ජෝ බයිඩන් ජනපති පුටුවට ආපු ගමන

ඇමරිකානු ජනාධිපතිවරණයෙන් ජයගත් ජෝ බයිඩන් මීට පෙර 47 වැනි උප ජනාධිපතිවරයා ලෙස ඔබාමා පාලනය තුළද කටයුතු කළ පරිණත දේශපාලනඥයකු වන අතර 1988 ඔබාමාගෙන් පසු අමෙරිකාවේ වැඩිම ජනප්‍රිය ඡන්ද ලැබූ ජනාධිපති අපේක්ෂකයාසේම එරට වයස්ගත ජනාධිපතිවරයාය. ඔහු පෙන්සිල්වේනියා ප්‍රාන්තයෙහි උපත ලබා ඇත්තේ දෙවැනි ලෝක මහා සංග්‍රාමය පෙරට යමින් පවතින අතරවාරයේ 1942 වසරේදීය. අයිරිෂ්-අමෙරිකානු සම්භවයක් සහිත කතෝලික පවුලක දරුවන් හතර දෙනාගෙන් ඔහු වැඩිමලාය.
බයිඩන් Syracuse’ සරසවියේ නීති පීඨයේ නීති අධ්‍යාපනය නිමකර ජෝ නීලියා පළමු බිරිඳ සමඟ විවාහ විය. ඉන් අනතුරුව ඔහුගේ අධ්‍යාපන ආයතනය පිහිටි විල්මින්ටන් නගරයෙන් සිය දේශපාලන ගමන සඳහා අත්පොත් තබන්නේ ඩෙලවෙයා ජනපදය නියෝජනය කරමිනි. 1972 වසරේ ඔහු ඇමරිකාවේ ඩිමොක්‍රටික් පක්ෂය නියෝජනය කරමින් අමෙරිකා ඉතිහාසයේ 5 වැනි ළාබාලතම සෙනෙට් සභිකයා බවට පත් විය. අවාසනාවන්ත ලෙස ඔහුගේ බිරිඳ නීලියා බයිඩන් සහ එකම දියණිය ඒ වසරේ නත්තල් සාප්පු සවාරිය සඳහා ගොස් සිටියදී අනතුරකින් මරණයට පත්විය. ඉන් ටික කලකට පසු බයිඩන් ජිල් ජෙකොබ් නම් කාන්තාව සමඟ යලි විවාහ විය.
ජෝ බයිඩන් 2008 වසරේදීද ජනාධිපතිධුරය සඳහා උත්සාහයක් දරන ලද නමුත් ඔබාමාට ඉඩදී ඉන් ඉවත්ව ගියේය. සාර්ථකත්වයක් ලැබීමට තරම් ඔහුගේ මැතිවරණ ව්‍යාපාරය ශක්තිමත් නොවුවද, එම වසර අගදී ඔහු යළි කරළියට පැමිණියේ ජාත්‍යන්තර වශයෙන් ප්‍රමුඛත්වයක් හිමි වූ තනතුරක් පැවරුණු හෙයිනි. 2008 අගෝස්තු 23 වෙනිදා බරක් ඔබාමා විසින් සිය උප ජනාධිපති අපේක්ෂකයා ලෙස හඳුන්වා දෙනු ලැබුවේ ජෝ බයිඩන්ය. එය ජයග්‍රහණය වෙත යන ගමනක් වූ අතර පසුව දෙදෙනා වාර දෙකක්ම සේවය කළේ ඔවුන් අතර ඉතා සමීප සබඳතාවක් ගොඩනගමිනි. එය කෙසේදයත්, බයිඩන් විසින් නිතරම ඔබාමා අමතනු ලැබුවේ සහෝදරයා යනුවෙනි. සිය ධුර කාලය ඉකුත්ව යන්නට ආසන්නයේ හදිසි උත්සවයක් කැඳවූ ජනාධිපති ඔබාමා, රටේ පුරවැසියකුට පිරිනැමුණු ලබන ඉහළම සම්මානය වන නිදහස පිළිබඳ ජනාධිපති සම්මානය බයිඩන් හට පිරිනමනු ලැබීය.
ජෝ බයිඩන් හඳුනාගැනීම යනු රුවටිල්ලකින් තොර ආදරය දයාව හඳුනාගැනීමයි, පෞද්ගලික අභිමතාර්ථයෙන් තොර සේවය වගේම ජීවිතය පරිපූර්ණව ගෙවීම හඳුනාගැනීමයි යනුවෙන් වරක් හිටපු ජනාධිපති ඔබාමා ප්‍රකාශ කර තිබේ. කෙසේ නමුත් ඇමරිකාවේ 46 වන ධවල මන්දිරය අධිපතිවරයා ලෙස ඉදිරි වසර හතර පුරාවට එරට නව දැක්මක් කරා යොමුකරනු ඇතැයි බොහෝ දෙනා අපේක්ෂා කරයි.
by Dilki Shamani
Photo source : Internet
630 Views
Comments