දූෂණය වෙමින් යන මන්නාරමේ වාලුකා ජල නිධිය
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUN
28

දූෂණය වෙමින් යන මන්නාරමේ වාලුකා ජල නිධිය

දූෂණය වෙමින් යන මන්නාරමේ වාලුකා ජල නිධිය

මන්නාරම කියන්නේ පිටිවැල්ලෙන් නිර්මාණය වුණු අලංකාර දූපතක්. පිරිසිදු ජලයේ ඝනත්වය මුහුදු වතුර වල ඝනත්වයට වඩා අඩුයි. ඒ නිසා මුහුදු වතුර මත සැම විටම පිරිසිදු ජලය පාවෙනවා. ජලය හිග මන්නාරම වැනි ප්‍රදේශයක පිරිසිදු ජලය පැවතීම මහා අනර්ඝ සම්පතක්. එහෙත් කල්පිටිය අර්ධද්වීපයට නූතන කෘෂිකර්මය ආක්‍රමණය වීමත් සමග පිරිසිදු ජල නිධි විනාශ වීම ආරම්භ වුණා. මන්නාරම් දූපත ද ඉහත කී ආක්‍රමණයට ලක්වුනා. වැසි ජලයෙන් පෝෂණය වන මන්නාරමේ වෙරළාසන්න වාලුකා ජල නිදිය දූෂණය වෙමින් පවතිනවා. ඒ කිසිවක් නිසා නොව මිනිසාගේ වගා කටයුතු නිසා. එහිදී ඔවුන් භාවිතා කරන රසායනික පොහොර කෘමිනාශක හා වල් පැලෑටි නාශක වැනි නවීන කෘෂි උපක්‍රම භාවිතයෙන් මේ විනාශකාරී ඉරණම අත් වෙනවා.

දැනටමත් අර්ධ ශුෂ්ක දේශගුණයක් පෙන්වන මන්නාරම අතීතයේ වූ වියළි ශීත දේශගුණික තත්වයන්ට මුහුණ දී ඇති බවට එහි නිර්මාණය වී ඇති වැලි කඳු සාක්ෂි දරනවා. වැලි නිධියට යටින් මයෝසීන යුගයේ ඇති අවසාදිත හුණුගල් තට්ටුවක් දක්නට ලැබෙනවා. හුණුගල් සමඟ මිශ්‍ර වන ජලය ගෙන එන්නේ කිවුල් රසක්. හුණු ගලේ ඇති කබොනේට් රසායනිකය ජලයේ දිය වීම ඊට හේතුවයි. නමුත් මන්නාරමේ ජලය එලෙස කිවුල් රසයක් ගෙන එන්නේ නැහැ. එයට හේතුව වී ඇත්තේ එලෙස මිශ්‍රවන ජලය නොඉහළ නොපැමිනිමයි.

එමෙන්ම වාර්ෂිකව එක් වතාවක් පමණක් ඊසානදිග මෝසමෙන් ලැබෙන බොහොමයක් වර්ෂා ජලය ඉතා පහසුවෙන් අධික සවිවරතාවක් දක්වන්නා වූ වැලි හරහා වූ අභ්‍යන්තර ජල නිධියට තව තවත් ජලය එක් කිරීමෙන් ඇති කරන තෙරපුම නිසා මුහුදු ජලය හා පිරිසිදු ජලය අතරේ පවතින මායිම යටට තල්ලු කර හරිනවා.
කාලීනව ඇතිවන වියළි ශුෂ්ක තත්ත්ව හමුවේ වර්ෂා කාලයේදී පිරෙන මන්නාරමේ අනවහිරත ජල නිධියේ ජල මට්ටම අඩු වන අතර දිවයිනේ සිදුවන වගා කටයුතු සඳහාද භාවිතා කිරීම නිසා විවිධ පාරිසරික ගැටලු ඇති කරන්නට හේතුවී තියෙනවා.

 

 

 


ඒ අතරම ප්‍රධාන කාරණය වී ඇත්තේ ජල ජලය දූෂණය වීම. මේ නිසා නිසි ඇගයීමකට ලක් කර මේ වටිනා ජලනිධි ආරක්ෂා කරගත යුතු වෙනවා. පිරිසිදු ජල නිධි හමු වන්නේ වෙරළබඩ කලාපයෙන්. බැවින් වෙරළබඩ ජල නිධි වල ජල මට්ටම අඩුවීම ජලයේ පිරිසුදු භාවය පවත්වා ගෙන යෑමට ගැටලු ඇති කරවනවා. ඒ පිරිසිදු ජල මට්ටම අඩුවීම නිසා මුහුදු ජලය පිරිසිදු ජල නිධියට කාන්දු වෙනවා. එමගින් ජල නිධි වල තත්වය පහතට වැටෙනවා. මේ තත්ත්වය උග්‍ර වන වන්නට හේතු වන්නේ අධික ලෙස ජලය නිධියෙන් උකහා ගන්නට කටයුතු කිරීමයි. ඒ නිසා සෑම විටම මෙවැනි ජල නිධි වල තත්වය කළමනාකරණය කරන්නට කටයුතු සිදු කළයුතු වෙනවා.

 

 

by Dilki Shamani

Photo Source: Internet

views

1160 Views

Comments

arrow-up