අහම්බෙන් සොයාගත් ලොව ප්‍රසිද්ධ ආහාර පාන

ලෝකයේ හොඳම ආහාර සහ පාන කිහිපයක් අහම්බෙන් සොයා ගන්නා ලද ඒවා බව ඔබ දන්නවා ද? අහම්බෙන් සොයාගත් වුවද මෙම ආහාර, පාන අද වන විට ලොව ඉතාමත්ම ජනප්‍රියයි. එවාගේ රසවත් පසුබිම දැනගන්න දිගටම කියවන්න.
1. කෝපි
9 වන සියවසේදී කල්ඩි නම් එළුවන් රැක බලා ගන්නකු විසින් කොකෝවා සොයා ගන්නා ලදී. කොකෝවා පඳුරේ රතුවට ඇති පලතුර අනුභව කිරීමෙන් පසු ඔහුගේ එළුවන් ශක්තියෙන් පිරී ඇති බව ඔහු දුටුවේය. ඔහුද ඒවායින් සමහරක් අත්හදා බැලූ අතර වැඩි කල් නොගොස් ඔහුටත් එයින් ක්‍රියාශීලී දිවියක් ගත කිරීමට හැකි වී ඇත.
2. යෝගට්
ක්‍රි.පූ. 6,000 දී පමණ මධ්‍යම ආසියාවේ නව ශිලා යුගයේ මිනිසුන් එඩේරුන් විය. ඔවුන් තම සතුන්ගෙන් කිරි දොවන පුරුද්ද ආරම්භ කළා. ඒවා රැගෙන යන බහාලුම්වල ඇතිවූ ස්වාභාවික එන්සයිම ප්‍රතික්‍රියා වලින් මුහුන් නිපදවීමෙන් යෝගට් සෑදි ඇත.
3. තේ
තේ ඉතිහාසය ආරම්භ වූයේ ක්‍රි.පූ. 2737 දී ෂෙන් නොං අධිරාජ්‍යයා අහම්බෙන් තේ පානය සොයාගත් අවස්ථාවේදීය. ඔහු උයනේ ජලය උතුරවන අතරතුර, තේ ගසක කොළයක් ඔහුගේ බඳුනට ගසාගෙන විත් වැටීමෙන් එහි රසයක් ඔහුට දැනුණි. එයින් තේ පානය ආරම්භ විය.
4. පොප්සිකල්
1905 දී එකොළොස් හැවිරිදි ෆ්රෑන්ක් එපර්සන් සිය සැන් ෆ්රැන්සිස්කෝ සෝඩා කුඩු දිය කළ වතුර සහ කලවම් කරන කෝටුව කෝප්පයක් තුළ අමතක වී එළිමහන් ආලින්දයේ තැබීය. එදින රාත්‍රියේ අඩු උෂ්ණත්වයක් නිසා මිශ්‍රණය ඝන වී ඇති අතර ප්‍රතිඵලය මුලින් නම් කරන ලද්දේ “එප්සිකල්ස්” යනුවෙනි.
5. අර්තාපල් චිප්ස් (පොටේටෝ චිප්ස් )
ජෝර්ජ් ක්‍රම් අර්තාපල් චිප්ස් සොයාගත්තේ ඔහුගේ ප්‍රංශ ෆ්රයිස් අධික ලෙස ඝනකමින් යුක්ත වන බව පාරිභෝගිකයින් දිගින් දිගටම ඔහුට පැමිණිලි කිරීමෙන් පසුවය. ගනුදෙනුකරුවන්ට පාඩමක් ඉගැන්වීමට සිතාගත් ඔහු අර්තාපල් තුනී පෙති කැපුවේය. ඔහු ඒවා හැපෙනසුළු ලෙස බැද දමා අධික ලෙස ලුණු දැමුවේය. ගනුදෙනුකරුවන් ඒවාට වඩා ප්‍රිය කරන්නට පටන් ගත් කළ අර්තාපල් චිපස් හී උපත එසේ සිදුවිය.
6. බියර්
ක්‍රි.පූ. 5 වන සියවසේදී, පුරාණ මෙසපොතේමියානුවන් විසින් පාන් සෑදීමේදී අහම්බෙන් බියර් සොයා ගන්නා ලදී. ඔවුන් අහම්බෙන් බාර්ලි ධාන්‍ය තෙත් කාමරයක දමා යීස්ට් සමඟ මිශ්‍ර වී පැසවීම සිදුවී ඇත.
7. අයිස් ක්‍රීම්
කෝන් අයිස්ක්‍රීම් කෝන් එක 1904 ලෝක ප්‍රදර්ශනයේදී අර්නස්ට් ඒ හම්වි නම් වෙළෙන්දෙකු විසින් සොයා ගන්නා ලදී. අයිස්ක්‍රීම් වෙළෙන්දෙක්ට අයිස්ක්‍රීම් දැමීමට කෝප්ප ඉවර වී ගිය විට, හම්වි වේෆර් වැනි වොෆ්ල්ස් වලින් රෝල් කරමින් කෝන් එකක් ආකාරයට සෑදුවේය. මෙය පසුව අයිස් ක්‍රීම් දැමීම සදහා කෝන් එකක් ලෙස නිපදවන ලදී.
by Kaushalya De Silva
Photo source : Internet
731 Views
Comments