මිනිසුන් අනාගතයේ දී අඟහරු ග්‍රහයා මත ත්‍රිමාණ මුද්‍රිත නිවාසවල වාසය කරයි ද? (PHOTOS)
For Sri Lankan's Overseas
Latest_News
calendar
FEB
28

මිනිසුන් අනාගතයේ දී අඟහරු ග්‍රහයා මත ත්‍රිමාණ මුද්‍රිත නිවාසවල වාසය කරයි ද? (PHOTOS)

මිනිසුන් අනාගතයේ දී අඟහරු ග්‍රහයා මත ත්‍රිමාණ මුද්‍රිත නිවාසවල වාසය කරයි ද? (PHOTOS)

මිනිසුන් තවමත් අඩියක්වත් තබා නැති අඟහරු ග්‍රහලෝකය මත ජීවත් වීමට ගෘහ නිර්මාණ ශිල්පීන් දැනටමත් නාසා ආයතනය සඳහා නිවාස සැලසුම් කරමින් සිටින බව ඇසුවොත් ඔබ පුදුම වේවි.

 

නිව් යෝර්ක් හි“බහු-ග්‍රහ වාස්තු විද්‍යාත්මක හා තාක්‍ෂණ සැලසුම් ඒජන්සියක්” වන AI Space Factory විසින් සැලසුම් කර ඇති මෙම වාසස්ථාන “මාෂා” ලෙස නම් කර ඇත. එ්වා රතු ග්‍රහලෝකයේ ඇති ද්‍රව්‍ය භාවිතයෙන් ත්‍රිමාණව මුද්‍රණය කළ හැකි වීම මෙහි ඇති විශේෂත්වයයි. මෙම සැලසුම මේ මස නාසා ආයතනය මගින් පවත් වන ලද ත්‍රිමාණ මුද්‍රිත ජනාවාස අභියෝගය නම් තරගයේ ජයග්‍රහණය ද දිනා ගත්තේය.

 

 

අඟහරුගේ දූවිලි සහිත පාෂාණමය පෘෂ්ඨය මත සිරස් අතට ගොඩනංවන මෙය කේතුවක් වැනි හැඩයකින් යුක්ත වන අතර උස අඩි 15 ක් සහ විෂ්කම්භය අඩි 8 ක් වේ. මේවා කිසිදු මිනිස් ආධාරයකින් තොරව පැය 30 ක් වැනි කෙටි කාලයක් තුළ ත්‍රිමාණව මුද්‍රණය කිරීමට සැලසුම් කර ඇත. වාසස්ථානය ඇතුළත මට්ටම් හතරක් ඇත. ඒවා සර්පිලාකාර පඩිපෙළ මගින් සම්බන්ධ වේ. බිම් මහලේ අභ්‍යවකාශ ඇඳුම් කට්ටලවලට ඇතුළුවීම

 

සහ පිටවීම සඳහා මුද්‍රා තැබූ හැච් එකක් මෙන්ම ගගනගාමීන්ට පරීක්ෂණ සහ වෙනත් කටයුතු සඳහා විද්‍යාගාර ද ඇතුළත් වේ. අනෙකුත් මට්ටම්වලට මුළුතැන්ගෙයක්, පැලෑටි වැඩීම සඳහා උද්‍යානයක්, ව්‍යායාම සහ වෙනත් විනෝදාත්මක ක්‍රියාකාරකම් සඳහා ප්‍රදේශයක් සහ  ඇඳක්, මේසයක් සහිත පෞද්ගලික නිදන කාමර හතරක් ඇතුළත් වේ.

 

පෘථිවියට වඩා බෙහෙවින් වෙනස් ජීවන තත්වයන් සහිත දුර බැහැර ග්‍රහලෝකයක ජීවත්වන මිනිසුන්ට සැහැල්ලු වාතය සහ සුවපහසු අභ්‍යන්තර පරිසයක් පවත්වා ගැනීම සදහා ෆැරන්හයිට් අංශක 70 ත් සෘණ 100 ත් අතර වෙනස් විය හැකි අධික උෂ්ණත්ව වෙනස්වීම් ද  ඇතුළත් කොට ඇත. සෑම මට්ටමකටම අවම වශයෙන් කවුළු 1 ක්වත් ඇති අතර එය අංශක 360 පිටත දර්ශනයක් ආවරණය කරයි.

 

 

AI Space Factory ආයතනය පවසන පරිදි එහි කාර්ය මණ්ඩලය හානිකර සූර්ය හා කොස්මික් විකිරණවලින් ආරක්ෂා කිරීමට විශේෂ සැකසීම් ද ඇතුළත් කොට ඇත. අඟහරු මත වැඩුණු පැලෑටි වලින් හා අඟහරු මත පාෂාණ වලින් ලබාගන්නා පුනර්ජනනීය ජෛව ප්ලාස්ටික් භාවිතා කරමින් මෙම නිෂ්පාදන සිදු කරනු ලැබේ.

 

මිනිසුන් අඟහරු ග්‍රහයා වෙත ප්‍රවාහනය කිරීමට වසර කිහිපයක් විය හැකි නමුත් SpaceX හි එලොන් මස්ක් කියා සිටින්නේ 2024 වන විට එය සිදු කළ හැකි බවයි.

 

 

 

 

 

 

 

 

 

 

 

 

by Nuwandara Mudalige

Photo source : Internet

views

794 Views

Comments

arrow-up