වැලන්ටයින් සැමරුවට නිධාන කතාව දැනන් හිටියද?

මුළු ලොව පුරා ආදරවන්තයන්ටම වෙන්වූ සුවිශේෂී දිනයක් වන " වැලන්ටයින් දිනය " සෑම වසරකම පෙබරවාරි 14 වන දින සමරනු ලබනවා. ආදරවන්තයින්ගේ දිනය ලෙස හදුන්වනු ලබන මෙම දිනය සැබවින්ම සමරන්නේ 3 වන සියවසයේදී පමණ තම ජීවිතය ආදරය වෙනුවෙන් කැප කළ රෝමානු කතෝලික පූජකවරයෙකු සිහිපත් කිරීම වෙනුවෙනි.
මෙය සිදුවන්නෙ එකල රෝමය පාලනය කළ දෙවන ක්ලෝඩියස් අධිරාජ්‍යය සමයේදීය. එවකට රෝමානු වැසියන් විශාල වශයෙන් ක්‍රිස්තියානි නිකායන් වෙතට හැරෙමින් තිබුණි. දැඩි මිත්යාදෘෂ්ටිකයකු වූ මෙම අධිරාජ්‍යයා රෝමයේ සොල්දාදුවන්ට ක්‍රිස්තියානි කාන්තාවන් සමග විවාහ වීම තහනම් කළේය. ඒ අතරම ඔහුගේ සෙබළුන් අවිවාහකව සිටිය යුතු බවටද ඔහු විසින් අසාධාරණ ලෙස නීතියක් පනවාද තිබිණි. එයට හේතුව ලෙස අධිරාජ්‍යයා විශ්වාස කළේ විවාහක සෙබළුන්ට වඩා අවිවාහක සෙබළුන්ට සිය කාය ශක්තිය මෙන්ම ඉහළ ක්රියාශීලිත්වයක්ද ඇති බවයි.
මෙවැනි කාලයක යේසුස් වහන්සේගේ අති මහත් ප්‍රේමය ගැනත් මනාව දයාව වෙනුවෙන් ඔහු දිවි පිදූ බව දේශනා කරමින් රෝමයේ ටර්නි නුවර සැදැහැ සිතින් වැඩ විසූ " වැලන්ටිනස් " නම් වූ රදගුරු වෙත මෙම අධිරාජ්‍යයා පැණවූ අසාධාරණ නීතිය පිළිබඳව ආරංචි විය. මෙයට පිළියමක් ලෙස අප්‍රසිද්ධ වූ පල්ලි තුළදී අධිරාජ්යවරයාට රහසින්ම සෙබළුන්ව විවාහ කරවන්නට ඔහු අදිටන් කර ගත්තේය. මෙලෙස මෙම පූජකවරයාගේ තිබූ වීරත්වය හා කීර්තිය මුළු රෝමය පුරාම පැතිරෙන්නට වූ අතර අධිරාජ්‍යයාගේ කන වැටෙන්නට වැඩි කාලයක් ගත නොවීය. අධිරාජ්‍යවරයාගේ අණ නොතකා ක්‍රියා කිරීම සම්බන්ධයෙන් " වැලන්ටිනස් " සිර බාරයට ගත්තේය. එහෙත් ඔහු සිර ගතව සිටි කාලයේ පවා එහි සිටි සිරකරුවන්ගේ රෝග හා වේදනාවන් සුවපත් කිරීමටත්, ඔහු අධ්‍යාත්මිකව ශක්ති සම්පන්න විය. නිකරුණේ ක්ලෝඩියස් අධිරජු විසින් සිරගත කෙරුණ ක්‍රිස්තියානි ආගමික සිරකරුවන්ට පැන යාමට පවා එතුමා සහය දී තිබෙන බව ඉතා ගෞරවාන්විතව අප මතක් කර සිටිනවා.
සාමිවරයාගේ අධ්‍යාත්මික ගුණයෙන් සිරගෙයහි භාර ව සිටි ජේලර්වරයාගේ අන්ධ දියණියගේ ඇස් පවා සුවපත් කිරීමට සමත් වුණා. එසේ වුවත් ඔහුට නියමව තිබූ මරණ දඩුවම නම් අධිරාජ්‍යවරයා ඉවත් නොකළේය. මරණීය දණ්ඩණය ලබා දුන් දිනය ලං වෙත්ම රෝම කිතුණුවන්ගෙන් සාමිවරයාට ලිපි හා රෝස මල් කළඹ නොකඩවා ලැබෙන්නට විය. සිරගෙයි භාර සෙබළුන් සමග ඇති හිතවත්කම් නිසා ඔවුන් එය සාමිවරයාට ලබා දීමටද කටයුතු කළේය. පිරිස සාමිවරයාට ඇති ප්‍රේමය හා ගෞරවය ඒ තුළින් ඉස්මතු කළේය.
එහෙත් සියළු ලෝ ජනයාගේ නෙතට කදුලක් එක් කරමින් වර්ෂ 269 පෙබරවාරි 14 වන දින, වයස අවුරුදු හතළිස් තුනක් වූ වැලන්ටිනස් සාමිවරයාට මරණ දඩුවම හිමි විය. තවත් රෝම ජනප්‍රවාදයකට අනුව සාමිවරයා සිර ගත වී සිටි කාලයේදී සිරගෙයි භාර ජේලර්ගේ දියණිය සමග ආදර සම්බන්ධයක් පැවති අතර, සාමිවරයා විසින් ඇයට දී ඇති ලිපියක් ජේලර්ට හසු වීමෙන් පසු දිනම මරා දැමුණු බවත් පැවසේ. " From Your Valentine " කියා එම ලිපියේ කළ ආමන්ත්‍රණය අදටත් ආදරවන්තයින් අතරේ නොමැකී පවතී. සාමිවරයාගේ මරණින් වසර දෙසියකට වඩා කාලයක් යන තුරුත් ඔහුව දේවත්වයෙහිලා නොසැලකුවේය. පසුව රෝමයේ සැන් වැලෙන්ටිනෝ දේවස්ථානයේහි වැලන්ටයින් සාමිවරයාගේ යැයි විශ්වාසකරන හිස් කබලක්ද තැන්පත් කරන ලදී. එයින් පෙබරවාරි 14 වන දින වැලන්ටයින් සාමිවරයාගේ අනුස්මරණ දිනය ලෙස නම් කරන ලදී. තවද ක්ලෝඩියස් වැන්නන් වැපිරූ නරක ආදර්ශයන් කතෝලික පල්ලි විසින් නැති කරමින් ක්‍රිස්තියානි ධර්මය ස්ථාපිත කරන්නට ආරම්භ කළේද මෙම කාලයේදීය.
වසන්ත උදාව සංකේතවත් කරමින් එකල සෑම වසරකම පාහේ පෙබරවාරි මාසයේ " ලුපකාලියා " නම් වූ මිත්‍යාදෘෂ්ටික සැණකෙළියක් පැවැත්වුණු අතර, එහිදී පැවති එක් විශේෂාංගයක් ලෙස විවිධ තරුණියන්ගේ නම් ලියූ කුසපත් තරුණයන් විසින් තෝරා ගැනීමත් එයින් පසුව එම තෝරාගත් තැනැත්තිය හා මුළු සැණකෙළිය පුරාවටම පෙම්වතුන් ලෙස හැසිරිය යුතුයි. සැණකෙළිය අවසාන වන විට එම යුවලවල් අතරින් කිහිපදෙනෙකු විවාහ වීමද සිදු විය. පසුකාලීනව මෙම උත්සවය ක්‍රිස්තියානි උත්සවයක් ලෙසට පත් කිරීමට කතෝලික සභාව විසින් තීරණය කළේය. ඒ අනුව ග්ලාසියුස් පාප් වහන්සේ වර්ෂ 496 දී ලුපකාලියා උත්සවය අවලංගු කරමින් ඒ වෙනුවට සෑම වසරකම පෙබරවාරි 14 වන දින ආදරවන්තයින්ට තම ආදරය සැමරීමට වෙන් කර තැබුවේය. වර්තමානයේදී අවස්ථා කළමණාකරණය ( Event Management ) හි ව්‍යාප්තියත් සමගම වැලන්ටයින් තේමාවද වාණිජකරණය වී ඇත. එමගින් විවිධ වූ නව ව්‍යාපාරික අවස්ථාවන්ද බිහි වී ඇති අතර, ලොව පුරාම බොහෝ දෙනෙකු මෙම දිනය ඉතාමත් ඕනෑකමින් සමරනු ලබයි. සුභපැතුම් පත හා රතු රෝස මල් කළඹ අදටත් සංකේතයක්ව ඇත්තේ එනිසාය.
මීට අමතරව චොකලට් හා විවිධ වූ විශේෂිත ත්‍යාගයන් පිරිනැමීමත් ආදරය ප්‍රකාශ කරන්නෝද වෙති. මෙවැනි වූ දිනයක තරුණයෙක් තරුණියකට රතු රෝස මලක් පිරිනැමීම තම ආදරය ප්‍රකාශ කිරීමක් සේ අර්ථ දැක්විය හැකියි. එනිසා ඔබ තවමත් ඔබේ ආදරය ප්‍රකාශ කර නැත්නම් රතු රෝස මලක් ඔබේ ආදරවන්තයාට හෝ ආදරවන්තියට පිරිනමන්න අමතක කරන්න එපා. ඒ ආදරය මේ පෙම්වතුන්ගේ දිනයේදී හදවතටම දැනෙන්නට ඉඩ හරින්න.
by Kasuhalya De Silva
Photo source : Internet
823 Views
Comments