සීගිරියේ තියෙන්නේ සිංහ පාදයමද?

ලෝක උරුමයක් වූ සීගිරිය ප්‍රචලිතව ඇත්තේ එහි සුවිශේෂී නිර්මාණය නිර්මාණයක් වූ සිංහ ද්වාරය නිසයි. සීගිරිය පිළිබඳ මුලින්ම ගවේෂණ සිදු වුණේ 1890 දී බ්‍රිතාන්‍ය රජයේ අදායම් බදු නිලධාරියෙකු ලෙස ලංකාවේ සේවය කළ එච් සී පී බෙල් නම් විදේශිකයායි. එච් සී පී බෙල් මහතා විසින් ඉතිහාසයේ සීගිරිය ගැන කරන ලද කැණීම්වලින් එහි ඇත්තේ සිංහ පාදයක් බවට ප්‍රකාශයට පත් කළා. එහි ඇතුල් වන ස්ථානය සිංහ ද්වාරය ලෙසත් එම ශිඛරය සිංහගිරිය ලෙසත් ප්‍රකාශයට පත් කළා. නමුත් හොඳින් නිරීක්ෂණය කල විට මේ පාදයේ ඇත්තේ ඇඟිලි තුනක් බව පැහැදිලි වෙනවා.
සිංහයාට කකුල් සතරක් ඇති බවත් එම හැම කකුලකම ඇඟිලි සතරක් බිම වදින බවත් මහපට ඇඟිල්ල තරමක් මදක් ඉහලින් පිහිටන බවත් අපි හොඳින්ම දන්න කාරණයක්. මෙහි පාදයේ ඇගිලි ඉදිරියට විසිරී තියෙනවා. එසේම නියපොතු ඇගිල්ලේ තරමටම මහත්. සිංහයන්ගේ නියපොතු එලෙස මහත් වන්නේ නැත. එය ඇඟිලි අතර සැගවී පිහිටනවා. එලෙසම ඇගිලි අතර පරතරය ලොම් ඇති නිසා එකවරම හඳුනාගත නොහැකි. ඔබ දොරටුව ඉදිරිපිට සිට ගත් ගත් විට ඔබගේ වම් අත දෙසින් පෙනෙන පාදය හොඳින් බලන්න. එහි වම් පස විලුඹට ආසන්නයේ තවත් නියපොත්තක් දක්නට ලැබෙනවා. මේ ස්වභාවය නිසා පසුකාලීනව පර්යේෂකයන් පෙන්වාදෙන්නේ එය පක්ෂියකුගේ පාදයක් ලෙසයි. කැණීම්වලින් තහවුරුවී ඇති ආකාරයට වසර පන්දහසකට එහා කාලයක සිට ඓතිහාසික යුගය දක්වා මානව සම්බන්ධතා මේ සීගිරිය ආශ්‍රිතව පවතින බැව් පුරාවිද්‍යාත්මක සාක්ෂි අනුව පැහැදිලි වී තියෙනවා. රාවණාගේ ලංකාපුර තිබූ ස්ථානය හඳුනා ගැනීමේදී ප්‍රධාන වශයෙන් පෙදෙස් තුනක් ගැන අවධානය යොමු කෙරෙනවා. ඉන් පළමුවැන්න සීගිරිය පර්වතය වන අතර කුවේරගේ ආලකමන්දාව වශයෙන් එය හැඳින්වීම සහ රාවණ කුවේරගේ රජකම පැහැර ගැනීමේ කතාව මගින් මෙය තහවුරු වෙනවා.
කුවේරගේ වාසභවන හා රජකම කොල්ලකාගත් රාවණ රජුගේ මේ සීගිරිය ද ඔහුගේ එක් මාලිගාවක් ලෙස පාවිච්චි කර ඇති බවට ඇතැම් මූලාශ්‍රවල සඳහන් වෙනවා. එසේ බලන විට සීගිරිය මුලින්ම නිර්මාණය කළේ රාවණා ද? එහෙනම් සීගිරියේ ඇත්තේ දඬුමොණරා නමින් හඳුන්වන විශාල පක්ෂියාගේ පාදය ද යන්න ඇතැමුන් සාකච්ඡාවට බඳුන් කරන කාරණයක් වෙලා තියෙනවා. කාශ්‍යප රජතුමා රජකර තියෙන්නේ රාවණා විසින් ඉදිකළ සීගිරියේ ද? මෙය වර්තමානයේ සංවාදයට ලක්වන කාරණයක් වී තියෙනවා. කොහොම නමුත් සීගිරිය කියන්නේ ශ්‍රී ලාංකිකයාගේ ප්‍රෞඩත්වය විදහා දක්වන විශිෂ්ඨ නිර්මාණයක්.
by Dilki Shamani
Photo Source: Internet
1098 Views
Comments