අඟහරු සිට ඡායාරූප ලබා ගැනීමට ඔබට අවස්ථාව

අඟහරු ග්‍රහයා මත ඉතිහාසයේ ජීවය පැවතුණාද යන්න සොයා බැලීමට මූලික අරමුණ වූ නාසා ආයතනය 2020 වසරේ ජූලි 30 වන දින " Perseverance " රෝවරය ඇතුළත් වූ Atlas V541 රොකට්ටුව අඟහරු වෙත පිටත් කර යැවීම සිදු කළා. දින 203 කට ආසන්න පියාසර කාලයකින් සැතපුම් මිලියන 230 ක් පමණ ගමනකින් පසු 2021 පෙබරවාරි 19 දින අළුයම 2 ට පමණ Perseverance රෝවරය අඟහරු ග්‍රහයාගේ Jezero ආවාටය මත සාර්ථකව ගොඩ බැස්වූ බව Nasa ආයතනය තහවුරු කරමින් එහි සජීවී ඡායාරූපයන්ද එවා තිබුණා.
මෙම යානය අඟහරු වෙත යැවූ 5 වන යානයයි. කෙසේවෙතත් මේ ලිපියෙන් අප කථා බහ කරන්නේ Nasa ආයතනය මගින් අඟහරු ග්‍රහයා මත ඡායාරූපයක් ගැනීමට ලබා දෙන අවස්ථාව පිළිබඳවයි. Nasa ආයතනය මගින් මේ සඳහා ඔවුන් අඟහරු වෙත ගොඩබැස්සවූ Rover එක මගින් ලබා ගත් ඡායාරූපයන් පසුබිමක් ලෙස යොදා ගනිමින් සාමාන්‍ය ජනයාට තමාගේම ඡායාරූපයක් ලබා ගැනීමට අවස්ථාව ලබා දීමයි.
මෙය සිදු කරනු ලබන්නේ " Mars Perseverance Photo Booth " ලෙස හදුන්වනු ලබන Tool එක භාවිතා කරමිනි. මීට අමතරව ඔබට Nasa ආයතනය තුළ සිටින ආකාරයටද අපගේ ඡායාරූප ලබා ගැනීමට අපට අවශ්‍ය පසුබිම් සකස් කර තිබේ. මෙම tool එක මගින් background removing වලදී edge detection ද ඉතා සාර්ථකව ක්‍රියා කරන අතරම Mars perseverance ලෙස ඡායාරූපයන්ගේ watermark එකක් ද දැක ගත හැකි වනවා. මේ tool එක භාවිතා කිරීමට ඔබටත් දැන් හැකියාව තිබෙනවා.
ඔබේ ඡායාරූපයත් සකස් කරගන්න මෙතන click කරන්න
by Kaushalya De Silva
Photo source : Internet
483 Views
Comments