විද්‍යුත් සන්නිවේදනය පිළිබඳව දැනුවත් වෙමු
For Sri Lankan's Overseas
Latest_News
calendar
NOV
13

විද්‍යුත් සන්නිවේදනය පිළිබඳව දැනුවත් වෙමු

විද්‍යුත් සන්නිවේදනය පිළිබඳව දැනුවත් වෙමු

විදුලි සංදේශ ජාලයක් සහ ඩිජිටල් තාක්ෂණය හරහා සිදුකරන තොරතුරු හුවමාරුව විද්‍යුත් සන්නිවේදනය ලෙස හැඳින්වේ. ව්‍යාපාර කටයුතු කාර්යක්ෂමව හා සපලදායීව පවත්වාගෙන යාම සඳහා යොදාගත හැකි නවීන සන්නිවේදන උපකරණ ක්‍රම මීට අයත් වේ. එවැනි විද්‍යුත් සන්නිවේදන මාධ්‍ය කිහිපයක් පිළිබඳව පහතින් දැනුවත් වෙමු.

විද්‍යුත් තැපෑල-
පරිගණකය සහ දුරකථන භාවිතා කරමින් අඩු පිරිවැයකින් පණිවුඩය ලිඛිතව දැනුම් දිය හැකි ක්‍රමයකි.

හඩ තැපෑල-
යවන්නා විසින් දුරකථන මාර්ගයෙන් වාචිකව දෙනු ලබන පණිවුඩය, ජාලයක් මාර්ගයෙන් පරාවර්තනය වී පසුව ලබා ගැනීම පිණිස තැටියක ගබඩා කිරීමේ හෙවත් පටිගත කිරීමේ ක්‍රියා පද්ධතියයි. පණිවුඩය ලබන්නා එම පණිවිඩයට ඇහුම්කන් දීමට අවශ්‍ය විට ශ්‍රව්‍යමය ආකාරයට නැවත පරිවර්තනය කරගත හැකියි. පණිවුඩයක් ලැබී ඇති බව හඟවන විවිධ සංඤාද හඬ තැපැල් ක්‍රමයෙහි අන්තර්ගත වේ.

ෆැක්ස් - සාමාන්‍ය දුරකථන පද්ධතියක් මගින් ලිපි සහ චිත්‍ර අඩංගු ලියවිලි ක්ෂණිකව යැවීමට හැකියාව ඇති විද්‍යුත් උපකරණයකි. මෙහිදී පණිවිඩය යවනු ලබන ෆැක්ස් යන්ත්‍රය අදාල ලියවිලි වල ඡායාපිටපත් ඩිජිටල් තාක්ෂණය මඟින් එම ලබන ෆැක්ස් යන්ත්‍රය වෙත පරාවර්තනය කරයි.

පේජර්-
පුද්ගලයකුට ලැබෙන දුරකථන ඇමතුම් පණිවිඩ තමා සිටින ස්ථානයකට වාර්තාකොට ලබා දීමේ සේවාවයි.

අන්තර්ජාලය-
පෞද්ගලික සහ පොදු ජාල සමූහ ආශ්‍රයෙන් තොරතුරු හුවමාරු කර ගැනීමේ ක්‍රමයයි. වාණිජමය සහ පොදු අයිතිය යටතේ පවත්නා ජාලයන්ගෙන් අන්තර් ජාතික ජාලයකි.

ඉන්ට්‍රානෙට් -
පරිගණක ජාල සම්බන්ධ කරගනිමින් ආයතනයක් තුළ සහ එහි ශාඛා අතර තොරතුරු හුවමාරු කර ගැනීමයි. අන්තර්ජාලය පදනම් කරගනිමින් ආයතනයක් තුල ඇති දත්ත වලට ලඟා වීමට පහසුකම් සලසා ඇති ආයතනමය ජාලයයි.

 

 

 


එක්ස්ට්‍රානෙට් -
පරිගණක ජාල සම්බන්ධ කරගනිමින් ආයතනයේ පිටත සමඟ තොරතුරු හුවමාරු කර ගැනීමයි.

ඉන්ටර්කොම් -
දුරකථන ජාලයක් ආශ්‍රයෙන් ආයතනය තුල තොරතුරු හුවමාරු කර ගැනීමට ආයතනය තුළ පෞද්ගලික දුරකථන ජාලයක් සකස් කර ගැනීමයි. එනම් ආයතනයක අභ්‍යන්තරයේ විවිධ අංශ අතර සන්නිවේදනය සඳහා ස්ථාපිත කරන ලද පෞද්ගලික දුරකථන පද්ධතියයි.

දුරකථන සංවාද ඇමතුම්-
දුරකථන මගින් පුද්ගලයන් කිහිපදෙනෙකු සමඟ සංවාදයේ යෙදීමයි.

අතීතයේ දී ව්‍යාපාර විසින් භාවිතා කරන ලද්දේ ලිඛිත සන්නිවේදන මාර්ග හෝ වාචික සන්නිවේදන මාර්ග කීපයකි. නමුත් ඒවාට වඩා විද්‍යුත් සන්නිවේදන මාර්ග ඉතාමත් කාර්යක්ෂම වන අතර ව්‍යාපාරයේ එදිනෙදා කටයුතු පහසු කරවයි. ඔබත් කිසියම් ව්‍යාපාර කටයුත්තක් ආරම්භ කිරීමට බලාපොරොත්තුවෙන් සිටින කෙනෙක් නම් මෙම විද්‍යුත් සන්නිවේදන ක්‍රම පිළිබඳව ලබන දැනුවත් භාවය ඔබට ඉතාමත් වැදගත් වේවි.

 

 

by Sachini Sooriyaarachchi

Photo Source: Internet

 

views

4216 Views

Comments

arrow-up