පෘථිවියේ හිම මිදීම නැවතිලාද?
For Sri Lankan's Overseas
Latest_News
calendar
NOV
08

පෘථිවියේ හිම මිදීම නැවතිලාද?

පෘථිවියේ හිම මිදීම නැවතිලාද?

පෘථිවිය තුළ වෙන කවරදාටත් වඩා සීඝ්‍රයෙන් කාලගුණික දේශගුණික විපර්යාසයන් සිදුවීමට පටන්ගෙන තිබේ. එර් අනුව ආක්ටික් ගෝලයට අයත් ලැප්ටාව් මුහුදේ හිම මිදීම නැවතී ගොස් ඇති බව ඔබ දන්නවාද? . සෘතු භේදය අනුව, වසරේ මුල් උණුසුම් කාලයේ දියවී යන ආක්ටික් හිම වැස්ම, මේ කාලයේ ආරම්භවන ශීත සෘතුව සමග නැවතත් මිදීයාම ඇරඹෙයි. එය හැඳින්වෙන්නේ ‘සිසිල් මිදීම’ හෙවත් ‘ශීතනය’ හැටියටය. නමුත් මෙවර එය නිසිකලට සිදුනොවී අසාමාන්‍ය ලෙස ප්‍රමාද වෙමින් තිබේ. විද්‍යාඥයන්ට අනුව මේ ප්‍රමාද වූ ‘සිසිල් මිදීම’ මගින් ඉඟිකරන්නේ හරිතාගාර වායු විමෝචනයේ තවත් අනිටු පල විපාකයක් ගැනය. ලැප්ටාව් මුහුදේ මේ අසාමාන්‍ය හැසිරීමට හේතුව අන් කිසිවක් නොව, උතුරුදිග රුසියාවෙන් වාර්තා වන අසාමාන්‍ය සහ දික්ගැස්සෙන උණුසුම බව විද්වතුනගේ අදහසයි. මේ කලාපයේ මුහුද, ගතවූ කාලය තුළ සෙල්සියස් අංශක 5 කට ද වඩා රත් වී තිබේ. සෙල්සියස් අංශක දශමයකින් වුවත් ජලය උණුසුම් වීම බරපතළ ගැටලුවකි.


සාමාන්‍යයෙන් ශීත සෘතුවේ ආරම්භය පැමිණෙනවාත් සමග ලැප්ටාව් මුහුදේ වෙරළ තීරය දිගේ අයිස් හැදෙන්නට පටන් ගන්නා අතර, ඉන්පසු ඒවා බටහිර දෙසට සාගර දියවැල් ඔස්සේ ආක්ටික් කලාපය පුරා ගෙන යනු ලබයි. ග්‍රීන්ලන්තය සහ ස්ලැව්බාද් අතර පිහිටා තිබෙන ෆ්‍රේම් සමුද්‍ර සන්ධිය වෙතට මෙම අයිස් ගලා යනවිටදී වසන්ත සෘතුව උදා වී ඇති හෙයින් ඒකාලයට ඒවා දියවී යයි. දැන් ලැප්ටාව් මුහුදේ අයිස් සැදීම ප්‍රමාද වනවිට සිදුවන්නේ වඩාත් තුනී අයිස් තට්ටුවක් හෝ හිම තට්ටුවක් නිර්මාණය වීමයි. එවිට ඒවා ෆ්‍රේම් සමුද්‍ර සන්ධිය වෙතට ළඟාවීමට පෙරම දියවී යයි. එසේ වූ විට ආක්ටික් සාගරයේ තිබෙන ප්ලැන්ක්ටන් නමැති මුහුදු ශාකයේ සාරය එම අයිස් වතුරට ලැබෙන්නේ අඩුවෙනි. එහි ප්‍රතිඵලය වන්නේ මේ සාගර ජලයට වායුගෝලයෙන් කාබන්ඩයොක්සයිඩ් උරා ගැනීමට ඇති හැකියාව අවම වීමය. එහි ප්‍රතිපල ලෙස මුහුදු ජලයේ ශීතකාරක ගුණය හීන වී යන බව විද්‍යාඥයන් පෙන්වාදෙයි. එයට හේතු වූයේ කාර්මික, කෘෂිකාර්මික හරිතාගාර වායු විමෝචනය බව මේ වසරේ මුල එළිදැක්වුණු පර් යේෂණ පත්‍රිකා සනාථ කර තිබේ.

 

 

දැන් මේ අසාමාන්‍ය සංසිද්ධිය නිසාම ආක්ටික් කලාපය වේගයෙන් වෙනස් වෙමින් උණුසුම්ව ඇති අතර ‘අයිස් නැති - ශීත කාලයක්’ ක්‍රමයෙන් උදාවෙමින් පවති. ඒ අනුව අයිස්වලින් තොරවූ පළමු ගිම්හානය නුදුරු, 21 වැනි සියවසේදී උදාවීමට නියමිතය. ඉදිරියේදී මිනිසාට හිම පිරුණු ධ්‍රැවාසන්න ප්‍රදේශ සිතුවමක් පමණක් වනු ඇත.

 

 

 

 

 

 

 

by Dilki Shamani

Photo source : Internet

views

870 Views

Comments

arrow-up