රට ඉදි වල ඇති පුදුම හිතෙන ගුණ
For Sri Lankan's Overseas
Latest_News
calendar
SEP
18

රට ඉදි වල ඇති පුදුම හිතෙන ගුණ

රට ඉදි වල ඇති පුදුම හිතෙන ගුණ

රට ඉදි කියන්නෙ කේක් පුඩින් වගේ ආහාර රසවත් කරන්නත් නැතුවම බැරි කෑමක්. සෑම වසරකම වගේ ලංකාවට මෙම රට ඉදි ඉතා විශාල වශයෙන් ලංකාවට ආනයනය කරන්නෙ ලංකාවෙ වැසියන් මෙම රට ඉදි බොහෝ සෙයින් පරිබෝජනය කරන නිසාවෙනි. ඇත්තවශයෙන්ම අපි ගොඩක් වෙලාවක් බඩගින්නෙ ඉදල එක පාරටම කෑම ගන්න ගත්තම අමාරුයිනෙ, ඒක ඔබත් මමත් අපි හැමෝමත් දන්නවා. නමුත් ඔබ දන්නවාද එහෙම වෙලාවක කෑම ගන්න කලින් රට ඉදි ගෙඩියක් කාල වතුර උගුරක් බීල කන්න පටන් ගත්තාම ඒ කිසි අමාරුවක් දැනෙන්නේ නැති බව​. සැකයක් තියෙනවා නම් ඔබට ඒ පිලිබදව මුස්ලිම් කෙනෙක් ගෙන් අසා විමසා දැන ගන්න ඔවුන් නෝම්බි අල්ලා අවසන් වී ආහාර ගන්නට මත්තෙන් නියත වශයෙන් ම එම ක්‍රියාව කරනවා ඇති.

 

දැන් අපි බලමු මේ කියන රට ඉදි වල පෝෂණ පැතිකඩ මොන වගේ පැත්තක්ද තියෙන්නෙ කියල​. රට ඉදි කියන්නෙ වියලි පලතුරක් නිසාම ඒවායේ කැලරි ප්‍රමාණය ඇපල් දොඩම් මිදි වැනි නොයෙකුත් නැවුම් පලතුරු වලට වඩා වැඩි බව ඔබ දැන සිටියාද​. ඉතින් අන්න ඒ නිසාම නිරෝගි දිවියක් ගෙවන්න අවශ්‍යය අති දුර්ලබ ඝනයේ පෝෂ පදාර්ත මේ පලතුරේ අන්තර්ගතවී තියෙනවා කිව්වොත් ඔව පුදුම වෙන එකක් නැහැ. ඉතින් මෙවැනි හේතු නිසාම තමයි රට ඉදි වල සෞඛ්‍යමය පෝෂණ පැත්ත ඉතා ඉහළ වෙන්නෙ. ඒවා ගැන සදහන් කරනවා නම් එය ඉක්මනින්ම ශරීරයට උරාගෙන ක්‍ෂණික පෝෂන ගුණයක් දෙන ආහාරයක්. උදාහරණයක් ලෙස අපට මෙය ගම හරහා දිවූ ක්‍රීඩකයෙක්ට දෙන්න උනත් සුදුසුයි වෙනත් ක්‍රුතීම ශක්තිජනක දෙනවට වඩා. තවද මෙය අධික ලෙස කෙට්ටු අයගේ ශරීරයේ බර වැඩි කරන්නත් දායක වෙනවා. ඒ සදහා රට ඉදි මදුලු කීපයක් ඇට ඉවත් කරල කිරි කෝප්පයක දාල ටික වේලාවක් තබා ආහාරයට ගැනීම සිදු කර යුතුයි. මේ අයුරින් දිනපතා සතියක් පමණ කිරීමෙන් ඔබට පැහැදිලි වෙනසක් බලා ගත හැකියි.

 

තවද මෙය මලබද්ද රෝගීන්ට ද එය සුව වීමට දෙන දෙන දෙයක්. මෙහිදී වඩා වැදගත් වන්නේ රට ඉදි නිකන්ම ආහාරයට ගන්නව්ට වඩා ඒවායේ මදුලු ගලවා ඇට ඉවත් කර ඇල් වතුර එකක් ඇයක් පෙගෙන්නට හැර පසුවදා උදේ ආහාරයට ගැනීමයි. එය වඩා ගුණදායකයි. (බර වැඩි කර ගැනීම මලබද්දය යන දෙකටම​) ආහාර ජීර්ණය පමා වෙන රෝගීන් ආහාරයක් විදියට රට ඉදි ආහාරයට ගන්නවා නම් ඔවුන්ට එය ජීර්ණ කටයුත්ත පහසු කිරීමට මහගු පිටි වහලක් වෙනවා. තවත් කියනවා නම් මෙම රට ඉදි ආහාර ජීර්න පද්දතියේ රෝග මග ඇරවන්න මෙන්ම ආමාශගත පිළිකා අවදානම වළක්වාලීමටත් මෙය මහගු පිටුවහලක් වෙනවා. තවද සතියකට දෙවතාවක් වත් මෙම රට ඉදි මදුලු කීපයක් ආහාරයට එක් කර ගැනීමෙන් වැළදුනු හ්‍රුදයාබාද සුව කිරීමටත් නව හ්‍රුදයාබාද වැළදීමේ ප්‍රවණතාව මගහරවා ගන්නටත් හැකියාවක් තිබෙනවා. ඒ වගේම තමයි මුත්‍රා පිට නොවීම සහ මුත්‍රා දැවිල්ල වැනි රෝග නිසාද අද කාලයේ බොහෝ දෙනා අපහසුතා වලට ලක් වෙලා ඉන්නෙ. එවනි පුද්ගලයින්ටත් මෙයින් විසදුමක් තියනවා. ඒ තමයි හොදින් උණු කර නටවා ගත් ජලය ටිකකට රට ඉදි මදුලු 8ක් වගේ තලා දාල බොන්න​. තවද මෙහි පිළිකා නාශක ගුණයක් පවා ගැබ්ව තිබීම විශේෂත්වයක්.

 

 

 

 

 

 

 

 

by Sahan Sandeeepa

Photo source : Internet

views

4062 Views

Comments

arrow-up