අත් අකුරු වලින් ඔබේ ගති ලක්ෂණ
For Sri Lankan's Overseas
Latest_News
calendar
FEB
05

අත් අකුරු වලින් ඔබේ ගති ලක්ෂණ

අත් අකුරු වලින් ඔබේ ගති ලක්ෂණ

ඔබ ලියන අකුරු වල හැඩය, එය ලියන ආකාරය, යොදා ගන්නා තීන්ත හා ස්වභාවය අනුව ඔබේ ගති ලක්ෂණ පැහැදිලි වන බව ඔබ දන්නවාද?

බලන්න ඔබගේ ගති ලක්ෂණ මේවාට සමානද යන්න.

- කුඩා පැහැදිලි අකුරු ලියන්නේ සරල හා අල්පේච්ඡ හැගීම් ඇති අයයි.

- කියවීමට අපහසු කුරුමිණි අඩු වැනි අකුරු ලියන්නා ඉතා ගුප්ත චරිතයකි.

- පැතලි අකුරු ලියන පුද්ගලයන් පුළුල් පරාසයක දැනුම සොයන්නෝ වෙති.

- මුතු ඇට මෙන් වටකුරු වූ අකුරු ලියන්නන් විමසිලිමත් හා බුද්ධිමත් බවින් යුතු අයයි.

- කලාකාමී හදවත් ඇත්තන් ඇල අකුරු ලියයි.

- රූල් සහිත කොළ ලිවීමට භාවිතා කරන්නේ නම්, නිවැරැදි ව ජීවිතය ගත කරන්නෝ වෙති.

- අභියෝග වලට ඉතා සාර්ථකව මුහුණ දෙන්නන් රූල් නොමැති කොළ වල ලියයි.

- මසුරු පුද්ගලයන් කිලිටි වී ඉරී ගිය කොළ වල ලියයි.

- දීර්ඝ වාක්‍ය ලියන්නෝ හසළ දැනුමක් සොයන්නේය.

- එසේ නොවන කෙටි වාක්‍ය ලියන්නා හසළ දැනුමක් නොමැති පුද්ගලයෙකි.

- ලිවීමේදී ඉරි ගසා මකා නැවත නැවතත් සකස් කරමින් ලියන්නාවූ පුද්ගලයා සත්‍ය සොයා යන්නෙකු වේ.

- ජීවිතයේ ජයමග සොයා යන්නා හොඳින් සිතමින් කල්පනා කරමින් ලිවීමේ කටයුතු කරයි.

- සිතෙහි ඇති ගැටළු අමතක කිරීමට වෙහෙසෙන්නා කොළයේ ලියා අවසානයේ එය ගුළි කර ඉවත දමයි.

- කළු පැහැයේ තීන්ත භාවිතා කරන්නේ, මානව දයාවෙන් උපරිමය ඇති විවෘත අදහස් ඇති තැනැත්තන් ය.

- සමාජයට ලැදි සරල ජීවිත ගත කරන්නන් නිල් පැහැති තීන්ත සහිත පෑන් භාවිතා කරති.

- යම් අයෙකු ඉතා බැරෑරුම් වචන යොදමින් ලියන්නේ නම්, ඔවුන් ආත්ම අභිමානයෙන් සත්‍ය සොයන්නෝ වෙති.

- ජීවිතයේ අත්දැකීම් බහුල අය ඉතා සරල ලෙස තම ලිවීම සිදු කරයි.

- සමාජයට බරක් නොවී ජීවිතය ගත කරන පුද්ගලයන් පැහැදිලි ව විරාම ලකුණු යොදමින් තම ලිවීමේ කටයුතු කරයි.

- තේරුම් ගැනීමට ඉතා අපහසු සලකුණු තම අත්සනට යොදන්නේ, ගුප්ත අදහස් ඇති ජීවිතයේ ගැටළු නිරාකරණය කර ගැනීමට උත්සාහ දරන්නෝ ය.

- අයහපත් ගති ඇත්තෝ වෙනස් බසකින් අත්සන් කරයි.

- අහංකාර ගති ඇති පුද්ගලයන් මවුබසින් තම අත්සන යොදයි.

- ලිපියක ඉහළින් අත්සන තබන්නේ, උද්ධච්ඡ පුද්ගලයන් ය.

- ලිපියක පහළින් අත්සන යොදන පුද්ගලයන් නිහතමානී අය වේ.

 

 

 

 

 

 

 

 

 

By : Kaushalya De Silva

Photo Source : Internet

views

1994 Views

Comments

arrow-up