සඳ මතුපිට ජලය සෙවූ හැටි
For Sri Lankan's Overseas
Latest_News
calendar
MAR
03

සඳ මතුපිට ජලය සෙවූ හැටි

සඳ මතුපිට ජලය සෙවූ හැටි

දශක ගණනාවක් තිස්සේ තාරකා විද්‍යාඥයන් අනුමාන කර ඇත්තේ සඳ මත ජලය තිබිය හැකි බවයි. ඒ අනුමානය පස්සේ දීර්ඝ කාලයක් විවිධ පර්යේෂණ සිදු කළ ඇමෙරිකාවේ නාසා ආයතනය පසුගිය දා මාධ්‍ය හමුවක් කැඳවීය. ඒ, නව සොයා ගැනීම, පෘථිවියේ එකම ස්වභාවික චන්ද්‍රිකාව ද වන වායු ගෝලයක් නැති, නිසල සද සම්බන්ධයෙනි. ‘සද මතුපිට ජලය තිබෙනවා. නාසා විදයාඥයන් ලොවට අනාවරණය කළ අපූරු සොයා ගැනීම එයයි. නාසා විද්‍යාඥයන් කළ පැහැදිලි කිරීමට අනුව ජලය ඇතැයි පැවැසෙන්නේ සඳුගේ හිරු එළිය වැටෙන පැත්ය. සඳට අඳුරු පැත්තක් ද තිබේ. හිරු එළිය නොවැටෙන අඳුරු පැත්ත ලෙස හැඳින්වෙන්නේ සැමවිටම පෘථිවියට විරුද්ධව මුහුණ ලා පිහිටින බැවිනි.
 


සඳ මතුපිට ජලය තිබෙනවා යනුවෙන් අදහස් කරන්නේ විල්, වැව්, පොකුණු හමුවීමක් නොවෙයි. විද්‍යාඥයන්ට සොයා ගැනීමට හැකි වී ඇත්තේ සඳුගේ පස් අතරේ ඇති ජල අංශුයි. නාසා විද්‍යාඥයන් මෙම ජල අංශු සොයමින් සද ගවේෂණය කර ඇත්තේ පෘථිවියේ සිටය. ගවේෂණය කර ඇත්තේ බෝයිං 747 වර්ගයේ ගුවන් යානයකට සම්බන්ධ කළ නවීන තාක්ෂෂණයෙන් නිපදවූ දුරේක්ෂයක් ආධාරයෙනි. මෙම දුරේක්ෂය සොෆියා ලෙස හැදින්වෙයි. 2009 වසරේ සිට සොෆියා යොදා ගනිමින්, දත්ත රැස් කිරීම කර ඇතැයි ද පැවැසෙයි. ගුවන් යානය පියාසර කිරීමට සලස්වනවා ඇතේ කිලෝ මීටර් 12 උඩු ගුවනේය. පෘථිවියේ අධෝරක්ත අවහිර වන වායුගෝලයේ 99% ට වඩා ඉහළින් පියාසර කිරීමට සහ සෝෆියා දුරේක්ෂය (ෆෝර්කාස්ට්) සඳහා එහි ක්ෂණික වස්තු අධෝරක්ත කැමරාව භාවිතා කරමින් වෙනත් ආකාරයකින් වස්තූන් සෙවීමට සෝෆියාට හැකි වේ.

 


කොතරම් ජල අංශු ප්‍රමාණයක් නාසා විදඥයන් සොයා ගත්තාදැයි දැනගත්විට ඔබ පුදුම වනු නිසැකය. 2009 සිට මේ දක්වා කළ ගවේෂණයෙන් නාසා විද්‍යාඥයන්ට සොයා ගැනීමට හැකිවුණු ජලය ප්‍රමාණය තේ හැන්දක් තරම්ය. SOFIA විසින් ලබාගත් දත්ත වලින් හෙළි වූයේ චන්ද්‍ර පෘෂ්ඨය පුරා පැතිර ඇති තනි ඝන මීටරයක පස් මිලියනයකට (ppm) කොටස් 100 සිට 412 දක්වා ජල සාන්ද්‍රණයකි. මෙය මිලි ලීටර් 350 (අවුන්ස 12) බෝතලයකට සමාන වන අතර සහරා කාන්තාරයේ ඇති ජලයට වඩා 100 ගුණයක් අඩුය. මෙම සුළු ජල ප්‍රමාණය තිබියදීත්, සොයා ගැනීම ඉතා වැදගත් වන්නේ එය චන්ද්‍ර ජලයේ මූලාරම්භය සහ එය දිගටම පැවතිය හැකි ආකාරය පිළිබඳ නව ප්‍රශ්න මතු කරන බැවිනි. සඳ මතුපිට ජලය ඇති බව තහවුරු වීමෙන් පසු ඒ සම්බන්ධයෙන් වැඩිදුර ගවේෂණයක් කිරීමට ද නාසා ආයතනය සැරසෙයි. එම ගවේෂණව සිදුවන්නේ , 2022 දී වයිපර් යනුවෙන් විශේෂ චන්ද්‍ර ගවේෂණ යානයක් සඳ මතුපිටට යැවීමෙනි. ඒ අනුව ඉදිරියේදී සඳ මතුපිට ජීවය පිළිබඳ අලුත් රහස් රැසක් හෙළි වනු ඇත.

 

 

 

 

 

 

 

by Dilki Shamani

Photo source : Internet

views

700 Views

Comments

arrow-up