ආත්තම්මලා වැඩ කරන අවන්හල (PHOTOS)
For Sri Lankan's Overseas
Latest_News
calendar
FEB
28

ආත්තම්මලා වැඩ කරන අවන්හල (PHOTOS)

ආත්තම්මලා වැඩ කරන අවන්හල (PHOTOS)

අපේ ආත්තම්මලා වගේ රසවත් ආහාර කිසිවෙකු හදන්නේ නැහැ. සමහර වෙලාවට ඔබට ඔබේ කාර්යබහුල ජීවිතය අතහැර දමා ඔබේ ආත්තම්මා එතරම් ආදරයෙන් හදන හොඳ ආහාර වේලක රස බලන්නට සිතෙනවා ඇති. ඔබට එය කළ හැකි නම්, ඔබ හරිම වාසනාවන්තයි. කෙසේවෙතත්, එසේ කළ නොහැකි අයට නිව් යෝර්ක් අවන්හලක් වන එනෝටෙකා මාරියා වෙත යන්නට පුළුවන්. ඒ ආත්තම්මලා විසින් පිසූ ආහාර වල රස බලන්නට හැකි හොඳම තැන එය බැවිනි. වෘත්තීය සූපවේදීන් වෙනුවට එහි මුළුතැන්ගෙය මුළුමනින්ම පවත්වාගෙන යනු ලබන්නේ ලොව පුරා සිටින ආච්චිලා සහ සීයලා විසිනි.

 

 

ජෝඩි ස්කරැවෙලා දශකයකට පමණ පෙර එනෝටෙකා මරියා සඳහා අදහස ඉදිරිපත් කළේය. එය ඔහුට ඛේදවාචකයන්ගෙන් පිරුණු කාලයක් විය. වසරක් තුළ ඔහුට සිය මව, ආච්චි සහ සහෝදරිය අහිමි විය. අත්තම්මා කෙනෙකු විසින් තම මුළුතැන්ගෙය පවත්වාගෙන ඔහුට අස්වැසිල්ලක් විය. ඔහු සමඟ සිදුකළ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ස්කරැවෙලා ප්‍රකාශ කළේ “ කෑම පිසීමට ඉතාලි ගෘහණියන් ” සෙවීම සඳහා තමා පළමුවෙන්ම දැන්වීමක් පුවත්පතට දැමූ බවයි. අවන්හල ඒ වනවිටත් ක්‍රියාත්මක නොවීම නිසා ආහාර පිසීම ඔහුගේ නිවසේදී සිදුකළා. කාන්තාවන් තමන්ගේම කෑම වර්ග ගෙනැවිත්, සමහර විට එහිදී ආහාර පිසීමේදී ඔවුන්ගේ මුණුබුරන්ද ඔවුන් ලග තබාගත්තේය.

 

 

දිනෙන් දින එනෝටෙකා මාරියාගේ ජනප්‍රියතාවය වේගයෙන් ව්‍යාප්ත වූ අතර දැන් අවන්හලේ රසවත් ආහාර පිසීමට කාලසටහනකට අනුව "නොනාස්" 20 කට අධික ප්‍රමාණයක් ඇත. ඇල්ජීරියාව, නයිජීරියාව, ආර්ජන්ටිනාව, චෙක් ජනරජය, පලස්තීනය සහ තවත් බොහෝ ස්ථාන වලින් ආත්තම්මලා මෙහි පැමිණේ. ඔවුන් සියල්ලන්ම “නොනාස්” ලෙස හැඳින්වේ. එය ඉතාලි භාෂාවෙන් ආත්තම්මා යන්නයි. ඔවුන් සියල්ලෝම තම මව්බිමේ ආහාර පිසීමට තෝරා ගනියි. ඉතින්, සාම්ප්‍රදායික ඉතාලි කෑම වන ග්නොචි, රවියෝලි සහ ලසාන්‍යා හැරුණු විට, ඔබට සෑම රාත්‍රියකම වෙනස් ආහාරයන් මෙම ආපන ශාලාවේ භුක්ති විඳිය හැකිය. මෑන්හැටන් සිට ඉතා ස්වල්ප දුරකින් පිහිටා ඇති මෙම එනෝටෙකා මරියා පසුගිය වසර කිහිපය තුළ සැලකිය යුතු ප්‍රමාණයේ සාර්ථකත්වයක් අත් කර ගෙන තිබේ.

 

 

මෙම අවන්හල එහි අද්විතීය තේමාව සඳහා පමණක්ම නොව, මුල සිටම නැවුම් අමුද්‍රව්‍ය වලින් සාදන ලද රසවත් ආහාර පිරිනැමීම සඳහාද ප්‍රසිද්ධයි. තරු 4 කින් යුත් යෙල්ප් ශ්‍රේණිගත කිරීමක් ඇති එනෝටෙකා මරියාට ගනුදෙනුකරුවන් ලබා ගැනීමේ ගැටලුවක් කිසිසේත්ම නැත. එංගලන්තය, ඕස්ට්‍රේලියාව සහ ඉතාලියේ ජනතාව වෙන් කරවා ගැනීම සඳහා ස්කරැවෙල්ලාව අමතයි. බොහෝ දිනවල අවන්හල වැසෙන තුරුම පාරිභෝගිකයන් සදහා මෙම අවන්හල වෙන් කර ඇත. ආත්තම්මලා, සීයලා ඉනෝටෙකා මාරියා හි වැඩ කිරීමට ප්‍රිය කරන අතර එය ඔවුන්ගේ ආහාර වලින්ම ඉස්මතු වේ. බොහෝ ආහාර පිසීමේ කුසලතා පෙන්වීම සඳහා නිව් ජර්සි සහ ද බ්‍රොන්ක්ස් වැනි ප්‍රාන්තයන්ගෙන්ද ආත්තම්මලා පැමිණේ. ඔබ කවදා හෝ ස්ටැටන් දූපතේ සිටී නම්, රසවත් ආහාර වේලක් ගැනීම සඳහා මෙම අවන්හලට යාමට අමතක නොකරන්න.

 

 

 

 

 

 

 

 

 

 

 

by Kaushalya De Silva

Photo source : Internet

views

535 Views

Comments

arrow-up