නිර්මාංශ ආහාර නාමකරණය ගැන යුරෝපයේ අවුල
For Sri Lankan's Overseas
Latest_News
calendar
NOV
10

නිර්මාංශ ආහාර නාමකරණය ගැන යුරෝපයේ අවුල

නිර්මාංශ ආහාර නාමකරණය ගැන යුරෝපයේ අවුල

මාංශ සහිත හා නිර්මාංශ ආහාර සඳහා නම් භාවිතය පිළිබඳ මතභේදාත්මක තත්වයක් යුරෝපා සංගමයේ රටවල් අතර ඇතිවී තිබේ. කෘෂිකාර්මික නිෂ්පාදන සම්බන්ධ ගැටළු පිළිබඳ ඡන්ද විමසීමේදී දේශපාලනඥයන් තීරණය කළේ නිර්මාංශ බර්ගර්, සෝයා ස්ටීක්ස් සහ වීගන් සොසේජස් යුරෝපා සංගමය පුරා ඇති අවන්හල් සහ සාප්පු වල අලෙවි කළ හැකි බවයි. ඒ අනුව මස් රහිත ශාක පදනම් කරගත් නිෂ්පාදන තවමත් බර්ගර් සහ සොසේජස් ලෙස යුරෝපා සංගමයේ නීති වලට අනුව හැඳින්විය හැකිය. සත්ත්ව ද්‍රව්‍ය වලින් තොර සහ ශාක පදනම් කරගත් නිෂ්පාදන සඳහා මස් සමඟ සම්බන්ධ කර ඇති යෙදුම් මෑත වසරවල ජනප්‍රිය වී තිබේ. මෙම ප්‍රවණතාවයේ කැපී පෙනෙන ප්‍රතිලාභියෙකු වන්නේ යුරෝපයේ ග්‍රෙග්ස් බේකරි ව්‍යාපාරයයි. එය පසුගිය වසරේ ඉදිරිපත් කළ වීගන් සොසේජස් රෝල් මිලදී ගැනීමේදී විශාල වර්ධනයක් වාර්තා කළේය.


නමුත් යුරෝපයේ විශාලතම ගොවි සංගමය වන කෝපා-කොගෙකා එවැනි නම් භාවිතය තහනම් කිරීමකට සහාය දී ඇති අතර, නිර්මාංශ ආහාර මස් සමඟ ලේබල් කිරීම නිර්මාංශ ආහාර හරහා මස් පිළිබඳ සිතුවිලි ඇති කිරීමට පාරිභෝගිකයන් නොමඟ යවන බවට තර්ක කළේය. මේ අතර ග්‍රීන්පීස් සහ WWF ඇතුළු සංවිධාන 13 කින් යුත් කණ්ඩායමක් යෝජිත සංශෝධන ප්‍රතික්ෂේප කරන ලෙස දේශපාලනඥයින්ගෙන් ඉල්ලා සිටියහ. ඔවුන් පෙන්වා දෙන්නේ ගෝලීය උෂ්ණත්වය ඉහළ යාම පාලනය කිරීම සඳහා යුරෝපා සංගම් කොමිසමේ අභිලාෂයට අනුකූලව මෙලෙස ශාක පදනම් කරගත් ආහාර නිෂ්පාදනවල පවතින නාමකරණය ශාකමය ආහාර වෙත මාරුවීමකට ප්‍රවර්ධනය කරන බවයි. “නිර්මාංශ හෝ සත්ත්ව ආහාර වලින් තොර යැයි පැහැදිලිවම ලේබල් කර ඇති තාක් කල්, සෝයා හෝ කඩල මත පදනම් වූ සොසේජස් මාංශමය සොසේජස් අතරින් වෙන්කර හඳුනාගැනීමට පාරිභෝගිකයින් කිසිදු ආකාරයකින් ව්‍යාකූල නොවනු ඇත,” මෙම කණ්ඩායම නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි.

 


නමුත් ග්‍රීන්පීස් සමාගම ඇතුළු කණ්ඩායම කණගාටුව ප්‍රකාශ කළේ කිරි නොමැති විකල්ප නිෂ්පාදන නම් කිරීම සම්බන්ධයෙන් දේශපාලනඥයින් විසින් තවදුරටත් තහංචි පැනවීම පිළිබඳවයි. සත්ව නිෂ්පාදන සඳහා වෙන් කර ඇති කිරි, බටර් හෝ චීස් වැනි යෙදුම් භාවිතයෙන් තනිකරම ශාක පදනම් කරගත් නිෂ්පාදන අලෙවි කළ නොහැකි බවට 2017 දී පොදුවේ ඉහළම අධිකරණය තීන්දු කිරීමෙන් පසුව “ආමන්ඩ් කිරි” සහ “සෝයා යෝගට්” වැනි යෙදුම් යුරෝපයේ දැනටමත් තහනම් කර ඇත. ලේබල් කිරීමේ නීති විශාල යුරෝපා සංගම් ගොවි ප්‍රතිපත්ති රාමුවේ කොටසකි. අවසාන ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් සාමාජික රටවල් සමඟ සම්මුතියක් ඇති කර ගැනීමට පෙර පාර්ලිමේන්තුව විසින් එය අනුමත කළ යුතුය.

 

 

 

 

 

 

by Dilki Shamani

Photo source : Internet

views

579 Views

Comments

arrow-up