කම්පියුටර් ගේම්ස් - ඕවර්ලෑන්ඩ්

මේ ලිපි මාලාව හරහා ඔබ දැනුවත් කරන්නේ ලොව පරිගණක ක්‍රීඩා ලෝලීන් අතර ජනප්‍රිය එක් එක් පරිගණක ක්‍රීඩාවන් පිළිබඳවයි. ඕවර්ලෑන්ඩ් කියන්නෙත් එසේ ජනප්‍රිය වූ පරිගණක ක්‍රීඩාවක්.
ඇමරිකා එක්සත් ජනපදය නැගෙනහිර වෙරළ සීමාවේ සිට බටහිර සීමාව දක්වා රට හරහා ගොඩබිමින් චාරිකාවක යෙදෙන පුද්ගල කණ්ඩායමක් සිටිනවා. ඔවුන් ඉතා දුෂ්කර මාර්ග ඔස්සේ තැනිතලා හා කඳු සහිත ප්‍රදේශ ගමන් පසුකර ගමන් කරනවා. මේ ගමන් මාර්ගය වැටී ඇත්තේ ජන ජනශූන්‍ය ප්‍රදේශයක් හරහා. එම ගමන් මාර්ගයේ දරුණු සතුන් පවා හමු වෙනවා. මෙම පරිගණක ක්‍රීඩාවේදී පරිගණක ක්‍රීඩකයා විසින් කළ යුත්තේ මෙසේ ගමන් ගන්නා කණ්ඩායම ආරක්ෂිතව ඔවුන්ගේ ගමනාන්තය වෙත රැගෙන යාමයි.
ක්‍රීඩාව ආරම්භයේදී ලැබෙන කණ්ඩායම ගමන් කරන්නේ මෝටර් රථයකින්. මෙම කණ්ඩායමේ පුද්ගලයන් දෙදෙනෙක් හෝ තුන් දෙනෙක් සිටිනවා. එහෙමත් නැත්නම් පුද්ගලයන් සමග බල්ලෙක් සිටිනවා. මෙසේ ක්‍රීඩාව තුළින් අවශ්‍ය කණ්ඩායම තෝරා ගත් පසුව එහි සාමාජිකයන්ගේ නම් හැකියාවන් මෙන්ම දුර්වලතා ආදිය තෝරා ගැනීමට අවස්ථාව ලැබෙනවා.
කණ්ඩායම සතු ආහාර උපකරණ ඖෂධ ඉන්ධන ආදි අත්‍යවශ්‍ය දේවල් නිවැරදිව කළමනාකරණය කර ගෙන චාරිකාවේ යෙදී යුතුයි. මෙම ක්‍රීඩාවේ වැදගත්ම දේ නම් තමන්ට ලැබෙන කණ්ඩායමේ සාමාජිකයන්ගේ ආරක්ෂාව තහවුරු කර ගැනීමයි. ගමනාන්තය තෙක් ඔවුන්ට කිසිදු අනතුරක් සිදු නොවීමට වගබලා ගත යුතු අතර ඔවුන්ගේ ජීවිත අවදානම ඇතිවන අවස්ථා අවම කරගත යුතුවෙනවා. ක්‍රීඩාවෙන් ලබා දෙන මාර්ග සිතියම හොඳින් අධ්‍යයනය කර ඉන්ධන ලබා ගත හැකි තැන් නවාතැන් ගත හැකි තැන් ආදිය සොයා ගත යුතු වෙනවා.
රාත්‍රී කාලවලදී ගමන් කිරීම නවාතැන් ගෙන සිටිම යනාදි තැන් කල්පනාකාරීව ක්‍රීඩා කළ යුතු වෙනවා. කළුවර නිසා අවට ප්‍රදේශය පැහැදිලිව දැකගැනීමට නොහැකි නිසා සතුන් ගෙන් එල්ල වන ප්‍රහාර කලින් දැන ගැනීමට අපහසු වෙනවා. එවිට අවස්ථානෝචිත උපක්‍රම යොදාගෙන ක්‍රීඩාව සිදුකළ යුතු වෙනවා.
මෙම ක්‍රීඩාවේ ග්‍රැෆික් නිර්මාණය සරල ත්‍රිමාණ රූපයක් ලැබෙනසේ නිර්මාණය කර තිබෙනවා. ඒවාට යොදාගෙන ඇති හැඩතල සහ වර්ණ ඉතාම සරලයි. සිදුවීම් වලට ගැලපෙන ලෙස ශබ්ද එකතු කර තිබෙන නිසා ක්‍රීඩාවට සජීවි බවක් එක් වී තිබෙනවා. එසේම ක්‍රීඩාව කෙරෙන කොටස පමණක් වෙනම තිරයක ක්‍රියාත්මක වීම ක්‍රීඩාවේ ඇති වෙනස්ම යෙදුමක් වෙනවා. ඒ නිසා තමන්ට පාලනය කිරීමට තිබෙන කොටස හොඳින් පැහැදිලිව දැක ගැනීමෙන් ක්‍රීඩා කිරීමට පරිගණක ක්‍රීඩකයාට හැකියාව ලැබෙනවා. මෙලෙස නිර්මාණය කර ඇති ඕවර්ලෑන්ඩ් පරිගණක ක්‍රීඩාව පරිගණක ක්‍රීඩකයන් අතර මහත් ජනප්‍රියත්වයට පත්ව තිබෙනවා.
by Dilki Shamani
Photo Source: Internet
459 Views
Comments