සම්මාන පිට සම්මාන දිනූ අයුෂ්මාන් කුරානා

අයුෂ්මාන් කුරානා මේ දිනවල බොහෝ ජනප්‍රියත්වයකට පත්ව ඇති රංගන ශිල්පියෙක් .මේ වන විට තිස් පස් වැනි වියෙහි පසුවන ආයුෂ්මත් සිනමාවට පිවිසුණේ 2012 වසරේයි.රූපවාහිනී රියැලිටි වැඩසටහන් කිහිපයක ම සහභාගී වී ජයග්‍රහණයද හිමිකරගෙන තිබූ ඔහු ඒ අතරින් වඩාත් අවධානය දිනාගත් එකක් වූයේ "එම් .ටී.වී.රෝඩ්ස්"යනුවෙන් හැඳින්වූ රියැලිටි වැඩසටහනයි.තරුණ වියේ පසුවන බොහෝ දෙනෙක් සහභාගී වන මෙම වැඩසටහන කායික හා මානසික ශක්තිය මැන බලයි .සිනමාවට පිවිසීමට පෙර ඔහු මෙම වැඩ සටහන හරහා බොහෝ ජනප්‍රියත්වයට පත්ව ප්‍රේක්ෂකයින්ගේ ආදරය දිනා සිටියා .ජනමාධ්‍යවේදය සම්බන්ධයෙන් උපාධියක් සහ පශ්චාත් උපාධිය තිබෙන ඔහු එෆ් .එම් ගුවන් විදුලි නාලිකාව වල සේවය කර තිබෙන අතර “Indian’s Got Talent” වැනි බොහෝ ප්‍රසිද්ධියක් හිමි කරගත් රූපවාහිනී වැඩසටහන් ඉදිරිපත් කරන්නකු ලෙස ද ඔහු කටයුතු කර තිබෙනවා .
ජෝන් ඒබ්‍රහම් නිෂ්පාදනය කළ පළමු චිත්‍රපටය වන "වීකී ඩෝනර්"චිත්‍රපටය අයුෂ්මාන් රඟපෑ පළමු චිත්‍රපටය වන අතර එම චිත්‍රපටය වාණිජ වශයෙන් විශාල සාර්ථකත්වයක් හිමිකර ගන්නට සමත් වුණා .මෙහි අයුෂ්මාන් රඟපෑවේ දරුවන් හැදීම සඳහා ශුක්‍රාණු පරිත්‍යාග කරන්නෙකුගේ චරිතයක් . චිත්‍රපටය ඉතා ජනප්‍රිය වෙමින් ආදායම් වාර්තා පිහිටු වූ වූ අතර අයුෂ්මාන්ටද විශාල ප්‍රේක්ෂක ප්‍රතිචාර හිමිකර ගැනීමට සමත් වුණා .ඔහු විසින් ගයන ලද ගීතයක්ද එම චිත්‍රපටයට ඇතුළත් වූ අතර එය ලියා තිබුණේ ද අයුෂ්මාන්මය.ඔහුගේ එම පළමු චිත්‍රපටයෙන්ම සම්මාන දෙකක් හිමිකරගැනීමට ඔහුට හැකි වුණා. ඒ 'හොඳම නැගීඑන නළුවා 'සහ 'හොඳම පසුබිම් ගායකයා' යන ෆිල්ම් ෆෙයාර් සම්මාන දෙකයි .
මේ දිනවල ද බොහෝ සෙයින් කතාබහට ලක්වන අයුෂ්මාන් කුරානා මෙන්ම ඔහු රංගන චිත්‍රපටද සම්මාන පිට සම්මාන ලබා ගැනීම ඉන්දියානු සිනමාව නව මානයකට ගෙන ඒමට සමත් වී තිබෙනවා. .මීට දින කිහිපයකට පෙර අවසන් වූ "ෆිල්ම්ෆෙයාර්" සම්මාන උළෙලේදී ද හොඳම නළුවා ලෙස විචාරක සම්මානය දිනා ගත්තේද ඔහුය .මේ ඔහු "ෆිල්ම් ෆෙයාර් "විචාරක සම්මානය දිනාගත් දෙවැනි අවස්ථාවයි. කලින් වසරේ ද එම සම්මානය හිමි වුණේ අයුෂ්මානය . ඔහු රඟපෑ ඉතා අපූරු සිනමා පටයක් වන "article 15" චිත්‍රපටය වෙනුවෙන් මෙම වසරේ සම්මානය හිමි වූ අතර පසුගිය වසරේ සම්මානය හිමිවුණේ "අන්ධාධුන්" චිත්‍රපටිය වෙනුවෙනුයි.අයුෂ්මාන් මෙම චිත්‍රපට දෙක වෙනුවෙන්ම හොඳම නළුවාට හිමි විචාරක සම්මානය හිමිකර ගනිද්දී එම චිත්‍රපට දෙකත් හොඳම චිත්‍රපට ලෙස විචාරක සම්මානය දිනා ගැනීම විශේෂත්වයක් වුණා. "අන්ධාධුන්" හි රංගනය වෙනුවෙන් ඉන්දියානු ජාතික සම්මානය දිනා ගැනීමට පවා අයුෂ්මානට හැකියාව ලැබුණා .මේ වන විට ඔහු රඟපෑ ඇති චිත්‍රපට සංඛ්‍යාව පහළොවකට ආසන්නයි.
පසුගිය දිනවල අයුෂ්මාන් සම්බන්ධයෙන් නැවතත් අවධානයක් යොමුවුනේ ඇමරිකාවේ ජනාධිපති ඇමරිකාවෙ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවා ඔහුගේ අලුත්ම චිත්‍රපටය වන “සුබ් මන්ගල් සියාදා සවුදාන් “පිළිබඳ අගයමින් කතා කිරීම නිසායි .කෙසේ නමුත් එම චිත්‍රපටය පිළිබඳ විශේෂත්වයක් වන්නේ එය සමරිසි සම්බන්ධයක් පසුබිම් කර ගත් නිර්මාණයක් වීමයි .
by Dilki Shamani
Photo Source: Internet
998 Views
Comments