2050දී අන්ධභාවය තුන්ගුණයකින් ඉහළට

වයස්ගත ජනගහනය වැඩිවීම හේතුවෙන් 2050 වන විට ලොව පුරා අන්ධයින්ගේ සංඛ්‍යාව මිලියන 36 සිට මිලියන 115 දක්වා තුන් ගුණයකින් වැඩි වනු ඇතැයි 'ද ලැන්සෙට්' හි අධ්‍යයනයකින් හෙළි වී තිබේ.
එක්සත් රාජධානියේ ඇන්ග්ලියා රස්කින් විශ්ව විද්‍යාලයේ නායකත්වයෙන් යුත් පර්යේෂකයෝ 1990 සිට 2015 දක්වා කාලය තුළ රටවල් 188 ක අන්ධභාවය සහ පෙනීමේ දුර්වලතා ඇති බව විශ්ලේෂණය කළ අතර 2020 සහ 2050 සඳහා ප්‍රක්ෂේපන ලබාදී ඇත. ද ලැන්සෙට් ග්ලෝබල් හෙල්ත් සඟරාවේ ප්‍රකාශයට පත් කරන ලද අධ්‍යයනය ප්‍රෙස්බයෝපියාව පිළිබඳ සංඛ්‍යා ඇතුළත් කළ පළමු අවස්ථාව වන අතර එය කියවීමේ හැකියාව කෙරෙහි බලපාන සහ වයස්ගත වීම සමඟ සම්බන්ධ වේ. ලොව පුරා මිලියන 36 ක ජනතාවක් අන්ධව සිටින බව ඇස්තමේන්තු කරතිබේ. පෙනීමේ දුර්වලතා සහිත පුද්ගලයින් වැඩි ප්‍රතිශතයක් වාර්තා වී ඇත්තේ දකුණු ආසියාවෙන් සහ අප්‍රිකානු රටවල්වලිනි.
ඔවුන් පවසන්නේ වැඩිහිටි ජනගහනය වැඩිවීම ද මෙයට හේතුවක් බවයි. ලෝකයේ රටවල් 118ක දත්ත යොදාගෙන මෙම පර්යේෂණය සිදුකර තිබේ. ජනගහනය අඛණ්ඩව වර්ධනය වන අතර වයස අනුව, බලපෑමට ලක්වූවන්ගේ සංඛ්‍යාව ගෝලීය වශයෙන් ඉහළ ගොස් ඇත. ඔවුන්ගේ සංඛ්‍යාව 1990 දී මිලියන 30.6 සිට 2015 දී මිලියන 36 දක්වා ද, මධ්‍යස්ථ හා දරුණු දෘශ්‍යාබාධිත පුද්ගලයින් මිලියන 160 සිට මිලියන 217 දක්වා ද ඉහළ ගොස් ඇති බව පර්යේෂකයෝ පවසති. මීට අමතරව, අධ්‍යයන ප්‍රක්ශේපණ වලට අනුව, 2020 වන විට අන්ධභාවය ව්‍යාප්ත වීමේ අනුපාතය ඉහළ යාමක් දැකිය හැකිය. ඒ අනුව අන්ධභාවයට 0.50% දක්වා සහ දෘශ්‍යාබාධ සඳහා 3.06% දක්වා ඉහළ ගොස් ඇත. ප්‍රතිකාර වැඩිදියුණු නොකළ හොත් 2050 වන විට රෝගීන්ගේ සංඛ්‍යාව තවදුරටත් ඉහළ යනු ඇතැයි ද එය පුරෝකථනය කරයි.
මෙය සමාජ-ආර්ථික සංවර්ධනය, ඉලක්කගත මහජන සෞඛ්‍ය වැඩසටහන් සහ අක්ෂි සෞඛ්‍ය සේවාවන් සඳහා වැඩි ප්‍රවේශයක් විය හැකි බව පර්යේෂකයෝ පැවසූහ. ඒ අනුව දෘශ්‍යාබාධිත පුද්ගලයින්ගේ සංඛ්‍යාව වේගවත් වීමත් සමඟ ගෝලීය, කලාපීය සහ රට මට්ටමින් අපගේ වර්තමාන ප්‍රතිකාර ප්‍රයත්නයන් වැඩි කිරීමට අප පියවර ගත යුතුයි. මීට පිළියමක් ලෙස ප්‍රතිකාර සහ සැත්කම් සඳහා ආයෝජනය කරන මුදල් ප්‍රමාණය වැඩි කළ යුතු බවත් අක්ෂි සම්බන්ධ වෛද්‍යවරුන් හෙදියන් සංඛ්‍යාව ද බෙහෙවින් වැඩි කළ යුතු බවත් මෙම අධ්‍යයනය සිදු කළ මහාචාර්යවරු පවසති.
by Dilki Shamani
Photo source : Internet
747 Views
Comments