කවුද මේ සිතන්නෝ සහ සිතෙන්නෝ
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUN
13

කවුද මේ සිතන්නෝ සහ සිතෙන්නෝ

කවුද මේ සිතන්නෝ සහ සිතෙන්නෝ

මිනිසාගේ සිතුවිලි තරම් ප්‍රබල ශක්තියක් වෙන නැති තරම්. එක සමාන හැකියාවන්ගෙන් යුත් පුද්ගලයන් දෙදෙනකු අතරින් එක් පුද්ගලයෙක් සාර්ථකත්වයකට ගමන් කරන්නෙත් අනෙක් පුද්ගලයා එකතැන පල් වෙන්නේත් ඔවුන් එකිනෙකාගේ පවතින සිතිවිලි වල වෙනස්කම් අනුවයි. අපි හැම කෙනෙක්ම හෙට දවස ගැන සිතිය යුතුයි. ඒ හෙට දවසේ මට සිදුවේ යැයි සිතින් මවාගන්නා විපත් ගැන නොවෙයි. අතීතයේ සිදුවූ කරදර ආයෙ කඩා වැටේ දැයි කියා නොවෙයි. රෑ වැටුන වලේ දවල් වැටේදැයි යන අදහස එන හෙට දවසක් ගැන නොවෙයි. ඔබ සිතිය යුත්තේ ඔබේ හෙට දවස අද දවසට වඩා සාර්ථක වන බවත් වර්තමානයට වඩා අනාගතය සුන්දර වෙන බවයි. ඔබ සිතිය යුත්තේ හොඳ ආදායම් මාර්ගයක් ඇති කරගෙන ලස්සන නිවසක් හදා ගෙන තම ආත්ම අභිමානයෙන් ජීවත් වන ආකාරය පිළිබඳවයි

අපි එක එක පුද්ගලයාට සිහින තිබෙනවා. ජීවිත කාලය පුරාම මේ සිහින පසුපස අපි හඹා යනවා. ඒ නිසා සෑම විටම යහපත් දේ සිතන සුබ සිහින දකින පුද්ගලයකු බවට පත්විය යුතුයි.

 


සිතෙන්නෙකුගේ සිත හැම විටම ඔහේ ගලාගෙන යනවා. ඔහුට ඔහු ගැන ආත්ම විශ්වාසයක් නැහැ. ආත්ම විශ්වාසය ඇති අය අන් අයට ද තම ආත්ම විශ්වාසය බෝ කරනවා. ඔහු කතා කරන්නේ මට විශ්වාසයි මට ෂුවර් යන වචන පමණයි. ඔබේ සිත නිතරම ඔහේ ඉබේ පාවෙලා යනවා නම් ඔබ සිතන කෙනෙකු නොවේ. සිතන්න අවශ්‍ය දෙයට සිත යොමු කළ යුතුමයි.

සිතන්නට අවශ්‍ය වෙන්නේ එදිනෙදා යන්තමට ජීවත් වීමට ඕනෑ කරන මූලික අවශ්‍යතා පමණක් නම් ඒවා ගැන ලොකුවට කල්පනා කළ යුතු නැහැ. අත්‍යවශ්‍ය කාරණා යටි සිත විසින් ඉබේම ඉටු කරන නිසා දෛනිකව කෙරෙන කටයුතු ඉබේ සිදු වෙනවා. ඒවා සිතේ පුරුද්දට අනුව ආකර්ෂණය වෙනවා. සිතෙන්නෙකු හා සිතන්නකු අතර විශාල වෙනසක් තියෙනවා. සංවිධානකින් තොරව ඔහේ ගලාගෙන යන සිතෙන්නාගේ සිතුවිලි නිසා අසාර්ථක බලපෑම් ඇති වෙනවා. සිතෙන්නෙකුට පෙනෙන්නේ සියලු යහපත් කම් වල විරුද්ධ පැත්ත.

නමුත් සිතන්නා හැම විටම සාර්ථක පුද්ගලයෙක්. ඔහුට අවශ්‍ය දේ ඔහු ලං කරගෙන තියෙනවා. ඔහුට ආත්ම ශක්තියක් තියෙනවා. ඔහුට ආත්ම අභිමානයක් තියෙනවා
ඔහු නිහතමානි හැඟීම් තියෙන පුද්ගලයෙක්. අවශ්‍ය දේ මනාව දැන අඳුනා ගන්නවා. නිතරම සතුටින් සිටිනවා. මේ නිසා ම අනවශ්‍ය කරදර බාධා එළඹෙන්නේ ඉතාම අඩුවෙන්. ලගාකර ගැනීමට අවශ්‍ය ඉලක්කය කරා එකඑල්ලේ සිත යොමු කරනවා. ඒ ගැන නිතරම සිතනවානම් එය අපට ළඟා කර ගැනීම හරිම පහසුයි. එය සාර්ථකත්වයේ ආකර්ෂණයයි.

මේ නිසා නිතරම සිතට එන සිතිවිලි ඔස්සේ ඔහේ සිතෙන්නෙකු නොවී තම සිහින කරා සිත මෙහෙයවන සිතන්නෙකු ලෙස කටයුතු කරන්න හැම විටම උත්සාහ කරන්න.

 

 

by  Dilki Shamani

Photo Source: Internet

views

483 Views

Comments

arrow-up