ලොව මිල අධිකම නිරූපිකාවෝ
For Sri Lankan's Overseas
Latest_News
calendar
FEB
05

ලොව මිල අධිකම නිරූපිකාවෝ

ලොව මිල අධිකම නිරූපිකාවෝ

නිරූපණ ක්ශේත්‍රයේ ලොව දැනට ලෝකයේ සිටින වැඩිම ගාස්තුවක් අය කරන සුපිරි නිරූපිකාවෝ පහත පරිදි වේ.

 

 

  • කෙන්ඩල් ජෙනර්

 

 

ඇය අය කරන මුදල ඇ.ඩො. මිලියන 22 පමණ වේ. තවමත් අවුරුදු 24ක යුවතියක වන කෙන්ඩල් ජෙනර් ප‍්‍රසිද්ධ කාර්ඩෂියන් පවුලේ ළාබාල සාමාජිකාවකි. දැනට ලොව සිටින සුන්දරම, වැඩිම ඉල්ලුමක් ඇති සුපිරි නිරූපිකාවන් අතර ඇය ඉහළින්ම වැජඹෙන්නීය. ඇගේ ඉන්ස්ටග‍්‍රෑම් අනුගාමික සංඛ්‍යාව මිලියන 85ද ඉක්මවයි. රූපලාවන්‍ය නිපැයුම්, කාන්තා යට ඇඳුම් හා පාවහන් වර්ග ප‍්‍රවර්ධනය සඳහා ඇය ලොව සුප‍්‍රකට සමාගම් සමඟ කටයුතු කරන්නීය.

  • ජිසෙල් බන්චන්

 

 

ඇ.ඩො. මිලියන 17.5 මුදලක් ජිසෙල් අය කරයි. බ‍්‍රසීලියානු ජාතික ජිසෙල් විලාසිතා ලෝකයේ එතෙක් මෙතෙක් සිටි අති සාර්ථකම නිරූපණ ශිල්පිනියක ලෙස සැලකේ. 2015 වසරේදී විලාසිතා දැක්මවල නිරූපණයෙන් විශ‍්‍රාම ගත් ජිසෙල්ගේ වයස අවුරුදු 40ට ආසන්නය. නමුත් සුවඳ විලවුන්, පාවහන් හා ඇගේ උපන් රට වන බ‍්‍රසීලයේ ආභරණ සමාගම් සමඟ පවතින ගිවිසුම් නිසා මිලියන ගණනින් මුදල් උපයන්නීය. දශක දෙකකටත් වඩා දිගු ඇගේ වෘත්තීය ජීවිතයේදී වෝග්, , එල් හා හාපර්ස් බසාර් වැනි විලාසිතා සඟරාවල කවරයේ ඡායාරූප 1200කටත් වඩා පෙනී සිට ඇත. ඇය පරිසරයට දැඩිව ආදරය කරන්නියකි. ඇගේ උපන් රටේ දේශීය ගස් වර්ග පවා සිටුවීමට කටයුතු කළ ඇගේ කැපවීම හා පරිසරය සබැඳි සංරක්ෂණ කටයුතුවලට දැක්වූ උනන්දුව නිසාම ඇය එක්සත් ජාතීන්ගේ පාරිසරික වැඩසටහනේ තානාපතිවරියක වශයෙන්ද පත් කරනු ලැබුවාය. පරිසරය ආරක්ෂා කරගෙන ඉදිරි පරපුරට උරුම කරදීම සඳහා ඇය අදටත් කැප වී කටයුතු කරගෙන යන්නීය.
 

 

  • ක‍්‍රිසී ටීගන්

 

 

ඇය අය කරන මුදල ඇ.ඩො. මිලියන 13.5 වන අතර ඇය පාන වර්ග සඳහා වෙළෙඳ දැන්වීම්වලට පෙනී සිටින ශිල්පිනියක වශයෙන්ද ජනප‍්‍රියය. කේශාලංකරණ දැන්වීම් නිර්මාණය කරන සමාගම් හා රූපලාවන්‍ය නිෂ්පාදන වෙනුවෙන්ද ඇය නිරන්තරව පෙනී සිටින්නීය. ඉන්ස්ටග‍්‍රෑම් හා ට්විටර් යන සමාජ මාධ්‍යවලද ඇය අතිශය ජනප‍්‍රිය තරුවකි. වෝග්, කොස්මොපොලිටන් වැනි සඟරාවල කවරයේ ඡායාරූප සඳහා ඇය පෙනී සිට ඇත. ක‍්‍රිසී පුංචි තිරයටද නැතිවම බැරි තරුවකි. ඇය විවාහ වී සිටින්නේ සම්මානනීය ගායක ජෝන් ලෙජන්ඩ් සමඟිනි.
 

  • ඇඩ්රියානා ලීමා

 

 

වරකට අය කරන මුදල ඇ.ඩො. මිලියන 10.5ක් පමණ වේ. බ‍්‍රසීල ජාතිකයෙකු වන ඇඩ්‍රියානා විලාසිතා ක්ෂේත‍්‍රයට එක් වූයේ 90 දශකයේ දීය. එදා පටන්ම මෝස්තර නිරූපනයේ ඉහළින්ම රැඳී සිටින්නටත් ඇය සමත් වූවාය. ලොව ප‍්‍රධාන පෙළේ විලාසිතා සමාගමක තානාපතිනිය ලෙස ඇය වසර ගණනාවක් රැඳී සිටින්නීය. එම සමගම හා වැඩිම වසර ගණනාවක් රැඳී සිටි නිල තානාපතිනිය වන්නේද ඇයයි. බාස්කට් බෝල් ක‍්‍රීඩකයෙක් හා විවාහ වී සිටින ඇය එක්දරු මවකි. ඇඩ්රියානාගේ ඉන්ස්ටග‍්‍රෑම් අනුගාමික සංඛ්‍යාව මිලියන 10.8 ද ඉක්මවයි. ඇයට වැඩිපුරම ලැබෙන්නේ ක‍්‍රීඩා විලාසිතා නිරූපණ අවස්ථාවන්ය.

 

 

 

 

 

 

 

By : Dilki Shamani

Photo Source : Internet

 

views

1457 Views

Comments

arrow-up