ලොව අපූරුතම සත්වයෝ
For Sri Lankan's Overseas
Latest_News
calendar
FEB
11

ලොව අපූරුතම සත්වයෝ

ලොව අපූරුතම සත්වයෝ

සත්ව ලෝකයේ අපූරුතම සත්ව කොට්ඨාශයන් ජීවත් වනවා. මේ හැමෝම ගැන ඔබට පැහැදිලි කරන්නට නම් මෙම ලිපිය ප්‍රමාණවත් වන්නේ නෑ. එනිසා අපි අද එවැනි සත්ත්වයන් කිහිපදෙනකු පිළිබඳව තොරතුරු බෙදාහදා ගන්නට සිතුවා. දුවා දරුවන්ට වුවත් ඉතා වටිනා ලිපියක් වේයැයි අප විශ්වාස කරනවා.

 

> වැම්පයර් වවුලා

 

 

වැම්පයර් කිව්වහම නම් ගොඩක් දෙනෙක් දන්නා කියන වචනයක් නෙ. බොහෝමයක් චිත්‍රපටිද නිපදවා තිබෙනවා. ඉතින් මෙම වැම්පයර් වවුලන් සිටින්නේ ඇමෙරිකා මහද්වීපයෙයි. නින්දෙදී ලේ උරා බොන නිශාචර සත්ව කොට්ටාශයකි. ක්ෂීරපායි හා පක්ෂී රුධිරය උරා බොන මෙම සත්වයන් කලාතුරකින් මිනිස් රුධිරය උරා බොයි. වැම්පයර් වවුලාගේ ඛේටයෙගි ඩ්‍රැක්‍යුලීන් නම් වූ රුධිරය කැටි ගැසීම වළක්වන රසායනිකයක් අඩංගු වන අතර නිදා සිටින සතුන්ට විද එන ලේ ලෙව කෑම සිදු කරයි. රුධිර නාල හොඳින් සොයා ගැනීමට මෙම වවුලාගේ නාසය තුළ උෂ්ණ ප්‍රතිග්‍රාහක පිහිටා තිබේ. එසේම නිදා සිටින සත්වයන්ගේ ස්වසනය පවා හොඳින් දැනීම හා ඇසීම සදහාද ප්‍රතිග්‍රාහක සෛල පිහිටා තිබේ. ඔවුන් ඉගිලීම, දිවීම, ඇවිදීම ලෙස සංචරණ ක්‍රම කිහිපයකට ගමන් කරයි.

 

> මුහුදු අශ්වයා

 

 

තම දරුවන් කරපින්නාගෙන යන ඉතාමත් ආදරබර පියෙකු ලෙස මෙම පිරිමි මුහුදු අශ්වයා ලොව තුළ ප්‍රසිද්ධයි. මොවුන් අපූරුතම මතස්‍ය වර්ගයක් වන අතර උතුරු ඇමෙරිකාවේ සිට දකුණු ඇමෙරිකාව දක්වා විහිදුණු පැසිෆික් සාගරයෙහි දක්නට ලැබේ. විවිධ වූ කොරල්පර හා ජලජ පැළෑටීන් සෙවන දෙන පරිසරයක මොවුන් ජීවත් වෙයි. සෙන්ටිමීටර 2.5 - 30 පමණ දිගින් යුක්ත වන මෙම සත්වයාගේ දික් වූ හොම්බක් ඇති අතරම ඔවුන් ආහාර ඒ මගින් උරා ගනී. තම ශරීරය කෙළින් අතට තබා ගනිමින් පිහිනයි. ගැහැනු සතා පැසක් වැනි ආකාරයේ ව්‍යුහයක් තුළ තම බිත්තර දමන අතර පිරිමි සත්වයා ඒ බිත්තර හා එයින් එන පැටවුන්ද ඉතා හොඳින් ආරක්ෂා කර ගනි.

 

> මී කොං කැට් ෆිෂ්

 

 

මිරිදියෙහි වෙසෙන අයෝමය පුරුෂයා ලෙසද මත්ස්‍යයා හදුන්වනු ලබයි. මී කොං සානු ආශ්‍රිත ප්‍රදේශය මොවුන්ගේ නිජබිම වන නිසාම ඔවුන්ට එම නම ලැබී ඇත. දැනට අග්නිදිග ආසියානු රටවල ජලාශ වල වාසිය කරති. මොවුන් මිරිදිය වාසය කරන විශාලතම මත්ස්‍යයාද වේ. දේහ බර කිලෝ ග්‍රෑම් 150 ක් 200 ක් පමණ වන අතර දිග මීටර් 3 කි. මොවුන්ගේ දත් පළමු අවුරුදු දෙකෙන් පසුව ගැලවී ගොස් වීදුරුමස් පමණක් ඉතිරි වේ. අධික ලෙස දඩයමට ලක් වීම නිසා මෙම මත්ස්‍යයන් වඳ වී යාමේ තර්ජනයටද මුහුණ පා ඇත.

 

> යෝධ පැන්ඩා

 

 

පැන්ඩා කිව්වම අපි ලොකු පොඩි කවුරුත් ආස කරන සත්වයෙක් නෙ. මෙම යෝධ පැන්ඩගේ නිජබිම චීනයයි. කුඩා පැටවකු වුවද ග්‍රෑම් 150 ක් පමණ වන අතර ගැහැණු පැන්ඩාවන්ට වඩා පිරිමි පැන්ඩාවන් ප්‍රමාණයෙන් විශාල වේ. ඇස් හා කන් වටා කළු ලප පිහිටන අතර ශරීරයේ විවිධ ස්ථානවලද කළු ලප පිහිටයි. ඉතිරි කොටස් සුදු පැහැතියි. භෞමික හා රුක් වාසී සත්වයෙකි. ඔවුන් පණිවිඩ හුවමාරු කරගැනීමට ගස් පහුරු කෑම, ශබ්ද නැගීම, සුවඳ පැතිරවීම, මුත්‍රා විදීම යන විවිධ ක්‍රියාවන් තුළින් සිදු කරයි. තම වාසස්ථානය අඩු වී යාමත් උණ පත්‍ර හැර වෙනත් ආහාර භුක්ති නොවිදීමත් නිසා මොවුන්ද වඳ වී යාමේ තරජනයට ලක්ව ඇත.

 

 

 

 

 

 

by Kaushalya De Silva

Photo source : Internet

views

2393 Views

Comments

arrow-up