ලාංකීය ආර්ථිකයට කෘෂිකර්මාන්තයේ දායකත්වය කෙබඳුද

රටක ආර්ථිකයට කර්මාන්තශාලා, කෘෂිකර්මය, සේවා දායකත්වය, සංචාරක කර්මාන්තය, ව්‍යාපාර ආදී වශයෙන් විවිධ අංශ දායක වන්නේය. සිංගප්පූරුව වැනි රටක සේවාවන් ඉටු කිරීමෙන් රටට සෑහෙන ආදායමක් ලබාගනී. එසේම හවායි ආදී රටවල් සංචාරක කර්මාන්තයෙන් පෙරමුණ ගෙන ඇත. තායිලන්තය, බ්‍රසීලය, ඕස්ට්‍රේලියාව, ඉන්දුනීසියාව, පකිස්ථානය වැනි රටවල් කෘෂිකර්මය ප්‍රධාන ආදායම් මාර්ග ගෙනදෙන අංශය ලෙසද පවත්වා ගනියි. ශ්‍රී ලංකාව මෙරට ඉතා පුරාණයේ සිට කෘෂිකර්මය ප්‍රධාන ජීවනෝපාය කරගත් ජනතාවගෙන් සමන්විත වූ බව පැහැදිලියි. සාගරය පරයන මහ වැව්, ලොව මවිතයට පත් කරන වාරිකර්මාන්ත එයට කදිම සාක්ෂි වේ. එදා මේ රට සහලින් ස්වයංපෝෂිත වූවා පමණක් නොව පිටරට වලට ද සහල් අපනයනය කළ බව වංශකථා වල දැක්වේ.
කාලයක සිට නිකරුනේ මුහුදට ගලා යන ජල කඳ හරස්කොට වේලි බැඳ ඒවා රටේ කෘෂිකර්මය නගා සිටුවීම සඳහා යොදා ගැනීමට පියවර ගෙන තිබීම සතුටු විය හැක්කකි. ඒ මගින් කෘෂිකර්මයට ජලය සැපයෙන අතර ජලය හිඟ ප්‍රදේශවලට විශාල නල මගින් ජලය ප්‍රවාහනය කොට ඒ ප්‍රදේශවල කෘෂිකර්මාන්තය සංවර්ධනය කිරීමට හැකියාවක් ලැබී ඇත. එවැනි ව්‍යාපෘති මඟින් ජල විදුලිය නිපදවීමේ හැකියාවක් ඇති බැවින් රටට අවැසි විදුලිය ඒ මගින් ජනනය කිරීම මහත් අස්වැසිල්ලකි. ජල විදුලිය අනෙක් සියලුම උත්පාදන ක්‍රමවලින් ලබන විදුලියට වඩා අඩු මුදලකින් ලබාගත හැකිවේ. ගොවි ජනතාව නිතරම අපේක්ෂා කරන්නේ ජලයයි. ඔවුහු අන් කිසිවකට වඩා ජලයට ඇලුම් කරති. ඔවුන්ට නිසි වේලාවට ජලය ලබා දෙන්නේ නම් අපට අවශ්‍ය සහල් සහ එළවළු පලතුරු අපට නිසැකවම ලබාදෙනු ඇත. ශ්‍රී ලංකාවේ පුරන්ව ගිය වැව් බොහෝය. ඒවා සුද්ධ පවිත්‍ර කොට පිළිසකර කරන්නේ නම් ඒ ජලය ද මෙරට කර්මාන්තයට අතිශය ප්‍රයෝජනවත් වන්නේම ය. ගොවි ජනයාට ජලය මෙන්ම අනෙක් අවශ්‍ය දෙය වන්නේ ඒ ඒ බෝගයන් සදහා අවශ්‍ය පොහොරයි. ඔවුන්ට පහසු මුදලකට පොහොර සැපයිය යුතු වන අතර ඔවුන් පොහොර සොයා යාමට, පොහොර ආධාර ලබාගැනීමට පෝරම පිරවීම ආදිය අවම කළ යුතු වන්නේය. ගොවිජනයා රටට භාග්‍ය උදා කරවන මහත් සම්පතක් ලෙස සලකා කටයුතු කිරීම බලධාරීන්ගේ යුතුකමයි.
ගොවි ජනතාව නෙලා ගන්නා අස්වැන්න සාධාරණ මිලකට විකුණා ගැනීමට ඔවුන්ට ක්‍රමවේදයක් සැකසීම ඉතාමත් වැදගත්. බොහෝවිට කෘෂිකර්මාන්තයෙන් වැඩි ප්‍රතිලාභ අත්විඳින්නේ අතරමැදි වෙළෙඳුන් වේ. ඔවුන්ගෙන් ගොවියා ගලවා ගැනීමට රජය ඉදිරිපත් වන්නේ නම් එය ඔවුන්ට මහත් අස්වැසිල්ලක් වනු ඇත. ගොවි මහතුන් උපයන බෝග මිලදී ගන්නා මධ්‍යස්ථාන ඒ ඒ දිස්ත්‍රික්කවල පිහිට විය යුතු අතර ඔවුන්ගේ බෝග සඳහා සාධාරණ මුදලක් ලබාදී ඔවුන් තව තවත් කෘෂිකර්මාන්තයට උනන්දු කරවීම රජයේ වගකීමයි. තවද රටේ කෘෂිකර්මාන්තය උසස් තත්ත්වයකට නැංවීමට ගොවි මහතුන්ට නව කෘෂිකාර්මික ක්‍රම සහ වැඩි අස්වැන්නක් ලැබෙන බීජ වර්ග හඳුන්වා දිය යුතුයි. උපදේශකවරු සෑම දිස්ත්‍රික්කයකටම පත්කොට ඒ අයගේ පූර්ණ සහයෝගය ගොවි මහතුන්ට ලබාදීමේ වැඩපිළිවෙළක් යෙදිය යුතුයි. ගම්බදව නිපදවන සහල් එළවළු පලතුරු ආදිය නගරයට ප්‍රවාහනය කිරීම සඳහා රජය මගින් ක්‍රියාත්මක වන වැඩ පිළිවෙලක් යොදන්නේ නම් ඔවුන්ට සාධාරණ මුදලක් තම අස්වැන්න සඳහා ලැබේවි.
රටක කෘෂිකර්මාන්තය හොඳින් පවතින්නේ නම් එහි ආර්ථිකය ද ශක්තිමත් වනු ඇත. පිටරටින් සහල් එළවළු පලතුරු ආනයනය කිරීම අවශ්‍ය නොවන අතර අප රටින් පිටරටට ගලායන ධනයද ඒ මගින් ඉතිරිවේවි. ඒ වෙනුවෙන් සැලසුම් සහගත වැඩපිළිවෙළක් රජයේ මැදිහත්වීම තුළින් දියත් කරන්නේ නම් මෙරට ආර්ථික ප්‍රවර්ධනය වඩාත් යහපත් ආකාරයෙන් සිදුවනු ඇත.
by Sachini Sooriyaarachchi
Photo Source: Internet
822 Views
Comments