ලොව මිල අධිකම සුඛෝපභෝගී බල්ලන් වර්ග - 02
For Sri Lankan's Overseas
Latest_News
calendar
MAR
01

ලොව මිල අධිකම සුඛෝපභෝගී බල්ලන් වර්ග - 02

ලොව මිල අධිකම සුඛෝපභෝගී බල්ලන් වර්ග - 02

ඔන්න අපි 2021 වර්ෂයේදී ලොව මිලෙන් අධිකම සුඛෝපභෝගී බල්ලන් කිහිපයක් ගැන මේ ලිපියෙනුත් අරගෙන ආවා. සල්ලි බල්ලට ගියදෙන් කියලා කෙතරම් මිල අධික වුවත් බල්ලන්ට ගොඩාක් ආදරය කරන අය ඔවුන්ව මිලදී ගන්නවා. ඒ නිසාම එයාලගේ මිල ඉහළයි.

 

පෙර ලිපිය මෙතනින් බලන්න

 

05 - බර්නීස් මවුන්ටන් ඩෝග් ( Bernese Mountain Dogs )

 

 

  • මිල : $ 10,000 USD ලංකා මුදලින් : 1,960,000
  • අවම මිල : $ 1500 USD ලංකා මුදලින් : රු.294,000/=
  • උපත : ස්විට්සර්ලන්තය
  • බර : පිරිමි - 38-50 kg ගැහැනු - 36-48 kg
  • උස : පිරිමි - 64-70 cm ( 25" - 28" ) ගැහැනු - 58-66 cm ( 23" - 26" )
  • ආයු කාලය : අවුරුදු 6 - 9
  • වර්ණයන් : ත්‍රිත්ව වර්ණය ( කළු, දුඹුරු සහ සුදු )
  • වෙනත් නම් : බර්නර් ( Berner )
  • පැටවුන් බිහි කරන ප්‍රමාණය : සාමාන්‍යයෙන් පැටවුන් 5 - 7 සිට 15 දක්වා
  • ආහාර : ධාන්‍ය රහිත වියළි ආහාර
  • ස්වභාවය : බුද්ධිමත්, ආදරණීය, ලෙන්ගතු, විශ්වාසවන්ත

 

06 - යෝර්ක්ෂයර් ටෙරියර්ස් ( Yorkshire Terriers )

 

 

  • මිල : $ 9,800 USD ලංකා මුදලින් : 1,920,800
  • අවම මිල : $ 1000 USD ලංකා මුදලින් : රු.196,000/=
  • උපත : එංගලන්තය බර : 3.2 kg
  • උස : පිරිමි - 7"-9"
  • ආයු කාලය : අවුරුදු 13 - 15
  • වර්ණයන් : නිල් සහ තලෙළු, කළු සහ තලෙළු, කළු සහ රන්වන් පැහැය, නිල් සහ රන්වන් පැහැය
  • වෙනත් නම් : යෝර්කි
  • පැටවුන් බිහි කරන ප්‍රමාණය : 2 - 5
  • ආහාර : කුකුල් මස්, පීකුදු
  • ස්වභාවය : බුද්ධිමත්, ස්වාධීන, නිර්භීත

 

07 - අසාවක් ( Azawakh )

 

 

  • මිල : $ 9,000 USD ලංකා මුදලින් : 1,764,000
  • අවම මිල : $ 2000 USD ලංකා මුදලින් : රු.392,000/=
  • උපත : බුර්කිනා ෆාසෝ, මාලි, නයිජර්
  • බර : පිරිමි - 38-50 kg ගැහැනු - 36-48 kg
  • උස : පිරිමි - 64-70 cm ( 25" - 28" ) ගැහැනු - 58-66 cm ( 23" - 26" )
  • ආයු කාලය : අවුරුදු 10 - 12
  • වර්ණයන් : කළු, brindle, blue fawn, dark fawn, පැහැදිලි වැලි වර්ණ, grizzel
  • වෙනත් නම් : ඉඩි ( Idi ), ඔස්කා ( Oska ), බරීරු ( Bareeru)
  • පැටවුන් බිහි කරන ප්‍රමාණය : 4 - 6
  • ආහාර : වියළි කිබල්, ඉහළ තත්වයේ බල්ලන්ගේ ආහාර
  • ස්වභාවය : නොසැලකිලිවන්ත, ඇහුම්කන් දෙන, ආදරණීය, රළු, දරුණු

 

08 - රොට්වයලර් ( Rottweiler )

 

 

  • මිල : $ 9,000 USD ලංකා මුදලින් : රු.1,764,000/=
  • අවම මිල : $ 1025 USD ලංකා මුදලින් : 200,900
  • උපත : ජර්මනිය
  • බර : පිරිමි - 50-60 kg ගැහැනු - 35-48 kg
  • උස : පිරිමි - 61-69 cm ( 24" - 27" ) ගැහැනු - 56-63 cm ( 22" - 25" )
  • ආයු කාලය : අවුරුදු 8 - 10
  • වර්ණයන් : කළු, තලෙළු, මහෝගනී වර්ණය
  • වෙනත් නම් : රොට් ( Rott ), රොට්ටී ( Rottie )
  • පැටවුන් බිහි කරන ප්‍රමාණය : 8 - 12
  • ආහාර : වියළි කිබල්, ඉහළ තත්වයේ බල්ලන්ගේ ආහාර, සාමාන්‍ය තත්වයේ බල්ලන්ගේ ආහාර, කුකීස්
  • ස්වභාවය : කීකරු, නිර්භය, විශ්වාසවන්ත, හොඳ ගතිගුණ, සෝදිස්සියෙන් සිටින, එඩිතර

 

09 - කනේඩියන් එස්කිමො ඩෝග් Canadian Eskimo Dog

 

 

  • මිල : $ 8,700 USD ලංකා මුදලින් : 1,705,200
  • අවම මිල : $ 800 USD ලංකා මුදලින් : රු.156,800/=
  • උපත : කැනඩාව
  • බර : පිරිමි - 30-40 kg ගැහැනු - 18-30 kg
  • උස : පිරිමි - 58-70 cm ( 23" - 28" ) ගැහැනු - 50-60 cm ( 20" - 24" )
  • ආයු කාලය : අවුරුදු 10 - 15
  • වර්ණයන් : කළු, සුදු, කළු සහ සුදු, පීකුදු වර්ණය, අළු, රතු
  • වෙනත් නම් : කැනඩියන් හස්කි ( Canadian Husky )
  • පැටවුන් බිහි කරන ප්‍රමාණය : 3 - 8
  • ආහාර : මස්, අස්ථි ආහාර, මේදය
  • ස්වභාවය : ආදරණීය, බුද්ධිමත්, නිර්භීත,සෝදිස්සියෙන් සිටින, රළු, හිතුවක්කාර

 

10 - Dogo Argentino ( ඩෝගො ආර්ජන්ටිනො)

 

 

  • මිල : $ 8,000 USD ලංකා මුදලින් : 1,568,000
  • අවම මිල : $ 1000 USD ලංකා මුදලින් : රු.196,000/=
  • උපත : ආජන්ටිනාව
  • බර : පිරිමි - 40-45 kg ගැහැනු - 35-40 kg
  • උස : පිරිමි - 60-68 cm ( 24" - 27" ) ගැහැනු - 56-63 cm ( 24" - 26" )
  • ආයු කාලය : අවුරුදු 10 - 12
  • වර්ණයන් : සුදු
  • වෙනත් නම් : ඩෝගො ( Dogo )
  • පැටවුන් බිහි කරන ප්‍රමාණය : 8 - 12
  • ආහාර : වියළි කිබල්, ඉහළ තත්වයේ බල්ලන්ගේ ආහාර, එළු මස්, මාංශ පේෂීන් වර්ධනයට ලබා දෙන විශේෂිත ආහාර
  • ස්වභාවය : ආදරණීය, මිත්‍රශීලී, ලෙන්ගතු, ආරක්ෂක, ඉවසිලිවන්තයි

 

 

 

 

 

 

 

 

 

by Kaushalya De Silva

Photo source : Internet

views

3144 Views

Comments

arrow-up