ලෝක දියවැඩියා දිනය - නොවැම්බර් 14
For Sri Lankan's Overseas
Latest_News
calendar
NOV
13

ලෝක දියවැඩියා දිනය - නොවැම්බර් 14

ලෝක දියවැඩියා දිනය - නොවැම්බර් 14

ලෝකය පුරාවටම දියවැඩියා රෝගයෙන් පෙළෙන පුද්ගලයන් සංඛ්‍යාව දිනපතා අඛණ්ඩව ඉහළ යනවාත් සමගම නොවැම්බර් 14 වන දින ලෝකයම " ලෝක දියවැඩියා දිනය " ට සූදානම් වනවා.

ජාත්‍යන්තර දියවැඩියා සම්මේලනය හා ලෝක සෞඛ්‍ය සංවිධානය එක්ව 1991 වසරේ නොවැම්බර් 14 ලෝක දියවැඩියා දිනය ලෙස නම් කෙරුණා. එයට හේතුව ලොව පුරා දියවැඩියා රෝගීන් ලෝක ජනගහනයට එල්ල කරන බලපෑම වර්ධනය වීමත් සමගයි.

මෙම දිනය සුවිශේෂී දිනයක් වනවා. ඒ සර් ෆෙඩ්‍රික් මාටින් ගේ ජන්ම දිනය වීමයි. දියවැඩියාවට දෙනු ලබන ඉන්සියුලින් නම් වූ බෙහෙත සර් ෆෙඩ්‍රික් මාටින් සහ ඔහුගේ සගයා වන චාර්ල්ස් බෙස්ට් සමග 1922 දී සොයාගන්නා ලදී. එනිසා ඔහුව සිහිපත් කිරීමත් මුල් කරගෙන ඔහුගේ ජන්ම දිනයටම මෙම දිනය යොදා ගෙන තිබෙනවා.

මේ වනවිට ලෝකයේ රටවල් 160 කටත් වඩා බිලියනයකට වඩා පිරිසක් එක්ව දැනුවත් කිරීමේ වැඩසටහන් එදිනට දියත් කරනු ලබනවා.

දියවැඩියාව පිළිබඳව එක්සත් ජාතීන්ගේ සංවිධානය 2007 වසරේදී සම්මත කරගත් යෝජනාවට අනුව නිල් පැහැති රවුම් ලාංජනයකින් මෙම දැනුවත් කිරීමේ ව්‍යාපාරය සංකේතවත් කරනවා. නිල් කවය යනු දියවැඩියාව පිළිබඳව දැනුවත් කරනා ගෝලීය සංකේතයක් වනවා වගේම එයින් ගෝලීය දියවැඩියා ප්‍රජාවෙහි එක්සත්කම සංකේතවත් කරයි.

සෑම වසරක් පාසාම මෙම වැඩසටහන් විවිධ තේමාවන් ඔස්සේ අවධානය යොමු කරමින් සිදු කරයි. මෙවර 2020 වසරේ තේමාව වන්නේ
" හෙදිය හා දියවැඩියාව " යන්නයි.

හෙදියන්ට දියවැඩියාවෙන් පෙළෙන පුද්ගලයන් සදහා වෙනසක් කළ හැකියි. මෙම තත්ත්වය කළමනාකරණය කිරීමේදී විශේෂයෙන්ම හෙදියන් හා අනෙකුත් සෞඛ්‍ය වෘත්තීය සහයක කාර්යය මණ්ඩලයන්ගේ කාර්යයභාරය ඉතාමත්ම වැදගත්.

හෙදියන් බොහෝ අවස්ථාවන්වලදී පුද්ගලයකු සමග කටයුතු කරන ප්‍රථම හා එකම සෞඛ්‍ය වෘත්තිකයා වේ. එනිසා ඔවුන් මෙහිදී ප්‍රධාන කාර්යයභාරයක් ඉටු කරයි. ඔවුන්ගේ මූලික තක්සේරුව වනුයේ, රැකවරණය හා ප්‍රතිකාරයේ ගුණාත්මක බවයි.

 


ක්ශනික ප්‍රතිකාර සහතික කිරීම සදහා දියවැඩියාව හදුනා ගැනීම, සංකුලතා වැළැක්වීම සදහා දියවැඩියාව රෝගයෙන් පීඩාවට පත් අයවලුන් සදහා ස්වයං කළමනාකරණ පුහුණුවක් මෙන්ම මානසික සහය ලබා දීමටත්, දෙවන වර්ගයේ දියවැඩියාව සදහා ඇති අවදානම් සාධක සමග කටයුතු කිරීමෙන් තත්ත්වය වලක්වා ගත හැකිය.

ඒ සදහා ලොව පුරා සිටිනා දියවැඩියාවෙන් පෙළෙන පුද්ගලයන්ට හා ඒ අවදානමට ලක් වී සිටින අයට උපකාර කිරීමේ කුසලතා හෙදියන් තුළ ඇති කිරීම වෙනුවෙන් වැඩි අධ්‍යාපනයක් හා ඒ සදහා අරමුදල් අවශ්‍ය වේ. ඒ නිසා සෞඛ්‍ය සේවා සපයන්නන් හා රජයන් මෙම අධ්‍යාපනය හා පුහුණුව සදහා වූ ආයෝජනය කිරීමෙහි වැදගත් කම හදුනාගත යුතුය.

නිවැරැදි දැනුම හා පුහුණුව සමග හෙදියන්ට දියවැඩියාවෙන් පෙළෙන පුද්ගලයන් සදහා තවත් විශාල වෙනසක් ඇති කළ හැකිවේ. ඒ නිසා මේ නොවැම්බර් 14 වන දින වෙන් වෙන්නේ ඒ වෙනුවෙන්මයි.

 

 

 

 

 

 

by Kaushalya De Silva

Photo source : Internet

views

696 Views

Comments

arrow-up