හැමදේම ශීතකරණයට දාන්න එපා-1
For Sri Lankan's Overseas
Latest_News
calendar
AUG
17

හැමදේම ශීතකරණයට දාන්න එපා-1

හැමදේම ශීතකරණයට දාන්න එපා-1

ශීතකරණය කියන්නේ ඔබේ ආහාර සුරැකිව තබා ගැනීම සඳහා අත්‍යවශ්‍ය උපකරණයක්. ඒත් අතට අසුවන හැම දේම ශීතකරණයට දැමීම නුවණට හුරු නෑ. ඇතැම් ආහාර එසේ ශීතකරණය තුළ තැබීමෙන් එහි ගුණාත්මක බව විනාශ වෙනවා. ඒ වගේ ආහාර පිළිබඳ සටහනක් මෙම ලිපියේ දැක්වෙනවා.

අලිගැටපේර


අලිගැටපේර කියන්නේ හැසිරවීමට ඉතාමත් අපහසු පලතුරු විශේෂයක්. ශීතකරණය තුළ බහාලීමෙන් එය ඉදීමට පත්වීමේ ක්‍රියාවලි නවතිනවා. ඒ නිසා අලිගැටපේර ශීතකරණය තුළ බැලීම සුදුසු වන්නේ නෑ. ඒවා කාමර උෂ්ණත්වය තිබිය යුතුයි. ඒ වගේම ඉදුණු අලිගැටපේර ඉක්මනින් ආහාරයට ගන්න ඕන. අලිගැටපේර ඉදිවීම සඳහා ඇපල් හෝ කෙසෙල් සමග බ්‍රවුන් පේපර් බෑග් එකක තැබීම සුදුසුයි. කෙසෙල් හා ඇපල් වලින් අලිගැටපේර වල ඉදීම වඩාත් ඉක්මණින් වීමට හේතුවන එතිලීන් වායුව නිකුත් වෙනවා.

ඩෝනට්

ඩෝනට් වැනි ආහාර ශීතකරණය තුළ බහාලීමෙන් ඒවා නරක් වීමට ලක්වෙනවා. එබැවින් ඒවා ආවරණය කර හැකි තරම් කාමර උෂ්ණත්වයේ තබාගෙන ආහාරයට ගත යුතුයි. නැවුම් ඩෝනට් තබාගත හැක්කේ උපරිම දින දෙකක කාලයක් විතරයි.

අර්තාපල්

අර්තාපල් ශීතකරණ වල බහාලීමෙන් එහි අඩංගු පිෂ්ඨය ඉක්මනින් සීනි බවට හැරෙනවා. ඒ නිසා අර්තාපල් තැබීම වඩා සුදුසු වන්නේ අධික උෂ්ණත්වයෙන් ඈත් කොට පැන්ට්‍රියේමයි. කෙසේ වුවත් අර්තාපල් පිස ආහාරයට ගත් පසු ඉතිරිවන කෑම ඉක්මනින්ම ශීතකරණය තුල බහාලන්න. බේක් කරන ලද අර්තාපල් ඇලුමිනියම් දවටන වල ඔතා කාමර උෂ්ණත්වයේ තැබීමෙන් ඒවා විෂ විය හැකි බව මතක තියා ගන්න.

සුදුලූනු

බික් පිටින්නම් සුදුලූනු අසුරා තැබිය යුත්තේ පැන්ට්‍රියේ සිසිල් වියලි ස්ථානයකයි. සුදුලූනු එය හොඳින් වාතාශ්‍රය සහිත ඇසුරුමක බහාලන්න. වාතාශ්‍රය නොලැබෙන ඇසුරුම් වල බහාලීමෙන් ඒවා ඉක්මනින් නරක් වෙන්න පුළුවන්.

 

 

 


ලූනු

සම්පූර්ණ වශයෙන්ම ඇති නොකපන ලද ලූනු ශීතකරණය තුළ බහාලීමෙන් වළකින්න. එසේ කිරීමෙන් ලූනු ඉක්මනින් පෙගෙන සුළු බවට පත්වෙනවා. ශීතකරණය තුල පවතින තෙතමනය නිසා ලූනු ඉතා ඉක්මනින් නරක් වීමට හේතුවක් වෙනවා. ඒ වගේම ලූනු අධික ශීතලට ලක්වීමෙන් එහි පිෂ්ටය සීනි බවට හැරෙනවා. ලූනු තැබිය යුත්තේ ඒවා මිලදී ගන්නා විට ලැබෙන දැල් සහිත බෑගයේ හොඳින් වාතාශ්‍රය ලැබෙන ඇසුරුමක බහා සිසිල් වියළි ස්ථානයකයි.

මෙවැනි තවත් ආහාර ද්‍රව්‍ය ගොඩක් ශීතකරණයේ තැබීමට සුදුසු වන්නේ නැහැ. ඒ පිළිබඳ වැඩිදුර විස්තර තවත් ලිපියකින් දැනුවත් වෙමු.

 

 

by Dilki Shamani

Photo Source: Internet

views

699 Views

Comments

arrow-up