කෙස් කළඹින් හෙලිවන ජීවන රහස්

දිගු කෙස් කළඹක් කියන්නේ කාන්තාවකට ආභරණයක්. නමුත් උපතින් පිහිටන කෙස් වල ස්වභාවය අනුව ඔබේ චරිත ලක්ෂණ කියන්න පුළුවන් බව ඔබ දන්නවාද? මේ ඒ පිළිබඳ සටහනක්.
මධ්‍යම ප්‍රමාණයට ඝනව දිගටිව පිහිටා ඇති කේශ කලාපය ඇති කාන්තාවන් බොහෝ සැප සම්පත් විඳින අතර තම උත්සාහය තුළින් ජීවිතය සාර්ථක කර ගැනීමට සමත් වෙනවා. ලේඛණ කලාව හා මාධ්‍ය අංශවලට සම්බන්ධ මොවුන් හොඳ සංකල්පනාවන් බිහිකිරීමට හැකි ස්ත්‍රීන් වෙනවා. ඒ වගේම තවත් සුබ ඵල ගෙන දෙන කෙස්කලඹ පිහිටීම තමයි මීමැස්සෙක්ගේ පියාපත් මෙන් කෙස් අග වක්‍රාකාරව නැමුණු ස්වරූපයට පිහිටා තිබීම. මෙසේ පිහිටන විට බොහෝ සැප සම්පත් ලබමින් වාසනාවන්ත මිහිරි යුග දිවියක් ගත කිරීමේ වාසනාව ඔවුන්ට හිමි වෙනවා. ඝනව වැඩුණු කෙස් කළඹ බෙල්ල තෙක් ඇති කාන්තාව අන්‍යයන් ගැන නොසිතන අතර කුල සිරිත් විරිත් චාරිත්‍ර වාරිත්‍ර අනුගමනය නොකරන නවීන විලාසිතාවන් ප්‍රිය කරන ආත්මාර්ථකාමී තැනැත්තියන්.
පිරිමින් දෙස බැලීමේදී ඔහුගේ කෙස් කළු පැහැති මටසිළුටුව තිබේ නම් හෙතෙම නිහඬ තැන්පත් කෙනෙක්. ඉක්මනින් කෝප සහගත නොවන තැන්පත් ගතිගුණ වලින් පිරුණු මොවුන් ඉතාමත් ධෛර්යවන්ත අන්‍යයන්ට කරදරයක් නොවන ලෙස ජීවත්වනවා. මොවුන් මිතුරන්ට සැබෑ මිතුරෝ වෙනවා. මිතුරන් අතර ද ජනප්‍රිය වෙනවා. මොවුන්ගේ දුර්වලකමක් ලෙස සැලකිය හැකි වන්නේ පටන් පටන්ගත් කාර්යය අවසානය තෙක් නිමකිරීමට උත්සාහ නොවීමයි.
එවැනි කෙස් කළඹක් හිමි කාන්තාවන් ආශාවන් කෙරෙහි වැඩිපුර සිත යොමු කරන්නේ නෑ. හැම දෙයක් ගැනම විමසිල්ලෙන් පසු වෙනවා. කාන්තිමත් සිරුරක් නැති වුවද ඇය දුර්වල තැනැත්තියක් නොවේ. හැම විටම සතුටින් කල්ගත කරනවා. තරමක් කෙටි වූ පිරුණු බවකින් යුක්ත කෙස් කළඹක් හිමි ස්ත්‍රියකට සුබ වන්නේ නැහැ. ඔවුන් මහත් ආඩම්බර ගතියකින් යුක්ත වන එවැනි ස්ත්‍රීන් දාමරිකයන් දරුණු පුද්ගලයන් සමග පවා හිතවත්කම් ඇති කරගන්නවා. පුරුෂයන් මෙන් ඔවුන් ක්‍රියාශීලී.
කෙස් අඩු ස්ත්‍රිය ඉතා අවාසනාවන්තයි. ජීවිතේ සැනසීමක් නොලැබීමට නොහැකි සමාජයේ මුළුගැන්වී සිටින අය. දරුවන්ගෙන් පවා සැපතක් නොලබයි. ඉතාම සිහින්ව දණහිස දක්වා දිගු වරලස හිමි අයගේ ජීවිතය ගැටලු සහිත දුකට පත්වෙනවා. බොහෝ විට ඔවුන්ගේ පළමු විවාහය බිඳ වැටීමට ඉඩ තියෙනවා.
හැබැයි අද කාලේ ස්ත්රීන්ගේ කෙස් වලින් මේ ගති ලක්ෂණ සොයන්න ටිකක් අපහසු වන්නේ ඔවුන් තමන්ගේ උපන් කෙස්කලඹ වෙනස් කරගෙන ඇති නිසා.
by Dilki Shamani
Photo Source: Internet
715 Views
Comments