අභ්‍යවකාශයේ සැතපුම් බිලියන දොළහක දුර සිට හඬක් මහපොළොවට “හලෝ!” කියයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
NOV
10

අභ්‍යවකාශයේ සැතපුම් බිලියන දොළහක දුර සිට හඬක් මහපොළොවට “හලෝ!” කියයි

අභ්‍යවකාශයේ සැතපුම් බිලියන දොළහක දුර සිට හඬක් මහපොළොවට “හලෝ!” කියයි

පෘථිවියේ සිට සැතපුම් බිලියන දොළහක් දුරින්, සූර්යයාගේ රාජධානියේ මායිම සහ අන්තර් තාරකා අභ්‍යවකාශයේ ආරම්භය සනිටුහන් කරන නොපැහැදිලි සීමාවක් තිබේ. ඈත අභ්‍යවකාශයේ සැතපුම් බිලියන දොළහක දුර සිට පැරණි හඬක් මහපොළොවට “හලෝ!” කීවේය. මේ හඬ ඇසුණේ මාස 11ක දීර්ඝ නිහැඬියාවකට පසුවය. මිනිසා විසින් අභ්‍යවකාශයේ වැඩිම ඈතකට යවන ලද වැඩිම කාලයක් නිරුපද්‍රිතව ගමනේ යෙදෙන වොයේජර් 2 -Voyager 2, අභ්‍යවකාශ ගවේෂණ යානය වෙතින් මේ ඇමතුම ආවේය. නාසා යානය හීලියෝ ගෝලයෙන් ඔබ්බට ගමන් කළ දෙවැන්නයි.


කොරොනා කාලයේ ආරම්භයත් සමගම මාර්තු මාසයේදි වසර 30ක් පුරා වොයේජර් 2 සමග පැවති ආලයට නාසා ආයතනය සමුදුන්නේය. අභ්‍යවකාශයේ එතරම් ඈත දුරකට පණිවුඩ ගෙන යා හැකි මහපොළොව මත ඇති එකම “පිරිසි ඇන්ටෙනාව” වසර 47ක් අඛණ්ඩව සේවය සපයා තිබුණි. අන්තිමේ එය විශ්‍රාම යවා තරුණ හඬක් ඇති අලුත් ඇන්ටෙනාවක් ආදේශ කරන්නට කාලය පැමිණ තිබුණි. මේ නිසා නාසා ආයතනය මිනිස් ඉතිහාසයේ දීර්ඝතම අඛණ්ඩ අභ්‍යවකාශ නිරීක්ෂණ සවාරියේ යෙදෙනා වොයේජර් 2 සමග සබඳතා අත්හැරියේය. මාස 11ට පසු නව පණක් ලබා තරැණ වූ ගැඹුරැ අභ්‍යවකාශය විනිවිද කතා කිරීමට සමත් ඕස්ට්‍රෙලියාවේ පිහිටි මහපොළොවේ එකම සංනිවේදන මධ්‍යස්ථානය සිය පැරණි හිතවතාට ඇමතුමක් ගෙන “හලෝ!වොයේජර්,” යැයි ඇමතුවේය. නාසා ආයතනයට වොයේජරයේ පැරුණි සුමිතුරැ හඬ අසන්නට පැය 34යි මිනිත්තු 48ක කාලයක් බලා ඉන්නට සිදුවිය. අන්තිමේ මාස 11 කට පසු පළමු වතාවට වොයේජ 2 “හලෝ!”යැයි කීවේය.

 


ඕස්ට්‍රෙලියාවේ ඇති ඈත අභ්‍යවකාශය වෙත පණිවුඩ යැවිය හැකි DSS-43 ඇන්ටෙනාව තවදුරටත් නවීකරණය වෙමින් තිබේ. එයට අලුත් ඇන්ටෙනා 2ක්, උණුසුම් සහ සීත සපයන උපකරණ, බලශක්ති කට්ටල අලුතෙන්ම එක්වන අතර 2021 තෙක් ඇදීයන මේ නවීකරණ කටයුතු සමග අලුත්ම සංනිවේදන තාක්ෂණික උපකරණ රැසක් එක්වන්නට නියමිතය. දැන් ඈත දුර අභ්‍යවකාශයේ සැඟවී ඇති රහස් නැවතත් මිනිසාට කියමින් සිය ඓතිහාසික දීර්ඝතම සවාරියේ යෙදීමට වොයේජර් 2 සමත්වනු ඇත. වොයේජර් 1 සහ වොයේජර් 2 යන දෙකම 1977 දී දියත් කරන ලදී. මේ මුළු කාලසීමව පුරාවටම මෙම යානා වරින් වර විවිධ තොරතුරු අනාවරණය කර තිබේ. ඒ අනුව වොයේජර් 2 විසින් කරන ලද දෙවන මිනුම් මාලාව අනුව හීලියෝස්පියර් සීමාවන්හි ස්වභාවය පිළිබඳ නව අවබෝධයක් ලබා දෙයි. තවද වොයේජර් 2 හීලියෝ ෂීට් ඝණකම, හීලියෝ ගෝලයේ පිටත කලාපය සහ අන්තර් තාරකා අභ්‍යවකාශයේ ළඟා වන සුළඟට එරෙහිව සූර්ය සුළඟ ගොඩ ගැසෙන ස්ථානයට අමතර හෝඩුවාවන් ලබා දෙයි.

 

 

 

 

 

by Dilki Shamani

Photo source : Internet

views

22518 Views

Comments

arrow-up