ලොකයේ විශාලම මානෙල් විශේෂය

ලොකයේ විශාලම මානෙල් විශේෂය මානෙල් වල ප්‍රමාණයෙන් විශාල විශේෂයක් වන මෙය Victoria water lily දකුණු ඇමෙරිකානු රටවලට ආවේණික විශේෂයක් වෙයි..
මෙය සොයාගනු ලැබුවේ බ්‍රිතාන්‍ය ජාතික උද්භිත විද්‍යඥයකු වන ජෝන් ලින්ඩ්ලි මහතා විසින්ය.. තම බ්‍රිතාන්‍ය රැජිණට ගෞරවයක් ලෙස ඔහු විසින් වික්ටෝරියා යන නම මෙයට තබන ලදී.
තනි පැළයක් කන්නයක් තුළදී පත්‍ර 50 ක් පමණ නිපදවන අතර විසිතුරු පැළයක් ආකාරයට විශාල මූල්‍ය වටිනාමක් ඒයට හිමි වන්නේ මේ විශාල පත්‍ර නිසායි. මෙහි විශේෂයත්වය නම් පත්‍ර දිනකට වර්ග මීටර් භාගයක් පමණ ඉක්මනින් වර්ධනය වීමය..
මෙම පත්‍ර ජලාශයට සම්බන්ධ වන දණ්ඩ මීටර් 7 ත් 8 ත් අතර දිගකින් යුක්ත වෙයි..
පරිණත පත්‍රයකට කිලෝග්‍රෑම් 45 ක පමණ බරක් පහසුවෙන් දරාසිටිමට පුළුවන් පත්‍රයේ යටි පැත්ත අස්ථි පද්ධතියක් මෙන් ව්‍යුහයකින් සමන්විත වීම ශක්තිමත් බවට හේතු වෙයි පත්‍රයේ මතුපිට ඉටි තට්ටුවක් ඇතිරුවාක් සේ ස්පර්ශ කරන ඕනෑම කෙනෙකුට දැනේයි. එම හේතුන් නිසා පත්‍රය මතින් ජලය විකර්ෂණය වෙයි..
759 Views
Comments