දුප්පත් රටවලට හොඳම බලශක්ති ප්‍රභවය
For Sri Lankan's Overseas
Latest_News
calendar
FEB
07

දුප්පත් රටවලට හොඳම බලශක්ති ප්‍රභවය

දුප්පත් රටවලට හොඳම බලශක්ති ප්‍රභවය

ඉන්දියාවේ බලශක්ති භාවිතාව වේගයෙන් වර්ධනය වෙමින් තිබේ. අධික ජනගහනය හා එරට ආර්ථික වර්ධනය සමග විශාල ජන කොටසක ගේ ආර්ථිකය ඉහළට එසැවීම හෙයින් විදුලි පරිභෝජනය වැඩි වී ඇත. ඇස්තමේන්තු අනුව වාර්ෂික ඉල්ලුම සියයට එකොළහකින්ය. එරට ප‍්‍රාථමික බලශක්ති භාවිතය දැනට පවතින තත්ත්වයට වඩා සියයට 156 කින් වසර 2040 වන විට වැඩිවීමක් අපේක්ෂා කර තිබේ. මෙම උවමනාවන්ට අවශ්‍ය තරමට විදුලිය නිපදවීම ගැටලු සහගතය. දැවිතෙල්, ගල්අඟුරු හෝ වෙනත් ක‍්‍රම මගින් විදුලිය නිපදවීමට විශාල ආයෝජනයක් අවශ්‍යය.

 

ඒ අනුව ඉන්දියාව අඩුම වියදමකින් බලශක්තිය නිපදවන පියවරකට අවතීර්ණ වී තිබේ. එය රට විශාල ආර්ථිකයට සෑහෙන වාසිදායක තත්ත්වයක් නිර්මාණය කර ඇත. පොසිල ඉන්ධන දහනය කර ධන හානිය හා පරිසර විනාශය අඩුවන බවද පර්යේෂකයෝ පෙන්වා දෙති. බලශක්තිය නිපදවන රාමුව වෙනස් කර තිබේ. සූර්ය තාපය එහි පදනමයි. හිරු එළිය උපයෝගී කරගෙන විදුලි බලය නිපදවන ව්‍යාපෘති හෙයින් අලුත් රැකියා අවස්ථා විශාල ප‍්‍රමාණයක් බිහි වී තිබේ. එම රක්ෂා පරිසර හිතකාමී බව විශේෂයෙන් වාර්තා කරන කරුණකි.

 


ලෝකයේ සිදුවන මෙවැනි පරිවර්තන ශ‍්‍රී ලංකාවට බලපාන අන්දම ගැන සැලකිල්ල යොමු කළ යුතුය. සූර්ය තාපයෙන් විදුලිය බලය නිපදවීමට රටට සෑහෙන අවස්ථා තිබේ. යෝජනා විශාල ප‍්‍රමාණයක් සාකච්ඡා වෙමින් පවතී. රජයට පමණක් කරන්නට නොහැකි මෙම ආයෝජන දේශීය ආයෝජනවලට කළ හැකිය. තාක්ෂණය හා හවුල්කාරීත්වය වෙනුවෙන් ජාත්‍යන්තර සමාගම් සමග එකතුවීමට මෙරට ව්‍යවසායකයන්ට අවකාශයක් ඇත. නිසි ප‍්‍රතිපත්ති තීරණ ගැනීම පළමු අවශ්‍යතාවයයි. සාමාන්‍ය ජනතාවට පවා සිය නිවාසවල විදුලිය අවශ්‍යතා වෙනුවෙන් අඩු පොලියට දෙන ණය තවත් අඩු කරන්නට අවස්ථාව තිබේ. ලක්ෂ ගණනින් නිවාස දිවා කාලයේ දී විදුලියට හැරවෙන විට අලුත් විදුලිය බලාගාර අවශ්‍ය නැත. රාත‍්‍රී කාලයට ජල විදුලිය භාවිත කළ හැකිය.

 


නොදියුණු රටවල් සහිත අප‍්‍රිකානු කලාපයේ ජනතාව අතර පවතින දැනුම සම්බන්ධ ගැටලු නිරාකරණයට තාක්ෂණයට මෙහෙවරක් කළ හැකිවනු ඇති අතර නොබෝදා බ්‍රිතාන්‍ය සමාගමක් සූර්ය බලයෙන් එම රටවල දුර බැහැර ගම්මානවලට ආලෝකය දෙන ප‍්‍රජා ව්‍යාපෘතියක් අරඹා තිබේ. ජපානය ද එයට හවුල් වී ඇත.


වාර්තා වලට අනුව ලෝකයේ සූර්ය බලය භාවිතාවට නැඹුරුව වැඩිම කලාපය ආසියාවයි. චීනය, ජපානය හා ඉන්දියාව එහි පෙරමුණ ගෙන තිබේ. 2019 වසරේ මෙම කලාපයේ සූර්ය බලය භාවිතය පමණක් සියයට විසි හතරකින් වර්ධනය වී ඇත. එය ආසියාව පරිසරයට දක්වන කාරුණික භාවය සම්බන්ධයෙන් සංකේතයකි.

 

 

 

 

 

 

 

by Dilki Shamani

Photo source : Internet

 

views

958 Views

Comments

arrow-up