ඔසු අතර දිව ඔසුව කස්තුරි

මිනිසාට වැළඳෙන රෝග වලට බොහෝ ස්වභාවික ඖෂධ වලින් ප්‍රතිකාර කරනවා. එලෙස යොදා ගන්නා ප්‍රධානතම ඖෂධයක් තමයි කස්තුරි කියන්නේ. කස්තුරි කියන්නේ ශාකයක ද්‍රව්‍යයක් නම් නෙමෙයි. එය සත්ත්වජ ද්‍රව්‍යයක්. එය විශේෂිතවූ කස්තුරි මුවන් ගෙන් ලබා ගන්නා ද්‍රව්‍යයක්. මේ ඒ පිළිබඳ සටහනක්.
රුසියාව චීනය මධ්‍යම ආසියාව නේපාලය භූතානය හා හිමාලයේ අඩි අටදාහකට වඩා වැඩි දුර්ගමය කඳු බෑවුම් ආශ්‍රිතව මෙම කස්තුරි මුවන් වාසය කරනවා. මුවන් බලෙන් අල්ලා ගැනීමෙන් හොඳම වර්ගයේ කස්තුරි ලබා ගත නොහැකි බව චීන ව්‍යාපාරිකයෝ පවසනවා.
ඒවා හැදෙන්නේ කස්තුරි මුවාගේ නාභිය ආශ්‍රිතවයි. කස්තුරි මුවා ගෙන් ලබාගන්නා මේ කෝෂය වාතයෙන් හෝ අව්වෙර් වේලාගැනීම එය සංරක්ෂණයට හොඳ ක්‍රමයක්.
සුවඳක් වහනය වන ද්‍රව්‍යයක් නිසා මේවා හොඳින් වසන ලද වායු නිරාවරණ බඳුනක හෝ ඉතා තුනී යම් පත්‍ර ඇසුරු ලී පෙට්ටිවල අසුරනු ලබනවා. තවද කස්තුරි කෝෂ සැමවිටම කුඩා පසුම්බි තුළ කෝෂ මුව රෝමවලින් අසුරා ආවරණය කරනු ලබනවා. අතීතයේ වැඩිපුරම කස්තුරි මුවන් මරා මේ කස්තුරි ලබා ගත්තත් චීනයේ මුවන් නොමරා ජීවත්ව සිටියදී කස්තුරි ලබා ගැනීමේ නවීන විද්‍යාත්මක ක්‍රමයක් ක්‍රියාත්මක වෙමින් තියෙනවා.
කස්තුරි මුවන්ට අමතරව කස්තුරි සමාන ගඳින් යුත් පදාර්ථ සත්ව හා උද්භිද වර්ගද ලෝකයේ විවිධ ප්‍රදේශවල දක්නට ලැබෙනවා. පිරිසිදු නියම කස්තුරි වැඩි සුගන්ධයක් හමන අතර කටුක තිත්ත ස්වභාවයෙන් යුතු අතර මෘදු ස්පර්ශයෙන් යුතු වෙනවා.
කස්තුරි වලට පවතින දැඩි ඉල්ලුම නිසාම අවශ්‍ය පරිදි ලබා ගැනීමට නොහැකි නිසාත් වියලි ලේ අක්මා ආදී කොටස් සමග බෝංචි තිරිඟු බාර්ලි වැනි ධාන්‍ය වර්ග සමගත් මිශ්‍රකර ඒවා වෙළඳපලේ දක්නට ලැබෙනවා. මේ නිසා කස්තුරිවල පවත්නා ආවේණික ගඳ ඒ සමග මිශ්‍ර වූ පදාර්ථ වලට උරා ගනු ලබන නිසා මෙම මිශ්‍ර කස්තුරි ගන්ධයෙන් අමිශ්‍ර පිරිසිදු කස්තුරි වෙන්කර ගැනීම ඉතාම දුෂ්කර වෙනවා.
බොහෝ චීන සහ ටිබෙට් වෙළඳුන් කස්තුරි නියම තත්ත්වයේ ඒවා දැයි පරික්ෂා කිරීම සඳහා විවිධ ක්‍රම අනුගමනය කරනවා. කස්තුරි ස්වල්පයක් දියට දැමූ විට කැට ගතිය නොවෙනස්ව පවතී නම් පිරිසිදු නියම කස්තුරි වන අතර යම් විදියකින් කස්තුරි ගිනි අඟුරු මත දැමූ විට දියවී බුබුළු නැගෙන්නේ නියම කස්තුරි වලයි.
ඒ වගේම අත්ලට ජලය ටිකක් ගෙන එයට කස්තුරි ස්වල්පයක් දමා සුළු වේලාවකින් අත්ලේ ඇති ජලය රතු හෝ කහ පැහැ වේ නම් ඒවා කෘත්‍රීම කස්තුරි ලෙස හඳුන්වනවා.
වාණිජමය වශයෙන් සැලකීමේදී කස්තුරි ප්‍රධාන වශයෙන්ම රුසියානු ඇමරිකානු හා චීන වශයෙන් වර්ග තුනක් දක්නට ලැබෙන අතර චීන කස්තුරි වල අප්‍රසන්න ගන්ධයක් නැති නිසා මිල අධිකයි. ඇමෝනියා කොලෙස්ටරින් ඕලීන් ගෙලටින් ඇල්බියුබින් පදාර්ථ කස්තුරි වල අඩංගු වෙනවා.
ආයුර්වේද වෛද්‍යයේ කස්තුරි වාපිත් සෙම් තුන්දොස් වලන් ඇතිවන් ව්‍යාධි දුරලන ඖෂධයක් ලෙස සැලකෙනවා.
by Dilki Shamani
Photo Source: Internet
2226 Views
Comments