පෘථිවිය මත ප්‍රථම ශාකය

ගස්වැල් නොමැතිව මිනිසාට ජීවත් විය නොහැක. මක්නිසාද මිනිසාගේ හුස්ම ඇතුළු සියලුම දේ ගහකොළ සමඟ හුදෙක්ම බැඳී පවතින නිසාවෙනි. නමුත් වර්තමානය වන විට අප සතු ශාකමය වැස්ම බොහෝදුරට අපගෙන් අහිමිවී ගොස් හමාරයි. අනාගත මිනිසාට එහි අහිතකර ප්‍රතිවිපාක අත්විඳින්නට සිදුවනු ඇත. අවශ්‍ය වන්නේ ගහට කොළට වැලට ආදරය කරමින් ඒවා රැකගැනීමට අවශ්‍ය කටයුතු නිරන්තරයෙන්ම සිදු කිරීම මිසක ගහකොළ කපා විනාශ කර අපගේ පැවැත්මට අවශ්‍ය භාණ්ඩ සේවා නිෂ්පාදනය කර ගැනීම නොවේ. මෙවැනි ප්‍රයෝජන රැසක් ම මිනිසාට ලබාදෙන ශාකයේ උපත පිළිබඳව ඔබ දැනුවත්ද. එනම් පෘථිවිය මත ප්‍රථම ශාකය බිහි වීමයි. පෘථිවිය මත කිසිම ශාකයක් නොවූ අවධියක් විය. වසර මිලියන ගණනක් ගත වූ පසු මුහුදේ ඉතා කුඩා ප්රාග්ප්ලාස්මය බිදු තැනිණි. එය ශාක නිර්මාණය පිළිබඳ ප්‍රථම පියවරයි. මේ ප්රාග් ප්ලාස්මය අද ශාක හා සත්ව යන ජීව කොට්ඨාස දෙකෙහිම හමුවේ. යටකී ප්රාග් ප්ලාස්ම ඝන බිත්ති ලබා එක් ස්ථානයක නතර වී සිටීමට හැකියාව ලැබීය. අනතුරුව ඒවාට ක්ලෝරොෆිල් වර්ධක ලැබී ඒවාට කොළ පැහැයත්, සූර්යාලෝකය උපයෝගී කරගෙන තමන්ගේ ආහාර නිපදවා ගැනීමේ හැකියාවක් ලැබිණි. මුල්ම ශාක ඒක සෛලික වුවද පසුව ඒවා බහුසෛලික ලෙස විකාශනය විය. මෙම ශාක බොහොමයක් ජලයේ පාවෙමින් ජීවත් වූ අතර අදත් එසේ ජීවත් වන ශාක තිබේ. ඊළඟට මෙම ශාක තමන් විසූ ජලාශ අද්දර මුල් විහිදුවා එකතැනක නතර වීමේ හැකියාව ලබා ගත්හ. ඉන්පසුව ඒවා ක්‍රමක්‍රමයෙන් කොළ අතු ඉති වඩාගෙන නියම ගොඩබිම ශාක බවට පත්වූහ. මුල්ම ශාක සෛල බෙදීමෙන් හා බීජාණු මගින් ප්‍රජනණය සිදු කළහ. කාලයාගේ ඇවෑමෙන් මෙම බීජාණු ඇට සේ විකාශනය විය. එයින් විශාල වශයෙන් ව්‍යාප්ත වීමට ශාක වලට අවස්ථාව ලැබිණි.
මෙලෙස ශාක මිහිතලය මත නිර්මාණය නොවන්නට අද මිනිසා යනුවෙන් ජීවියෙක්ද මිහිතලය මත නොසිටින්නට තිබුණි. මක්නිසාද ශාක වලින් තොර කිසිදු පැවැත්මක් මිනිසාට නොමැති නිසාවෙනි. වර්තමානයේ දී උද්භිද උද්‍යාන, ඖෂධ උයන්, වනසංරක්ෂණය ආදී විවිධ ක්‍රම ඔස්සේ ශාක සංරක්ෂණයට පුද්ගලයන් යොමු වී තිබීම සතුටට කරුණකි. නමුත් අවාසනාවකට මෙන් වනගහණය අඩු වීම හේතුවෙන් අද වන විට ඔක්සිජන් පවා මුදලට ලබාගැනීමට මිනිසාට සිදු වී ඇත. අනාගත මිනිසාට ඔක්සිජන් ටැංකි තම ශරීරයේ බැඳ ගනිමින් ජීවත් වීමට ද සිදු වන්නට පුළුවනි. එවැනි තත්ත්වයන් වළක්වා ගැනීමට නම් අද අදම ශාක තව තවත් සිටුවීමට සහ පවත්වා ගැනීමට කටයුතු සිදුකළ යුතුයි.
by Sachini Sooriyaarachchi
Photo Source: Internet
898 Views
Comments