දෙවන ලෝක යුධ සමයේ කළ Terminator Super Soldier අත්හදා බැලීම
For Sri Lankan's Overseas
Latest_News
calendar
SEP
16

දෙවන ලෝක යුධ සමයේ කළ Terminator Super Soldier අත්හදා බැලීම

දෙවන ලෝක යුධ සමයේ කළ Terminator Super Soldier අත්හදා බැලීම

මිනිස් ඉතිහාසය තුල සිදු වූ අති බිහිසුණු, වේදනාත්මක මෙන්ම විනාශකාරීම යුද්ධය ලෙස දෙවන ලෝක යුද්ධය හැඳින්විය හැකිය. 1939 සැප්තැම්බර් 01 දා ආරම්භ වී 1945 සැප්තැම්බර් 02 වන දා අවසන් වූ මේ මහා යුද්ධය නිසා මිලියන 70-85 ක් දක්වා ජීවිත හානියක් සිදු වී ඇත. 1940 ලෝක ජනගහන වාර්තාවට අනුව මෙම ප්‍රමාණය 3% කි. රටවල් ලෙස ගත් විට සෝවියට් සමූහාණ්ඩුව එසේ නොමැතිනම් වර්තමාන රුසියාවට මෙයින් වැඩිම ජීවිත හානි ප්‍රමාණයක් සිදු විය. දළ වශයෙන් එම ප්‍රමාණය මිලියන 26 කි. දෙවනුවට වැඩිම ජීවිත හානියක් වාර්තා වූයේ චීනයෙනි. එම ප්‍රමාණය මිලියන 20 කි. දෙවන ලෝක යුද්ධය ආරම්භ කළ ජර්මනියට මෙයින් අහිමි වූ ජීවිත ප්‍රමාණය මිලියන 7 කි. මෙතරම් ජීවිත ප්‍රමාණයක් හානි වීමට හේතුව වූයේ දෙවන ලෝක යුද්ධය කාලසීමාව තුළදී බොහෝ පර්යේෂණ ප්‍රමාණයක් අත දා බැලීමයි. එමෙන්ම එම පරීක්ෂණ වල මුල් අවධිය ද දෙවන ලෝක යුද්ධයේ ආරම්භයේ සිදු වී ඇත. මේ දත්ත දෙස බැලීමේදී ඔබට වැටහෙන ප්‍රධානම කරුණක් වන්නේ ජීවිත හානි වැඩි ප්‍රමාණයක් සිදු වී ඇත්තේ සෝවියට් සමූහාණ්ඩුව තුළ එනම් රුසියාව තුළ බවයි.
පළමු ලෝක යුද්ධයෙන් පසුව ජර්මනියේ හමුදාමය අතින් ශක්තිමත් කළ පුද්ගලයා වන්නේ හිට්ලර්ය. පළමු ලෝක යුද්ධයෙන් පසුව නැවත ලෝක යුද්ධයක් ඇතිවේ යැයි කිසිඳු රටක් විශ්වාස නොකළේය. මෙතරම් ජීවිත ප්‍රමාණයක් විනාශ වීමට එයද හේතු විය. රුසියාව නැවත ලෝක යුද්ධයක් ඇති වේ යැයි විශ්වාස නොකළ රටවල් අතරින් ප්‍රධාන ස්ථානයක් ගනී.
දෙවන ලෝක යුද්ධය ආරම්භ වූ පසු සෝවියට් හමුදාව අනුගමනය කළේ පළමු ලෝක යුද්ධයේ මෙන්ම විශාල හමුදා සෙබළු ප්‍රමාණයත් යුද්ධය සඳහා යැවීමේ පිලිවෙතයි. ඉතිහාසගත තොරතුරු වලට අනුව මුල් කාලයේ දී ඇතැම් සෙබළුන් යුද්ධය සඳහා පිටත් වී ගොස් ඇත්තේ කිසිදු අවි ආයුධයක්වත් තමා අතැතිව නොමැතිවයි. එම වකවානුව වන විට ජර්මානු හමුදාව යුධමය අතින් ඉතා බලවත් විය. මේ බලසම්පන්න ජර්මානු හමුදාව නිසා රයිෆලයක්වත් නොමැතිව යුද්ධය සඳහා පිටත් වූ විශාල හමුදාවකට තම ජීවිතයෙන් වන්දි ගෙවීමට සිදුවිය. මේ ආකාරයට සෝවියට් හමුදාව මුල් කාලයේ දී භාවිතා කළ උපක්‍රම නිසා සෝවියට් සෙබළුන් අති විශාල ප්‍රමාණයක් මරණයට පත් විය. මේ දැවැන්ත හමුදා ජීවිත හානිය අවම කිරීම සඳහා සුපිරි බලයක් ඇති හමුදා සෙබළුන් නිර්මාණය කිරීමේ මෙහෙයුම් ‍ව්‍යාපෘතියක් රුසියාව විසින් අත්හදා බලා ඇත.
1939 සිට 1941 දක්වා කාලය තුළ සෝවියට් සෙබළුන් සඳහා කළ terminator ආකාරයේ super soldier අත්හදා බැලීම.
මේ තොරතුරු මුලින්ම ලෝකයට හෙළි කරන්නේ ජෙෆ් ස්ටාර්ස් බර්ක් නම් ඉතිහාස පරීක්ෂකවරයා විසින්ය. ඔහු පවසන ආකාරයට දෙවන ලෝක යුද්ධය සමයේ සෝවියට් රුසියාව විසින් ජර්මන් හමුදාවට මුහුණ දීම සඳහා සුපිරි හමුදා භටයන් නිර්මාණය කිරීමේ අතිශය රහසිගත ව්‍යාපෘතියක් ආරම්භ කර ඇත. එයට මුල් අවස්ථාවේ ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වූ සෙබළුන් තුන්සියයක් පමණ සහභාගී කරගෙන ද ඇත.
මෙහිදී මුලින්ම තෝරා ගන්නා හමුදා සෙබළුන් ගේ මොළයේ ඇති වේදනා හඳුනා ගන්නා ස්ථානය ඉවත් කර ඒ වෙනුවට රත්රන් වලින් නිර්මාණය කළ ඉලෙක්ට්‍රෝඩ සවිකර ඇත. එමගින් ඔවුන්ට යුද්ධයකදී දැනෙන වේදනාව නොදැනී යන ආකාරයට ඔවුන්ව නිර්මාණය කර ඇත. මීට අමතරව සෙබළුන්ගේ බාහුවල අස්ථි ටයිටේනියම් වලින් නිර්මාණය කර ඇති කෘතිම අස්ථි වලට මාරු කර ඇත. එමෙන්ම මේ පරීක්ෂණ වලට සහභාගී වූ සෙබළුන්ට non discloser agreement නම් ගිවිසුමකට අත්සන් කිරීමට සිදුවී ඇත. මෙහි එක් කොන්දේසියක් වන්නේ යම් ආකාරයකින් මේ පරීක්ෂණ පිළිබඳව තොරතුරු ලෝකයට හෙළි කළහොත් එහි ප්‍රතිඵලයක් ලෙස ඔහුට මරණය අත්වන බවයි. ඒ නිසාම පසුව සහභාගී වූ සෙබළුන්ගෙන් විශාල ප්‍රමාණයක් මේ පරීක්ෂණයට සහභාගී නොවූ බවත් වාර්තාවේ. ඉතිරි වූ සෙබළුන්ගෙන් සුවිශේෂී වූ හමුදා කණ්ඩායමක් නිර්මාණය කළ බවටත් පවසයි.
කෙසේ නමුත් මේ සිදුවීම සිදු වන්නේ දෙවන ලෝක යුද්ධය ආරම්භ වීමට පෙර ය. යුද්ධය ආරම්භ වීමට සතියකට පමණ පෙර මේ පරීක්ෂණාගාරය බෙලරූස් ප්‍රදේශයේ ස්ථානයකට රැගෙන ගොස් ඇත. යුද්ධය ආරම්භ වීමත් සමඟම නාසි හමුදාව විසින් පෙර පරීක්ෂණාගාරය තිබූ ප්‍රදේශය සම්පූර්ණයෙන්ම විනාශ කර ඇත. නාසි හමුදාව විසින් මෙම super soldiers අත්හදා බැලීම පිළිබඳව තොරතුරු දැනගෙන එය හිතාමතාම විනාශ කළ බව ද මතයක් පවතී. පරීක්ෂණයට භාජනය කළ 150 ක පමණ සෙබළුන් තවමත් ජීවත් වන බවට ඇතැමුන් පවසයි. කෙසේ නමුත් 1945 දී ඇමරිකානු හමුදාව ජර්මනියේ අත්පත් කරගත් නාසීන්ට අයත් රහස් වෛද්‍ය පරීක්ෂණාගාරයක තිබී කපා වෙන්කරන ලද සෝවියට් හමුදා සෙබළුන්ගේ සිරුරු විශාල ප්‍රමාණයක් හමු වූ බවත්, මේ සිරුරු වල අස්ථි titanium වලින් නිර්මාණය කර තිබූ බවත් වාර්තා කර ඇත. මේ සොයා ගැනීමෙන් පසුව සියලුම සිරුරු ඇමරිකානු හමුදාව විසින් රැගෙන ගිය බවත් ජෙෆ් විසින් වැඩිදුරටත් පවසා ඇත. මීට අමතරව 1994 දී වෛද්‍යවරයෙකු ලෙස සේවය කළ සේගේ කොන්වෝ නම් වෛද්‍යවරයා විශාල ගංගාවක් අසළ පිහිටි නගරයක තිබූ පැරණි සොහොනක විනාශ වෙමින් පැවති ලෝහවලින් සෑදූ ලෝහ අස්ථි සහිත ඇටසැකිල්ලක් දුටු බවත් ප්‍රකාශ කර ඇත. මුල් අවස්ථාවේදී ඔහු එය එතරම් ගණන් නොගෙන සිට ඇති අතර ඉන් දින දෙකකට පසුව ගොස් පරීක්ෂා කිරීමේදී එම ඇටසැකිල්ල එම ස්ථානයෙන් තිබී නොමැත.
කෙසේ නමුත් බටහිර මාධ්‍ය මේ තොරතුරු සාවද්‍ය බව ප්‍රකාශ කර සිටී. නමුත් බටහිර මාධ්‍ය යනු ඇමරිකානු රජයේම බළල් අත්ය. ඇතැම් විට මේවායේ රහස්‍ය බාවය නිසාම මේ පිළිබඳව තොරතුරු වාර්තා නොවී තිබීමටත් හේතු විය හැකිය.

 

views

1749 Views

Comments

arrow-up