරේ දෙසැම්බර් මාසයේදී, මිලියන 5ක පමණ ජනාතාවගේ සහභාගිත්වයෙන් එතෙක් පැවති ගිනස් වාර්තාව බිදදමමින් නව වාර්තාවක් තැබීමට ඔවුන් සමත් වෙනවා. එම මිනිස් දම්වැල කිලෝමීටර් 1000ක පමණ දිගකින් යුත් වූ බවයි වාර්තා වල සදහන් වන්නේ.

 

11. ඇල්ජීරියාව

 

අප්‍රිකානු මහද්වීපයේ විශාලතම රට තමයි ඇල්ජීරියාවා. නමුත් මෙරට භූමියෙන් 10%ක ප්‍රමාණයක් තමයි මිනිස් වාසයට සුදුසු. ඉතිරි 90%ම අයත්වන්නේ සහරා කාන්තා‍රයටයි.

 

 

 

 

 

 

by Nimanthi Muthukudaarachchi

Photo source : Internet

views

1234 Views

Comments

arrow-up