ආක්‍රමණශීලී රැඳවියන් සන්සුන් කිරීමට රෝස පැහැ සිරගෙවල්

1980 දශකයේ ආරම්බයේදී ආක්‍රමණශීලී රැඳවියන් සන්සුන් කිරීමේ උත්සාහයක් ලෙස සිරගෙවල්වල රෝස වර්ණය භාවිතය එක්සත් ජනපදය, ස්විට්සර්ලන්තය, ජර්මනිය සහ ස්පාඤ්ඤය අතුලු ලොව පුරා රටවල් කිහිපයක අත්හදා බලා ඇත.
මෙම සාම්ප්‍රදායික ස්ත්‍රී ස්වරූපයේ වර්ණය සිරකරුවන්ගේ හැසිරීමට හිතකර බලපෑමක් ඇති කරනු ඇතැයි අපේක්ෂා කරති. මෙම අත්හදා බැලීමේ මූලයන් වන්නේ ජර්මානු න්‍යායක් අනුව ඇලෙක්සැන්ඩර් ජී. ෂවුස් කළ අධ්‍යයනයයි. ඒ අනුව යම් පුද්ගලයෙකු යම් මොහොතක තෝරා ගන්නා වර්ණය එම මොහොතේ එම පුද්ගලයාගේ අභ්‍යන්තර මානසික තත්වය තේරුම් ගැනීමට උපකාරී වේ.
ඇලෙක්සැන්ඩර් ජී. ෂවුස්ගේ අධ්‍යයනය යටතේ ස්විට්සර්ලන්තය බන්ධනාගාර පද්ධතියේ සිර මැදිරි 30 ක් රෝස පැහැයෙන් වර්ණාලේප කර ඇත. එය“Cool down pink”ලෙස හඳුන්වනු ලබන ව්‍යාපෘතියකි. මනෝ විද්‍යාඥ ඩැනියෙලා ස්පාත්ගේ අධ්‍යයනය අනුව එක්තරා රෝස පැහැයක් ස්නායූන් සන්සුන් කරන බව සොයා ගැනුනි.මේ සඳහා භාවිතා කල රෝස වර්ණය බේකර්-මිලර් රෝස,ෂවුස් රෝස හෝ බේබදු-ටැංකි රෝස ලෙසද හැඳින්වේ. මනෝ විද්‍යාඥ ඩැනියෙලා ස්පාත් මෙම ව්‍යාපෘතියේ ප්‍රතිඵල පිළිබඳව ඉතා ධනාත්මක අදහස් දක්වන අතර සාමාන්‍යයෙන් වැරදිකරුවෙකු පැය දෙකක් රෝස පැහැති සිරකුටියකට කොටු කර ගැනීමෙන් කෝපයේ මට්ටම මිනිත්තු 15 ක් වැනි කෙටි කාලයක් තුළ අඩු කළ හැකි බව නිගමනය කර ඇත.
මනෝ විද්‍යාඥයින්ට අනුව රෝස යනු සිනිඳු වර්ණයකි. රෝස පැහැය ස්වාභාවිකවම මිනිසා තුල සන්සුන් ස්වභවයක් ඇති කිරීමට සමත් වර්ණයක් වන අතර පිරිමි සිරකරුවන් තුල ඇති ප්‍රචන්ඩකාරී, නොසන්සුන් ගති ස්වභවයන් හා හැසිරීම් යටපත් කිරීමට මෙම පැහය සමත්ය. ඇතැම් සිර ගෙවල් තුල රැඳවියන් හා සේවකයන් සඳහා රෝස පැහැ නිල ඇඳුම් භාවිතයද මෙම න්‍යායක් අනුව සිදුකරයි. එයින් හෘද මාංශ පේශිවලට වේගයෙන් ක්‍රියා කළ නොහැක. එය මිනිසාගේ ශක්තිය ඉතිරි කරන සන්සුන් වර්ණයක් වන අතර වර්ණ-අන්ධ පුද්ගලයන් පවා රෝස කාමරවලින් සන්සුන් වේ. එය රෝස පැහැයේ බලය වේ.
කෙසේ වෙතත්, මෙම උපක්‍රමය භාවිතා කරන එකම සංවිධානය බන්ධනාගාර නොවේ. සමහර පොලිස් ස්ථානවල රෝස පැහැති, අත්අඩංගුවට ගත් අය රඳවා තබා ගැනීමට භාවිතා කරන කාමර-බේබදු ටැංකි තිබේ (drunk tanks). එමගින් මත්පැන් පානය කළ කලහකාරී පුද්ගලයන් නිහඩ කිර්‍රමට මෙන්ම ඉක්මනින් නින්දට යාමට ඔවුන් දිරිමත් කිර්‍රම සඳහා යොදා ගැනේ. මෙසේ රෝස වරණය යොදා ගැනීම පිලිබඳ විවිද කාලයන්හි දී පර්යේෂකයන් විවිද පරීක්ෂණ සිදුකරමින අත් හදා බැලීම් සිදු කරයි. ඒ අනුව සිතා බලන විට ඔනෑම වර්ණයකින් මිනිසාගේ මනසට නොයෙක් ආකාරයේ බලපෑම් සිදු කල හැකි බැවින් අප ජීවත් වන වටා පිටාව නිර්මාණයේදී වර්ණ භාවිතය ඉතා සැලකිලිමත්ව සිදුකල යුතු වේ.
by Achini Wickramaratna
Photo source : Internet
817 Views
Comments