ටික් ටොක් නිසා හෙළිවූ මිනීමැරුම!

සමාජ දුරස්ථකරණයත් සමඟ ටික් ටොක් වීඩියෝ සකස් කිරීම සහ ඒවා හුවමාරු කිරීම ජනප්‍රිය විනෝදාංශයක් බවට ලොව පුරා රටවල් අතර ප්‍රචලිතව තිබුණා. සමාජ දුරස්ථභාවය පවත්වා ගනිමින් නිර්මාණය කළ ටික් ටොක් වීඩියෝවකින් මිනීමැරුමක් ගැන තොරතුරු හෙළිවූ බව පසුගියදා අනාවරණය වුණා.
ඒ ඇමරිකා එක්සත් ජනපදයේ වොෂින්ටනයේ සියැටල් හි තරුණ කණ්ඩායමක් විසින් මිනිස් වෙඩි තැබීමක් පිළිබඳ අභිරහසක් අනාවරණය කර ගැනීමයි. නිව්යෝර්ක් පෝස්ට් පුවත්පතට අනුව පසුගිය සිකුරාදා සියැටල් වෙරළ තීරයේ කරමින් සිටී සිටි තරුණ කණ්ඩායමකට ගමන් මල්ලක් හමු වී ඇති අතර ඒ පිළිබඳ කෙරුණු ටික් ටොක් වීඩියෝව crime#murder and# washington ලෙස පළ කර තිබුණා. මේ තරුණ පිරිස කළු සූට්කේස් එක හමුවූ විට එය හාස්‍යයට ලක් කරමින් එහි මුදල් ඇති බව කියමින් වීඩියෝගත කරන අතර තිර එක් වරම තවකෙක් පවසන්නේ "එය විවෘත කරන්න. එය ගඳයි යනුවෙන්". එහි සිටි එක් ගැහැනු ළමයෙක් මේ සූට් කේස් එක ලී කෝටුවක ආධාරයෙන් එය විවෘත කර බැලූ විට කළු පැහැ මල්ලක මිනිස් සිරුරු කැබලි හමුවී තියෙනවා.
ඉන් අධික කම්පනයට පත් මේ පිරිස මේ පිළිබඳ සියැටැල් පොලිසියට දැනුවත් කිරීමෙන් අනතුරුව වහාම එහි පැමිණි පොලිස් නිලධාරීන් එය තවදුරටත් පරීක්ෂණය කර තිබෙනවා. එහිදී පොලීසියට මුහුදේ පාවෙන තවත් එවැනිම සූට් කේස් එකක් සොයාගත හැකි වුණා. මිනිස් අවශේෂ සහ අඩංගු මේ සූට් කේස් එක පිළිබඳ රහස් පරීක්ෂකයන් වැඩිදුර පරීක්ෂණ සිදු කළා. වැඩිදුර විශ්ලේෂණ සඳහා මේ මිනිස් දේහ කැබලි කිං කවුන්ටි වෛද්‍ය පරීක්ෂණ කාර්‍යාලයට ගෙන ගිය අතර අවට පරීක්ෂා කිරීමේදී මේ සම්බන්ධ වෙනත් කිසිදු තොරතුරක් අනාවරණය නොවූ නිසා ටික්ටොක් භාවිතා කරන්නන් විසින් ජනප්‍රියත්වය උදෙසා මේ වීඩියෝව නිර්මාණය කළ බව බොහෝ දෙනා ප්‍රකාශ කලා. නමුත් සැබෑවටම ඒ පිරිසට එය අහඹු ලෙස හමුවූ මිනිස් සිරුරක් වන අතර ඔවුන්ගේ ජනප්‍රියත්වය සඳහා සිදු කළ මවාපෑමක් නොවූ බව තහවුරු වුණා. මේ පුවත අනාවරණය වීමත් සමඟ සියැටැල් හි ඒ අවට ජනතාව මහත් නොසන්සුන් භාවයට පත් වුණා. අවසානයේ විනෝදය සඳහා සිදුකල මේ ටික් ටොක් වීඩියෝව ඇසුරෙන් මෑතකදී සියැටැල් ප්‍රදේශයේ සිදුවූ අභිරහස් මිනීමැරුමක් පිළිබඳ තොරතුරු අනාවරණය කරගැනීමට මෙම තරුණ පිරිස උපකාර කළ බව සියැටැල් පොලීසිය ප්‍රකාශ කලා.
by Dilki Shamani
Photo source : Internet
690 Views
Comments