අතීතයේ සුසාන ක්‍රම

අනාදිමත් කලක සිට ශ්‍රී ලංකාවේ සිදු වූ එම භූමදාන කටයුතු හෙවත් ශවෝපාචාර ක්‍රම හා ඒ සම්බන්ධව අනාවරණය කරගෙන ඇති කරුණු පිළිබඳ විමසා බලමු.
1. නිකවැව පිහිටි ශිලා කේතුක සුසාන
මියගිය පුද්ගලයකු වළ දැමීමේ දී නමා හකුළා වළ දැමීම හෙවත් උක්කුටියෙන් වළ දැමීම සුවිශේෂ කරුණක් වන අතර ඒ බව බෙල්ලන්බැඳිපැලැස්ස, රාවණා ඇල්ල සහ මිනීඇතිළියෙන් හමු වී ඇති සාධක මැනවින් තහවුරු කරයි. එසේම කුරුවිට බටදොඹලෙනෙන් ද භූමදාන කරන ලද පුද්ගලයන් 38 දෙනෙකුට අයත් සාධක පුරාවිද්‍යා කැණීම් වලින් හඳුනාගෙන තිබේ. ප්‍රාථමික දඩයම් ජීවිතයක් ගත කළ බළන්ගොඩ මානවයා විසින් මියගිය පුද්ගලයකු භූමදාන කරන විට වළ දැමීමේ දී බටහිර දෙසට හිස සිටින සේ වළ දමා තිබීම ද අතිශයින් වැදගත් වේ.
2. මැටි ඔරු සුසාන
ශ්‍රී ලංකාවටම ආවේණික සුසාන ක්‍රමයක් වන මැටි ඔරු හෙවත් මැටි මංජුසා සුසාන ශ්‍රී ලංකාවේ පූර්ව ඉතිහාසයේ සුවිශේෂ සුසාන වර්ගයක් ලෙස පෙන්වා දිය හැකි ය. 1982 වර්ෂයේ දී ඉබ්බන්කටුව සුසාන භූමියෙන් මෙවැනි සුසානයක් හමු වූව ද ද එකල හඳුනාගෙන ඇත්තේ ගිනි දල්වන ලද ස්ථානයක් ලෙසය. එම සුසානය තුළ තිබී කානීලියන් පබළු හමු වී ඇති අතර එයින් ලබාගත් අඟුරු සාම්පල ආශ්‍රිත ව සිදු කරන ලද කාලනීර්ණවල දී එම සුසානය ක්‍රි .පූ 720 ට කාල නීර්ණය වී ඇත. මැටි ඔරු සුසාන බොහෝ දුරට ස්ථාපිත වී ඇත්තේ කඳුකර කලාපයේ හා අන්තර් මධ්‍යම කලාපයේ ය. එම සුසාන තුළ මළ මිනිය හෝ මානව අස්ථි කොටස් දවා තිබීම හෝ මුට්ටි තුළ බහා දැවීම සිදු කළ බව එහි අභ්‍යන්තරයේ හමු වන තැන්පතුවලින් හඳුනාගත හැකි වේ.
3. ශිලා ටැඹ සුසාන
ශ්‍රී ලංකාවේ හමු වන දුර්ලභ ගණයේ සුසාන විශේෂයක් ලෙස ශිලා ටැඹ සුසාන හැඳින්විය හැකි ය. දැනට වාර්තා වන අන්දමට එවැනි සුසානයක් මැදවච්චිය හොරොව්පොතාන මාර්ගයේ තම්මැන්නා ගොඩැල්ල ස්ථානයේ පිහිටා තිබේ. එම සුසානය ඉදි කර ඇත්තේ විශාල ශිලා ටැඹක් සිරස් අතට සිටුවීමෙනි. එම ශිලා ටැඹ වටා මැටි මුට්ටි තුළ භෂ්මාවශේෂ සහ මියගිය තැනැත්තා භාවිත කරන ලද ආභරණ ඇතුළු සුසාන තැන්පතු පූජා මුට්ටි තුළ බහා තැන්පත් කර තිබේ.
4. ශිලා පෙළ සුසාන
ශ්‍රී ලංකාවෙන් හමු වන ශිලා පෙළ වර්ගයේ එකම සුසානය පිහිටා ඇත්තේ කහටගස්දිගිලියට නුදුරු කොක්එබේ මෙගලිතික සුසාන භූමියේය. මීටර් එකක් පමණ උස ශිලා පුවරු සිරස් අතට පොළොවේ සිටුවා තිරස් අතට පෙළක් ලෙස මීටර් 15ක් පමණ දිගට සකසන ලද ශිලා පෙළක දෙපැත්තේම සුසාන බරණි සහ පූජා මුට්ටි වළදමා තිබේ. මෙය සුවිශේෂ සුසාන ක්‍රමයක් වන අතර එය ශ්‍රී ලංකාවෙන් වාර්තා වන දුර්ලභ සුසාන වර්ගයක් ලෙස ද හඳුන්වාඳිය හැකි ය.
By : Dilki Shamani
Photo Source : Internet
1294 Views
Comments