වසන්තයේ පර්සියානු නව වසර

පර්සියානු දින දර්ශනය සෘතුව හතරකට බෙදා තියෙනවා. හැම සෘතුවක්ම මාස තුනකින් ඉවරවෙනවා. මාර්තු 21 වනදා එරටට වසන්තය උදාවුනා. ඒ ඍතු වලින් සුන්දරම සෘතුව එයයි. ඒ නිසා සුපුරුදු ලෙස පර්සි ජාතිකයෝ ඔවුන්ගේ නව වසර සැමරුවා. පර්සි භාෂාව කතා කරන සහ එන සංස්කෘතියට සම්බන්ධ ජනකොටස් ජීවත් වන සෑම ප්‍රදේශයකම සාම්ප්‍රදායික උත්සවය ජන ජීවිතයට එකතු වුණා. සොබාදහමේ විශිෂ්ඨ ආශ්චර්යයන් මිහි මත විහිදෙන කාල වකවානුව මෙයයි. මින් පසු පැමිණෙන්නේ ගිම්හානය. ඇතැම්විට දරාගත නොහැකි මට්ටමට පවා අධික උෂ්ණත්වය පවතිනවා. පාසල් සරසවි වගේ ස්ථාන මේ කාලයට නිවාඩු දෙනවා. එහි දිවා කාලයේ දිගයි. රාත්‍රී කාලය කෙටි. ගිම්හාන මාස තුනෙන් පස්සේ උදාවෙන්නේ සරත් ඍතුව. එහිදී ගස්වල කොළ වැටෙනවා. වැහිබර කාලගුණය පවතිනවා. වාතය ටිකින් ටික වෙනස් වෙනවා. ඉන්පසු එලබෙන්නේ ශීත ඍතුව. මෙහි මුළු ප්‍රදේශයම හිමෙන් වැසී යනවා. ඒ කාලයට රාත්‍රි කාලය දිගයි. දිවා කාලය කොටයි.
නවුරුස් නැමති සම්ප්‍රදාය වසර 2500ට වඩා පැරණි කාලයේ සිටම පවතින දෙයක්. සොරොස්ත්‍රියානු පසුබිමක් සහිත මෙම උත්සව මාලාව කලින් කලට ඔප් නැංවෙමින් දැනෙන්නෙ පවතින ඉහළ සංස්කෘතික ලක්ෂණ සහිතව වැජබෙනවා. ඉස්ලාම් ව්‍යාප්තියෙන් පසුවද මෙම සම්ප්‍රදාය සිදු වෙනස්වීමකින් තොරව පැවැත්වුණා.
අවුරුදු උදාව සිදුවන සුබ මොහොතේ මෙම සම්ප්‍රදායේ වැදගත් අගයක් ආහාර වර්ග ගණනාවකින් යුත් හෝ මේසයක් සකස් කර පර්සි භාෂාවෙන් ස අකුරෙන් පටන් ගන්නා නම් සහිත භාණ්ඩ හතක් මේ මේසයේ ප්‍රදර්ශනය කරනවා. ඊට අමතරව කුරාණයේ පිටපතක් කණ්ණාඩියක් මෙන්ම ජීවමාන බව සංකේතවත් කරමින් මාලුවෙක් සහිත ජල බඳුනක් ඊට එක් කරනවා. පවුලේ අය එම මේසය වටා එකතු වී අවුරුදු උදාවට ආවේණික ආගමික වතාවත් ඉටුකිරීම සුබපැතුම් සහ තෑගිබෝග බෙදාගැනීම වැඩිහිටියන්ට ගරු බුහුමන් දැක්වීම නැවත වතාවක් සිදු කරනවා.
අවුරුදු දවස් කීපයකට පෙරදී සුද්ද පවිත්‍රකර අවුරුදු සූදානම් වීම එක්තරා වැදගත් අංගයක්. සෑම ගෙදරකම වගේ ගෙදරින් ඉවත් කරන බඩු ආයිත්තම් ගිනිබත් කරතබන එක සිරිතක්. මෙලෙස නව අවුරුදු සැමරුම සමරා උළෙල අවසන් වී පසු දින නැවත සුපුරුදු දෛනික කටයුතුවල නිරත වෙනවා.විවිධ රටවල් වල ඔවුන්ට ආවේනික වූ ලෙස විවිධ කාලයන්හිදී නව අවුරුදු උදාවන් සමරනු ලබනවා. සිංහල අලුත් අවුරුද්ද සමරන සිංහල අපි වගේ පර්සියාව ඔවුන්ගේ අලුත් අවුරුද්ද සමරන්නේ ඒ විදිහට.
by Dilki Shamani
Photo Source: Internet
955 Views
Comments