පිළිකාව ළඟ සිනාසෙන ඇන්ජලීනා ජොලි

සුපිරි හොලිවුඩ් රංගන ශිල්පිනියක් තමයි ඇන්ජලීනා ජොලි කියන්නේ. අතිශය ජනප්‍රියත්වයට පත් හොලිවුඩ් චිත්‍රපට රාශියකට ඇන්ජලීනා ජොලීගේ දායකත්වය ලැබුණා. ඇය පසුගිය දවසක ඇගේ ට්විටර් ගිණුමේ ප්‍රකාශ කරල තියෙන්නේ "මගේ බය සම්පූර්ණයෙන්ම තුරන් වුණා" කියලා. පසුගිය දවස්වල ඇය සිටියේ පෞද්ගලික රෝහලක නැවතී ප්‍රතිකාර ගනිමින්. ඊට හේතු කිහිපයක් තිබිලා තියෙනවා. ඉන් පළමුවැන්න තමයි ඇගේ වැඩිමහල් දියණිය සහරාගේ අසනීප තත්වයක් නිසා ඇයට සිදුකරන්නට යෙදුණු ශල්‍යකර්මය. දෙවැන්න තමයි ඇන්ජලීනා ජොලි මීට වසර කිහිපයකට පෙර පියයුරු පිළිකාවෙන් පීඩා විදලා සුවය ලැබුවත් නැවතත් එම රෝගී තත්ත්වය මතුවී තිබීම.
ඇන්ජලීනා ජොලිට දරුවන් හය දෙනෙක් සිටිනවා. ඉන් හතර දෙනෙක්ම විවිධ රටවල්වලින් දරුකමට හදා ගත්තු අය. දෙන්නෙක් බ්‍රැඩ් පිට්ට දාව ඇය බිහිකළ නිවුන් දරුවන්. මේ වෙද්දි ජොලි සහ පිට් එකිනෙකා වෙන් වෙලා ඉවරයි. නමුත් දරුවන් හය දෙනා ඉන්නෙ ජොලි එක්ක.
පිළිකාව සහ ජොලීගේ පරම්පරාව අතර තියෙන ඉතාම ළඟ නෑකමක්. ජොලීගේ අම්මා, පුංචි අම්මා, ආච්චි අම්මා වගේම අම්මගෙ සහෝදරියන් දෙදෙනෙක් මියගිහින් තියෙන්නේ පියයුරු පිළිකාව නිසා. මේ නිසා උපතින්ම මේ පිළිකා ජාන ඇන්ජලීනට උරුම වෙලා. නමුත් ඇය හැමදාමත් දුක්වුනේ පිළිකා සෛල තමන්ගේ ජාන වල තිබුණු නිසා නොවෙයි. තමන් නැති කාලෙක දරුවන් හය දෙනාට යන කාලය ගැන හිතලා. ඒත් ඇන්ජලීනා මේ ඔක්කොම ඔළුවේ තියාගෙන හැමදාමත් හිනාවෙලා හිටියා. ඒ නිසාම ඇයගේ යෙහෙළියන් ඇයට නිතරම සිනාසෙන ගැහැණිය කියලා නමකුත් පටබැඳිලා තිබුණා. පසුගිය සති දෙකක් පුරාවට සහරා සහ ඇන්ජලීනා රෝහල්ගතව සිටි නිසා දරුවන් පස්දෙනා ගැන ඇයට තිබුණේ බියමුසු හැඟීමක්. නමුත් ඒ සති කිහිපයේ දරුවන් පස් දෙනා එකිනෙකාට හොඳින් බලාගනිමින් එකිනෙකාට දැක් වූ ආදරය ගැන දැක්කම ඇයට පිළිකාව අමතක උනා. ඇය තවත් හිනා වුණා. කඳුළු එන්නම හිනා වුණා. ඒ වෙලාවෙදි තමයි ඇය සටහනක් තැබුවේ "මගේ බය සම්පූර්ණයෙන්ම තුරන් වුණා" කියලා. දැන් ඇය බොහොම සතුටින් යන්න සූදානම් වෙලා ඉන්නවා. ඔවුන් ඉතාම ආදරයෙන් එකිනෙකාව බලා ගන්නවා කියන එක ඇයට හොදටම විශ්වාසයි. මේ සිදුවීම්න් පැහැදිලි වන්නේ එක දෙයයි. පිළිකාව වැලඳෙන්න මිනිසුන්ගේ තරාතිරම රුව ලස්සන අදාළ වෙන්නේ නැහැ. අවශ්‍ය වෙන්නේ ආදරේ පිරුණු හදවතකින් යුතුව ජීවත් වෙන ටික කාලේ සතුටින් ජීවත් වීම විතරයි.
by Dilki Shamani
Photo Source: Internet
708 Views
Comments