අදටත් කැමති වලව් ගෘහ නිර්මාණ ශිල්පය
For Sri Lankan's Overseas
Latest_News
calendar
FEB
07

අදටත් කැමති වලව් ගෘහ නිර්මාණ ශිල්පය

අදටත් කැමති වලව් ගෘහ නිර්මාණ ශිල්පය

ශ්‍රී ලංකාව යටත් විජිත පාලනයට නතු වීමෙන් පසු ලංකාවේ බොහෝ ප්‍රදේශයන්හි පෘතුගීසි, ලන්දේසි ගෘහ නිර්මාණ ශිල්පයේ ආභාසය ලැබූ නිර්මාණ බිහි වන්නට විය. බොහෝ දුරට මෙම ආභාසයන් සහිත ගෘහ නිර්මාණ ශිල්පයන් දක්නට ලැබුණේ ඉහළ පැලැන්තියේ පවුල්වලට අයත් ගෘහ නිර්මාණ තුළය. අදටත් නිවාස ඉදිකිරීමේදී මේ ලක්ෂණ පදනම් කරගනී. මේ ඒ පිළිබඳ සටහනක්.
 

  • වලව්වේ පාදම

 

දකුණු ලක දක්නට ලැබෙන රැසක් වලව් සාදා ඇත්තේ අඩි තුනක හතරක උසින් යුත් පාදමක් මත ය. එම නිසා වලව්වට පැමිණෙන්නන් හට පඩි කීපයක් ඉහළට නැග වලව්ව තුළට පිවිසීමට සිදු වේ. එයින් වලව්වේ සිටින අය අන් අයට වඩා ඉහළින් සිටින බවත්, ඔවුන්ගේ අභිමානයත් පෙන්වීම සඳහාත් මේ ආකාරයෙන් ඉදිකරන්නට ඇති බව පැරැන්නන්ගේ අදහස වේ.
 

  • දොර - ජනෙල්

 

යුගල වශයෙන් ඇති බොහෝ දොරවල් තුළ ලීයෙන් සෑදු පිටත දොරක් හා ඇතුළත දොරකඩක් ඇත. එකම උළුවස්ස රුහුණේ වලව්හි දක්නට ලැබුණු සුවිශේෂී ගෘහ නිර්මාණ ශිල්පීයකි. එමෙන්ම අඩි හය හමාරක පමණ උසින් යුතු කොස් සහ මිල්ල ලීයෙන් සෑදු විශාල උළුවහු ද දක්නට ලැබේ. එම ජනෙල් සහ උළුවහු තුළ දකුණට ආවේණීක වූ ලියවැල් සහිත කැටයම් හෝ බීරළු දක්නට ලැබේ.
 

  • විශේෂ කුලුනු

 

ඉදිරිපස රවුම්ව පිහිටි කණු ද, වහලෙහි පැරණි පෙති රවුම් උලු ද රුහුණේ වලව් තුළ දක්නට ලැබේ. කාමර කිහිපයකින් යුත් රුහුණේ බොහෝ වලව් තුළ උඩ තට්ටුවක් ද දක්නට ලැබේ. එමෙන්ම එම කුලුනු බොහොමයක් යුගල වශයෙන් දක්නට ලැබීම විශේෂත්වයකි. මෙම යුගල කුලුනු එහි ශක්තිය ද වැඩිකිරීමට හේතුවකි.
 

  • මැද මිදුල

 

විශාල වලව් මිදුලේ වතුර මල සහිත ජල තටාකයක් ඉදිකර තිබේ. එමෙන්ම ඇතුළත මනාව ආලෝකය ලැබෙන මැද මිදුලක් ද අමුත්තන් සඳහා විශේෂ කාමර හා රජයේ ඒජන්තවරුන්ගේ මෙන්ම නඩු විසඳීමට කාමරයක් ද වෙන් කර තිබේ. මැද මිදුල වට වී ඇති ඉස්තෝප්පු ද මෙම වලව් තුළ දක්නට ලැබෙන දෙයකි
 

 

  • වහලය

 

මෙම වලව්වල වහල මෙරට උළු සෙවිලි කර ඇත. එමෙන්ම වහල වටා කැටයම් සහිත වඩිම්බු ලෑලි ගසා ඇති අතර එය අලංකාර කර ඇත්තේ කුඩා ලියවැල් කැටයම් භාවිත කිරීමෙනි. විශේෂයෙන්ම වියළි කාලගුණික තත්ත්වයක් පවතින දකුණු පළාත තුළ ඇති උණුසුම් තත්වයෙන් ආරක්ෂා වීම සඳහා වහල උසින් නිර්මාණය කර තිබීම විශේෂ ලක්ෂණයකි. එම වහලයේ බර අධික නිසා එය දරාගැනීම සඳහා වලව්වේ සතරැස් බිත්ති මත විශාල කුලුනු ද ඉදිකර තිබේ. දෙමහල් වලව් දකුණ ලක දක්නට ලැබෙන්නේ ඉතා කලාතුරකිනි. නමුත් අනෙක් සෑම වලව්වකම පාහේ සොල්දොරයක් දක්නට ලැබෙන අතර එය ඉදිකර ඇත්තේ ලි කඳන් සහ ලැලී උපයෝගී කරගෙන ය. බොහෝවිට එය ගබඩා කාමරයට භාවිත කර තිබේ. කලාතුරකින් එය අමුත්තන්ගේ කාමරය සඳහා ද භාවිත කර තිබේ.

 

 

 

 

 

 

 

 

 

By : Dilki Shamani

Photo Source : Internet

views

3186 Views

Comments

arrow-up