වෛද්‍ය විද්‍යාවේ අනාගත තාක්ෂණික යෙදවුම්

තාක්ෂණයේ දියුණුව දැඩි ලෙස ව්‍යාප්ත වූ කේෂ්ත්‍රයක් වන්නේ වෛද්‍ය විද්‍යාවයි. නුදුරු අනාගතයේ දී වෛද්‍ය ක්ෂේත්රයට එක් විය හැකි නව තාක්ෂණික යෙදවුම් කීපයක් පිළිබඳ මේ ලිපියෙන් දැනුවත් වෙමු.
රොබෝ ශල්‍ය වෛද්‍යවරු සහ හෙදියන්
මෝටර් රථ නිෂ්පාදන වැනි කර්මාන්ත රාශියක කටයුතු නිවැරදිව පහසු කර ගැනීමට බොහෝ කාලයක සිට රොබෝ යන්ත්‍ර භාවිතා කරනවා. එම තාක්ෂණය රෝහල් තුළට පැමිණීමත් දැක ගැනීමට ලැබෙනවා. බැවිනි da Vinci වැනි ශල්‍ය රොබෝවරුන් දැනටමත් ශල්‍යාගාර තුළ සිදුකරන ශල්‍යකර්ම සඳහා දායකත්වය සපයනවා. මෙන්ම දුර බැහැර සිටින වෛද්‍යවරයෙකුගේ පාලනය යටතේ රොබෝ යන්ත්‍ර හරහා ශල්‍යකර්ම කිරීම දැනටමත් සිදු වෙනවා. මේ ක්ෂේත්රය තුළ රොබෝ යන්ත්‍රවල භාවිතය ඉදිරි වසර කිහිපය තුල වේගයෙන් වර්ධනය වේ යැයි විශේෂඥයන් මත පළ කරනවා. ශල්‍යකර්ම වලට පමණක් සීමා නොවී ඖෂධ රුධිර සාම්පල ආදිය අදාළ තැන්වලට ගෙන යාමට විකිරණ පරීක්ෂාවට ශරීරය හසුරුවා ගැනීමට අපහසු රෝගීන්ට ඒ සඳහා සහය වීමට රොබෝ යන්ත්‍ර භාවිතය ඉදිරියේදී දැක ගත හැකි වනු ඇත.
පර්යේෂණ නිබන්ධන කියවන කෘතිම බුද්ධිය
සෑම වසරකම ලොව පුරා පරීක්ෂණ පත්‍රිකා මිලියන දෙකකට වැඩි ප්‍රමාණයක් ප්‍රකාශයට පත් වෙනවා. කිසිම මිනිස් විද්‍යාඥයකුට මේ සියල්ල හරහා එකතු වන දැනුම අවශෝෂණය කර ගැනීමට හැකියාවක් නැහැ. මේ නිසා Benevolenim AI සමාගම මේ වන විට වෛද්‍ය ක්ෂේත්රයේ පලවන පර්යේෂණ පත්‍රිකා අධ්‍යනය කර නිශ්චිත කරුණක් පමණක් සම්බන්ධව ඇති සියළුම වැදගත් තොරතුරු සොයාගැනීම් ඉස්මතු කර පෙන්වා දිය හැකි කෘතිම බුද්ධි තාක්ෂණයක් නිපදවා තිබෙනවා. ජාන ඖෂධ හා රෝග අතර ඇති මෙතෙක් කල් මිනිස් ඇසට හසු නොවුණු විවිධ අන්‍යෝන්‍ය සම්බන්ධතා පෙන්වා දීමට මෙම අලුත්ම කෘත්‍රිම බුද්ධි තාක්ෂණයට හැකියාව ලැබෙනවා .එමගින් පරීක්ෂණවල ප්‍රතිඵල වලින් හෙළිදරව් වූ කරුණු ප්‍රායෝගිකව ප්‍රයෝජනයට ගත හැකි වීම හැකි වීම වෛද්‍ය විද්‍යාවේ ඉදිරි පිම්මක් ලෙස සැලකිය හැකි වෙනවා.
පිලිකා හදුනාගන්නා කෘත්‍රිම බුද්ධිය
බොහෝ පිළිකාවක ලක්ෂණ පහළ වන්නේ කල්ගත වූ පසුවයි. එය කල්තියා හඳුනා ගැනීමට හැකි නම් ඉන් ජීවිත බේරා ගැනීමට හා ප්‍රතිකාර කිරීම පහසු වෙනවා. සීටී ස්කෑන් යන්ත්‍ර මගින් ලබාගන්නා ඡායාරූප පෙනහළු පිළිකා ආදිය කල් තබා හඳුනා ගත හැකි සාර්ථක ක්‍රමවේදයක්. මීටත් වඩා සාර්ථක ක්‍රමවේදයක් කෘත්‍රිම බුද්ධි තාක්ෂණය හරහා නිර්මාණය කරගත හැකි වෙනවා. ගූගල් සමාගම මගින් පසුගිය වසර දෙක තුළ වර්ධනය කරනු ලැබූ කෘත්‍රිම බුද්ධිය මේ වන විට පෙනහළු පිලිකා හදුනා ගැනීමේදී විකිරණ ශිල්පීන් ඉක්මවා සාර්ථක ප්‍රතිඵල අත්පත් කරගෙන තිබෙනවා ඉදිරියේදී තවදුරටත් වර්ධනය කරගත හැකි මේ කෘතීම බුද්ධි තාක්ෂණය ඔස්සේ ස්කෑන් පරීක්ෂාවකින් තොරව විකිරණ මිනිස් සිරුර නිරාවරණය වීමකින් තොරව පිළිකා අවදානම හඳුනා ගත හැකිවේ යැයි අපේක්ෂා කරනවා.
පැළඳිය හැකි සෞඛ්‍ය උපාංග
ඔරලෝසු ලෙස සහ බ්‍රේස්ලට් වැනි පැළඳිය හැකි සෞඛ්‍ය උපාංග මේ වන විට විශාල ජනප්‍රියත්වයක් අත් කර ගෙන තියෙනවා. මෙයින් රුධිර පීඩනය හදවතේ ස්පන්දනය ශරීර උෂ්ණත්වය මැනිය හැකි වෙනවා. ඉන් ලබාගන්නා දත්ත එක්රැස් කරගැනීම සඳහා විවිධ මාදිලියේ ඇප්ස් ලොව පුරා ප්‍රචලිතව තිබෙනවා. මේ සියල්ල ශරීරයේ ස්වභාවය මැනීම සඳහා පමණක් සීමා නොවී ඒවායින් ලබා ගන්නා දත්ත විශ්ලේෂණය කර පුද්ගල ජීවන රටා අධ්‍යයනය කරමින් අලුත් ඔසු නිෂ්පාදනය කරන බලවත් මෙවලමක් ලෙස යොදා ගත හැකි වෙනවා. Evidation වැනි දත්ත විශ්ලේෂක සමාගම් දැනටමත් පුද්ගලයන්ගෙන් මෙසේ ලබාගන්නා දත්ත විශ්ලේෂණය කරමින් ඒවාට අනුව නිදාගැනීමේ රටා ආහාර රටා වැනි විවිධ මාතෘකා පිළිබඳ පර්යේෂණ පවත්වමින් පවතිනවා. ඒ අනුව නව ඖෂධ නව ප්‍රතිකාර ක්‍රම අත්හදා බැලීමට හැකියාව ලැබෙනවා.
by Dilki Shamani
Photo Source: Internet
1770 Views
Comments