කොරෝනා නිසා කඩාවැටෙන ඉන්දියාවේ ස්මාට්ෆෝන් වෙළඳපොළ
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUL
21

කොරෝනා නිසා කඩාවැටෙන ඉන්දියාවේ ස්මාට්ෆෝන් වෙළඳපොළ

කොරෝනා නිසා කඩාවැටෙන ඉන්දියාවේ ස්මාට්ෆෝන් වෙළඳපොළ

කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් ඉන්දියාවට ස්මාට්ෆෝන් නැව්ගත කිරීම විශාල වශයෙන් පහත වැටී තිබෙනවා. මෙම වසරේ පළමු කාර්තුවේදී ඉන්දියාව වෛරසයට හසු නොවන අවස්ථාවේදී එරට තුළ ස්මාට් ෆෝන් අලවියේ ඉහළ වර්ධනයක් දක්නට ලැබුණා. නමුත් lockdown කිරීම ක්‍රියාත්මක වූ වහාම ඉන්දියාවේ ස්මාට් ෆෝන් සඳහා පැවති ඉල්ලුම විශාල වශයෙන් පහත වැටුණා. ඉන්දියාවේ ස්මාට් ෆෝන් වෙළඳපල ස්මාට් ෆෝන් නිෂ්පාදනයන්ගේ ප්‍රධාන ස්ථානයක්. නව කොරෝනා වෛරස තත්වය හේතුවෙන් ඉන්දියාවට ස්මාට් ෆෝන් නැව්ගත කිරීම ප්‍රමාද කිරීමට හෝ අවලංගු කිරීමට නිෂ්පාදකයන්ට සිදුවී තිබෙනවා.

මේ නිසා ලොව දෙවන විශාලතම ස්මාර්ට් වෙළඳපොළ ඉල්ලුම පහත වැටීම සමස්ත වෙළඳපලටම විශාල වශයෙන් බලපා තිබෙනවා. සිංගප්පූරුවේ තාක්ෂණික වෙළඳපොල විශ්ලේෂක සමාගමක් වන කැනලීස් සඳහන් කළේ 2020 දෙවන කාර්තුවේදී ස්මාට්ෆෝන් ඒකක මිලියන 17.3ක් ඉන්දියාවට නැව්ගත කර ඇති අතර 2019 දෙවන කාර්තුවේ එය පැවතියේ ඒකක මිලියන 33ක අගයක් බවයි. එසේම 2020 පළමු කාර්තුවේ මිලියන 33.5 ක් වාර්තා වී තිබුණි. 2020 මාර්තු අගදී වෛරසය පැතිරීම වේගවත් වීමත් සමඟ ඉන්දීය රජය විසින් නිවසේ රැඳී සිටීමට නියෝගයක් නිකුත් කළා. ඒ අනුව දීර්ඝ කාලයක් කොරෝනා වෛරසය පැතිරීම වැළැක්වීමේ අරමුණින් රටපුරා lockdown කිරීම සිදුවුණා. එබැවින් සිල්ලර වෙළඳසැල් සියලුම ක්‍රියාකාරකම් නවතා දැමූ අතර amazon india සහ flipcart ඇතුළු ඊ වාණිජ අඩවි වලට අත්‍යවශ්‍ය නොවන ස්මාට් ෆෝන් සහ වෙනත් භාණ්ඩ විකිණීමට අවසර ලැබුණේ නැහැ.

 


කෙසේනමුත් lockdown කිරීම් ක්‍රියාත්මකවී තිබියදීත් ඉන්දියානු ස්මාට් ෆෝන් වෙළඳපොළ තුළ සිය ආධිපත්‍ය පවත්වා ගැනීමට Xiaomi හට හැකියාව ලැබී ඇති බව කැනලීස් තවදුරටත් ප්‍රකාශ කරනවා. චීන ස්මාට් ෆෝන් නිෂ්පාදකයන් මේ වසරේ ජූනි මාසෙන් අවසන් වූ කාර්තුවේ ඉන්දියාවට උපාංග මිලියන 5.3 ක් නැව්ගත කර තිබෙනවා. ඉන්දියාවේ දේශීය වෙළඳපොලෙන් 30% ක් පමණ Xiaomi ආධිපත්‍යය ලබාගෙන තිබෙනවා. Xiaomi ට පසුව ඉන්දියාවට smart-phone ඒකක මිලියන 3.7 ක් නැව්ගත කරමින් දෙවන ස්ථානයට පත්ව ඇත්තේ Vivo සමාගමයි. එය රටේ 21.1% වෙළදපොළ කොටසකට හිමිකම් කියනවා. වසංගත තත්ත්වයවය හැරුණු විට පසුගියදා ඇති වූ ඉන්දු චීන ගැටුම් මෙලෙස ඉන්දියාව තුළ smartphone ඉල්ලුම පහත වැටීම සඳහා බලපා ඇති බවත් විශ්ලේෂකයන් පෙන්වා දෙනවා. ඒ බව තවදුරටත් තහවුරු කරමින් ඉන්දීය රජය පසුගියදා චීන යෙදවුම් 59 තහනම් කිරීමේ පුවතක්ද වාර්තා වුණා.

 

 

 

 

 

 

 

by Dilki Shamani

source : indiatoday.in

views

705 Views

Comments

arrow-up