ලග්න වලින් කියවෙන ගති ලක්ෂණ - 06

පළපුරුද්දක් ඇති ජ්‍යෝතිශ්ශාස්ත්‍රඥයින්ට පමණක් ඔබ නොදැක වුවද, හඳුනා නොගෙන වුවුද, ඔබගේ ජන්ම පත්‍රය පමණක් පරීක්‍ෂාකර බලා ඔබ ගැන නිවැරැදිව හා පැහැදිලිව සවිස්තරාත්මකව කිව හැකිය. මෙම ලිපියෙන් රාශි 12 අවසාන ලග්න දෙකෙහි හිමිකරුවන්ගේ ස්වභාවය පිළිබඳව අප ඔබව දැනුවත් කරන්නෙමු. ඔබත් මෙම ලිපි පෙළ කියවා ඔබගේ ලග්නයට අයත් ගතිලක්ෂණ නිවැරැදිව හදුනා ගත්තා යැයි අප විශ්වාස කරමු.
> කුම්භ ලග්නය
කාරුණික ඇති තමා සතු සියල්ල වුවද පරිත්‍යාග කිරීමට තරම් අය වෙති. ආගම දහමට ලැදියි එහෙත් එතරම්ම නොවෙයි. එක් කටයුත්තක නිරත වන විට තවත් කටයුත්තකට අත ගසයි. බොහෝ සෙයින් හුදකලාව විසීමට ප්‍රිය කරන මොවුන් කිසිවෙකුට කරදරයක් නොවී ජීවත් වන්නට උත්සහ කරයි. තරමක් දුරට කාමුක ගති පැවතුම් වැඩිය. අනෙක් අයට අවවාද අනුශාසනා දීමට සමතෙකි. දෙයක් ලබා ගැනීමට හැකි සෑම ක්‍රමයක්ම ඔවුන් භාවිතා කරයි. ඉවසීම උපරිම වන අතර තරහවද උපරිම වේ. චාම් යහපත් ලෙස ජීවත් වන්නට උත්සහ දරයි. අනුන්ගේ දුක, විපත් තමන්ගේ වාසියට හරවා නොගනියි. නිතර නිතර සතුරු කරදර ඇති වේ. වයස්ගත වීමත් සමගින් තනිව ජීවත් වීමට හිත යොමුවේ.
> මීන ලග්නය
අසීමිත ලෙස මනුස්සකම පිරි හිත උණුවන අයෙකි. ගුණයහපත් බවින් ඉහළයි. සතුරන්ට පවා මෛත්‍රී කරයි. එනිසාම බොහෝවිට හිත් වේදනා, ලාභ, අලාභ සිදුවුවද මෙම ලග්නයෙහි අය ඒ ගැන එතරම්ම නොසිතයි. කලාකාමී අය වෙති. රසකාමීද වේ. නිස්කලංකව ජීවත් වීමට කැමැත්තක් දක්වයි. අවශ්‍ය දෙයට මිස අනවශ්‍ය දෙයට කථා නොකරන අය වන මොවුන් කරන කියන බොහෝ දේ තනි තීරණ මත සිදු කරයි. සමාජ සේවා වලට යම් තාක් දුරට නිරත වෙයි. ආකර්ෂණීය කතාව, ගමන බිමන, හිනාව ඇත. වැඩකට යෙදුනහොත් එය අවසාන කරන තුරු අන් කිසිවක් කෙරෙහි සිත යොමු නොවේ. යමෙකු ලෙහෙසියෙන් අත් නොහරින අතර අත් හැරුණු අය කිසිවිටෙකත් ළංකර නොගනියි. පුංචි දෙයටත් හිත් රිදීම් ඇතිවී පසුතැවෙයි. පිළිවෙළට අන් අය සමග තම වැඩකටයුතු කළ යුතු අතර එසේ නොවුවහොත් තමන් තනිවම වුවද එම කාර්යය ඉටු කිරීම මෙම ලග්න හිමියන්ගේ ගති ලක්ෂණයකි.
by Kaushalya De Silva
Photo source : Internet
814 Views
Comments