ඔබගේ වකුගඩු පිරිසිදු කර ගන්න විශේෂ තේ වර්ගයක් නිවසේදීම
For Sri Lankan's Overseas
Latest_News
calendar
MAR
03

ඔබගේ වකුගඩු පිරිසිදු කර ගන්න විශේෂ තේ වර්ගයක් නිවසේදීම

ඔබගේ වකුගඩු පිරිසිදු කර ගන්න විශේෂ තේ වර්ගයක් නිවසේදීම

මිනිස් ශරීරයෙහි ඇති අපද්‍රව්‍ය බොහෝමයක් ශරීරයෙන් පිට කිරීමට ප්‍රධාන ලෙස ක්‍රියාකරන්නේ අපගේ වකුගඩුවයි. නිරන්තරයෙන්ම රුධිරය පිරිපහදු කරමින් මුත්‍රා සමඟ ඒ අපද්‍රව්‍ය ශරීරයෙන් බැහැර කිරීමට වකුගඩු ක්‍රියා කරයි. එහෙත් යම් අයෙකුට එම ක්‍රියාවලිය නිසියාකාරව සිදු නොවීමෙන් වකුගඩු රෝග ඇතිවීමට පුළුවන්. එනිසා අද අපි ඔබ වෙත ගෙන එන්නට සිතුවේ වකුගඩු ක්‍රියාකාරිත්වය නිසියාකාරව පවත්වාගෙන යාමට හැකි තේ වර්ගයක් නිවසේදීම සකස් කරගන්නා ආකාරයයි.

 

අද සමාජයේ බොහෝමයක් දෙනා සෞඛ්‍ය සම්පන්න නොවන ජීවන රටාවකට හුරු වෙලා තියෙනවා. ඒ නිසා විවිධ විෂ රසායනයන් අප ශරීරය තුළ ඇතිවීමෙන් වකුගඩු වල ක්‍රියාකාරිත්වය අඩපණ කිරීමට ඇති ඉඩකඩ වැඩියි.එ නිසා වැදගත් වන්නේ නිතර නිතර ඔබේ ශරීරය සජලනය කොට තබා ගැනීමයි ( Hydrated ).

 

අද අපි ඔබට ලබා දෙන මෙම වට්ටෝරුව නිසියාකාරව ලබා ගැනීමෙන් වකුගඩු ආශ්‍රිත රෝග, මුත්‍රා ගල් මෙන්ම වකුගඩු ක්‍රියාකාරිත්වයද නිසියාකාරව සිදු කිරීමට හැකියාව ලැබේ.

 

මේ සඳහා ඔබට අප හදුන්වා දෙන මූලික ඔසුව වන්නේ " පාස්ලි " නැමැති ශාකයයි. සාමාන්‍යයෙන් අප මෙය හදුනාගන්නේ ආහාර වට්ටෝරු වලට යොදාගන්නා ස්වාභාවික රසකාරකයක් හැටියටයි. එහෙත් මෙහි ඇති ගුණ කියා නිම කළ නොහැක.

 

විටමින් K , විටමින් A , විටමින් C , ෆෝලේට හා යකඩ වලින් අනූන පාස්ලි වකුගඩු ක්‍රියාකාරිත්වයට පමණක් නොව රුධිරයේ මේදය අඩු කිරීම , යකඩ ඌණතාවය වැළැක්වීම , අක්මාවෙහි ඇති විෂ සහිත දේ උරා ගැනීමට ඇති හැකියාව, රුධිර පීඩනය අවම කිරීම , ඔසප් කාලයේදී පහසුවක් දැනීම , ඊස්ටජන් හෝමෝනය වර්ධනය වීම , ක්ෂුද්‍ර ජීවී නාශක ගුණය ඇති ශාකයකි.

 

" පාස්ලි තේ " පානය කිරීමෙන් වකුගඩු ක්‍රියාකාරිත්වය වඩා පහසු කරමින් මුත්‍රා නිපදවීම නිසියාකාරව සිදු කරයි. මෙයින් මුත්‍රා ගල් ඉවත් කිරීමටද පහසු වනවා. වකුගඩු බිත්ති වලට ලුණු උරා ගැනීමත් වළක්වාලිය හැකි ගුණයක් පාස්ලි සතුයි.

 

ඊට අමතරව මෙය තේ පානයක් ලෙස සකස් කර බීමෙන් විඩාව , කාංසිය මගහරවා මානසික සුවයක් ලබා දීමටද කටයුතු කරයි.අමු පාස්ලි කොළ මෙන්ම වියළි පාස්ලි කොළ තේ පානයද සකස් කරගත හැකියි.

 

අවශ්‍ය ද්‍රව්‍ය,

  •  පාස්ලි කොළ ස්වල්පයක්
  •  පිරිසිදු වතුර කෝප්ප 08 ක්
  •  මී පැණි මේස හැඳි 02 ක්
  •  ලෙමන් ගෙඩි භාගයක යුෂ ( නැවුම්ව මිරිකා ගන්න )


සාදාගන්නා ආකාරය



මුලින්ම ඔබ කළ යුත්තේ හොඳින් සෝදා පිරිසිදු කරගත් පාස්ලි කොළ ටික සිහින්ව කපාගැනීමයි. ඉන්පසු භාජනයකට වතුර දමා මද ගින්දරේ රත් වන විට එයට එම කොළ ටික දමාගන්න. නැවත අඩු ගින්දරේ මෙය විනාඩි 10 ක් පමණ තබන්න.



දැන් මෙම පාස්ලි තේ වතුර එක හොඳින් පෙරාගන්න.
පියනකින් එය වසා නිවෙන්නට හරින්න. හොඳින් නිවුණු පසු එයට ලෙමන් යුෂ හා මී පැණි එකතු කර රසගන්වන්න.



දිනකට කෝප්ප 01 - 02 ක් පමණ පානය කරන්න. ( උදේ හා රාත්‍රියට නම් සුදුසුයි ) කල්තබා ගන්නවානම් ඔබට ශීතකරණයේ සතියක් පමණ තබා ගැනීමට පුළුවන්.


ඉතා වැදගත් :

ඔබ මේ වන විට වකුගඩු රෝගී තත්වයන්ගෙන් පෙලෙන අයෙකු නම්, ඒ සඳහා ප්‍රතිකාර ලබන්නේ නම් මෙම පාස්ලි තේ පානය කිරීමට පෙර වෛද්‍යවරයාගෙන් විමසන්න.

මෙම තේ පානය මගින් ඔසප් වීම හෝ ගබ්සාවීම ඉතා ඉක්මනින් සිදුවිය හැකි බැවින් ගර්භණී කාන්තාවන් කිසිසේත්ම මෙය පානය නොකළ යුතුයි. ඒ පිළිබඳව දැනුවත් වන්න.

 

 

 

 

 

 

by Kaushalya De Silva

Photo source : Internet

 

views

469 Views

Comments

arrow-up