ලග්න වලින් කියවෙන ගති ලක්ෂණ - 01
For Sri Lankan's Overseas
Latest_News
calendar
FEB
07

ලග්න වලින් කියවෙන ගති ලක්ෂණ - 01

ලග්න වලින් කියවෙන ගති ලක්ෂණ - 01

ඕනෑම පුද්ගලයෙකු උපන් මොහොතේ පටන් ඔහුට හෝ ඇයට ලග්නයක් හිමිවෙයි. මෙසේ හිමිවන ලග්නය අනුව ඔහුගේ හෝ ඇයගේ විවිධ වූ ගති ලක්ෂණ ඇති බව ඔබ දන්නවාද?

 

යමෙකු එය පිළි ගැනීමටද, තවකෙකු එය නොපිළි ගැනීමද විය හැකියි. කෙසේ වෙතත් අප ඔබට මෙම ලිප පෙළෙන් එක් එක් ලග්න හිමියාගේ ගති ලක්ෂණ කෙබදු යැයි විස්තරාත්මකව මෙසේ සටහනක් තබන්නෙමු. එය කෙතරම් දුරට නිවැරදි දැයි ඔබම කියවා බලා දැන ගන්න.

 

> මේෂ ලග්නය

 

 

කඩිසර හා කාර්යක්ෂම වූ මේෂ ලග්න හිමියන්ට එඩිතරව පෙරමුණට යෑමේ ආත්ම ශක්තියක් ඇත. ඔවුන් රණ්ඩු සරුවල් වලට වැඩි නැඹුරු තාවයක් දක්වන අතර පරාජය කිසිසේත් පිළි නොගනියි. දුරදක්නා නුවණින් යුක්ත වේ. නිතර නිතර මොනවා හෝ කන්නට, හපන්නට ඕනෑ වෙයි. තම අභිමතයට අනුව කටයුතු කරයි. තමන්ට වඩා ඉහළ කෙනෙකුත් නොමැති බව සිතමින් ආඩම්බර වන අයෙකි. සිතූ දේ කෙසේ හෝ ඉෂ්ට කරගැනීම මෙම ලග්න හිමියාගේ ගති ලක්ෂණයකි. මුරණ්ඩු ගතිය, වැඩි ඉවසීම, අඩු ඇනුම්පද කියන කෙනෙකු නොවෙයි. තමන්ට කිරීමට හැකි දේට වඩා දේවල් කිරීමට උත්සහ කරන අයෙකි. සාර්ථක විවාහයක් ගත කරන්නට උත්සහ දරණ කෙනෙකි. පරාර්ථකාමී හා පරිත්‍යාගශීලි, පරහිතකාමී පුද්ගලයන් මෙම ලග්නයට අයිති වේ. සමාදානයට වඩා ආත්මාභිමානයෙන් ජීවත් වීමට උත්සාහ දරණ අය වෙති.

 

> වෘෂභ

 

 

දක්ෂ හා කාර්යශූරත්වෙන් ඉහළ මෙම ලග්න හිමියන් දැඩි ආත්ම විශ්වාසයකින් කටයුතු කරයි. ජයග්‍රහණය බලා කටයුතු කරන අතර අනුන්ගේ මතයට වැඩ නොකරයි. එහෙත් තම වාසිය වෙනුවෙන්ද කටයුතු කරන අවස්ථාවන් නැතුවාම නොවේ. ආවේගශීලි ගති ලක්ෂණ යම් අවස්ථාවන්වලදී ඉස්මතු වේ. කලාවට නැඹුරු නිර්මාණශීලිත්වය සහිත හා ඒ පිළිබඳව ප්‍රායෝගික දැනුමක් ඇති මොවුන් වැඩි වෙහෙසක් නොවී මුදල් ඉපයීමේ දක්ෂයෝ වෙති.

 

විවාහය තමන්ගේ අභිමතය පරිදි සිදු වේ. නිස්කලංකව ජීවත් වීමට කැමැත්තක් දක්වයි. කැපී පෙනෙන ලෙස අදින්නට පළදින්නට මෙම ලග්න හිමියන් වැඩි ප්‍රියතාවයක් දක්වයි. යමක් කිරීමට පෙර එය හොදින් සැලසුම් කරයි. අනුන් කෙරෙහි විශ්වාසය තැබීම හේතුවෙන්ද හැගීම්බර වැඩි නිසාවෙන්ද ප්‍රශ්න, ගැටළු, පාඩු, අලාභ, හිත් වේදනා ඇති කරගෙන දුක් වෙයි. කාර්‍යශූරත්වයෙන්ද ඉහළයි. පරිත්‍යාගයට වඩා ලබාගැනීමට දක්ශයෝ වෙති. සෘජුව කතා කරන හෙයින් සතුරන් ඇතිවීමට හේතු වේ. කුඩා කලට වඩා වයසට යත්ම රූමත් බව වැඩි අය වෙති.

 

 

 

 

 

 

 

by Kaushalya De Silva

Photo source : Internet

views

839 Views

Comments

arrow-up