ක්‍රීම් ඔෆ් මශෲම් සුප්
For Sri Lankan's Overseas
Latest_News
calendar
SEP
02

ක්‍රීම් ඔෆ් මශෲම් සුප්

ක්‍රීම් ඔෆ් මශෲම් සුප්

අපි සාමාන්‍යයෙන් හතු ආහාරයට ගන්නේ ව්‍යංජන විදියට නේ. අද වෙනස් විදියකට සුප් එකක් හදන්නේ කොහොමද කියලා අපි බලමු.


අවශ්‍ය ද්‍රව්‍ය:-

බට්න් මශෲම් 15ක් පමණ
චොප් කරගත් සුදුලූනු බික් 5
පොඩියට කොටුකපාගත් බීලූනු ගෙඩි 1
ෆ්‍රෙශ් මිල්ක් කෝප්ප 2
ගම්මිරිස්කුඩු තේ හැදි 1/2
ලුනුකුඩු රස අනුව
පාන්පිටි මේසහැදි 3
වයිට් වයින් හෝ රෙඩ් වයින්
වෙජිටබල් ස්ටොක් කෝප්ප 3
බටර් තේ හැදි 2
සැල්දරි දඩු හීනියට කපා කෝප්ප 1/4
ක්‍රීම්,හාෆ් ඇන්ඩ් හාෆ් හෝ ෆ්‍රෙශ් මිල්ක් මේ වර්ග තුනෙන් එකකින් කෝප්ප 2

සාදාගන්නා ආකාරය:-

බට්න් මශෲම් ටික උණුවතුර වලින් දෙතුන් පාරක් සෝදා ගන්න.
පසුව පෙතිකපා ගන්න.
පෑන් එකක් ලිපතබා රත්වූවිට බටර් එකතුකරලා දියවූ පසු එයට බීලූනු ,සුදු ලූනු,සැල්දරි දඩුදමා රන්වන් පාටවනතුරු බැදෙන්නට අරින්න.

 

 


පසුව එයට මශෲම් ටික දාලා කලවම් කරන්න .එයටම ලුනුකුඩු ,ගම්මිරිස් කුඩු සහ පාන්පිටි ටික දාලා කලවම් කරන්න .
වයිට් වයින් හෝ රෙඩ් වයින් ඊලගට එකතු කරන්න .(අත්‍යාවශ්‍ය නෑ)
ඉන්පසු වෙජිටබල්ස් ස්ටොක් ටික එකතුකරලා උතුරන්න අරින්න.ඉතුරුවට පස්සෙ
ක්‍රීම් ,හාෆ් ඇන්ඩ් හාෆ් හෝ ෆ්‍රෙශ් මිල්ක් තුනෙන් වර්ගයක් එකතුකරලා ගින්දර අඩුකරගන්න .
දුම දාගෙන එනකල් කූරුගාලා ලිපෙන් බාන්න.
නිවුනට පස්සෙ බ්ලෙන්ඩර් කරන්න .

 

 

by Lakshani Dhananjalee Lankadhikara

Photo Source: Internet

 
views

713 Views

Comments

arrow-up